මෙම දත්ත පද්ධතිය මගින් නගර පිළිබඳව අවධානය යොමු කර ඇති අතර, නගර පරිපාලනය කරනු ලබන්නේ පළාත් පරිපාලනය විසිනි. එබැවින් මෙම කොටස අදාළ පළාතේ නගර පිළිබඳව කේන්ද්‍ර කොටගත් සංසන්දනාත්මක දත්ත පිළිබිඹු කරයි. පළාත් පාලන නිලධාරීන් විසින් මෙම පළාත හා අදාළ පිටු අධීක්ෂණය කරනු ඇති අතර එහි ඇතුලත් කර ඇති ඕනෑම දත්ත කොටසක් මෙතැනින් ලබා ගත හැකිය. පළාත් ධජය මත ක්ලික් කිරීමෙන් අදාළ පළාතේ තොරතුරු ඇතුලත් පළාත් පිටුවට පිවිසිය හැක. එහිදී ඔබට සංඛ්‍යා දත්ත තොරතුරු, ඉඩම් පරිභෝජනය පිලිබඳ අවකාශීය දත්ත මෙන්ම නාගරික ව්‍යාප්තිය පිලිබඳ තොරතුරු වෙත ද පිවිසිය හැකිය. සාමාන්‍ය තොරතුරු අදාළ පළාතට අදාළ තේමාත්මක ප්‍රදේශ අනුව ඉදිරිපත් කර ඇති අතර සංඛ්‍යා දත්ත ප්‍රස්තාර හා වගු ආකාරයෙන් ද ලබා ගත හැකිය.