නගරයක් යනු විශාල මිනිස් ජනාවාසයකි. එහි වැදගත්ම ගාමක බලවේගය මිනිසාය. නගරයක සක්‍රීයත්වය පදනම් වන්නේ මිනිසා හා ඔහුගේ ක්‍රියාකාරීත්වය මතය. නගරයක් තුළ වෙසෙන ජනගහණයේ සංයුතීන් හා ඔවුන්ගේ විවිධාකාර හැකියාවන් පිළිබඳ පූර්ව අවබෝධයක් ලබා ගැනීම සාර්ථක නාගරික අධ්‍යයනයක මූලික පියවර විය යුතුය.
පවතින භෞතික සීමාව තුළ ජනවිකාශන හා සංයුතියේ රටා හඳුනා ගනිමින් සිදුකරන පුරෝකථනයන් තුළින් වඩා යහපත්ව ජීවත් විය හැකි සැලසුම්සහගත නගරයක් නිර්මාණය කරනු ඇත.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
රත්නපුර මහා නගර සභා සීමාව තුළ සමස්ත ජනගහනයෙන් 48.61%ක් පුරුෂයන්ද 51.39% ස්ත්‍රීන්ද වෙයි.
වයස් අනුව මුළු ජනගහනය ප්‍රතිශතාත්මක ලෙස බෙදී ගොස් ඇත්තේ 15 ට අඩු ළමයින් 23.27% ලෙසත්, 15 - 29 අතර වයසේ පසුවන්නන් 23.56% ලෙසත්, 30-59ත් අතර වයසේ සිටින්නන් 40.28% ලෙස හා 60ට වැඩි මහලු ජනගහනය 12.9% ලෙසත් ය.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
රත්නපුර මහා නගර සභාවේ, සිංහල ජනගහනය සියයට 79.4 ක් ද, සියයට 12.2 ක් ශ්‍රී ලංකා මුවර් ජනතාවද, සියයට 7.0 ද්‍රවිඩ ජනතාවද, තවත් සියයට 1.5 ක් අනෙකුත් ජන කණ්ඩායම් සඳහාද වෙන් වේ.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
මෙහි, පුරුෂයන් සිය දෙනෙකු ගත්විට, ඒ හා සාපේක්ෂව සිටින කාන්තාවන් ප්‍රමාණය පිළිබඳ දත්ත දැක්වේ. ඒ අනුව සලකා බලන කල, සියලු වයස් කාණ්ඩ වල පුරුෂයින් ප්‍රමාණය හා සාපේක්ෂ කාන්තාවන් ප්‍රමාණය ඉහල අගයක් ගන්නා බව දැක්වේ.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
මෙම දත්ත මගින් ප්‍රදේශයේ ස්ත්‍රී මූලික කුටුම්භයන් හා පුරුෂ මූලික කුටුම්භයන්, ජාතික සාමාන්‍ය අගය හා දැක්වේ.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
රත්නපුර නාගරික ප්‍රදේශයේ සංක්‍රමණික ජනගහනය දත්ත මගින් දර්ශනය වේ. ඔවුන්ගෙන් බහුතරයක් වසර දහයකට වැඩි කාලයක් ප්‍රදේශයේ පදිංචිකරුවන් ලෙස වර්ගීකරණය කර ඇත.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
මෙම දත්ත අනුව, බහුතර සංක්‍රමණිත කාන්තාවන් විවාහයෙන් පසු නගරය තුලට සංක්රමණය වී ඇති අතර, සංක්‍රමණිත පුරුෂයන් නගරය තුළ රැකියා අවස්ථා ඔවුන් නගරයට පැමිණීමේ ප්‍රධාන හේතුවක් ලෙස දක්වයි.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
නගරය තුල සිටින ජනතාවගේ, ඒ ඒ ජන කොටස් අනුව භාෂා හැකියාවන් මෙම දත්ත මගින් පැහැදිලි කෙරේ.
අධ්‍යාපනය, සමාජයක සංවර්ධනය පිළිබිඹු කරන ප්‍රධාන සාධකයකි. අධ්‍යාපනය පිළිබඳ දර්ශකයන් නාගරික සංවර්ධනය පිළිබඳ පුළුල් පැතිකඩක් දක්වමින් ඒ සදහා විශාල දායකත්වයක් සපයයි.
දිළිඳුකම පිටුදැකීම හා අධ්‍යාපනය අතර සෘජු සම්බන්ධතාවයක් ඇති අතර සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි අදාළ දත්ත හා දර්ශකයන් ඉතාම වැදගත් වේ. මන්ද යත්, මනා අධ්‍යාපනයක් තුළින් ඉහළ වැටුප් ලබන විධිමත් රැකියාවක් ලබාගැනීමටත්, අවිධිමටත් ආර්ථික කටයුතුවල යෙදෙන්නන් හට වඩා හොඳ ජීවනෝපායක් ලබා ගැනීමටත්, අවසානයේදී පරම්පරානුගතව පැවතගෙන එන දිළිඳු බවින් මිදීමටත් මංපෙත් සැලසීමත් ය.
දියුණු අධ්‍යාපන ආයතන වෙත යොමුවීම මගින් මහජනයා ස්වයං රැකියාවක නියුතු වුවද, නැතහොත් ශ්‍රම බලකායේ කොටසක් ලෙස කටයුතු කලද, යහපත් ආර්ථික ස්ථාවර තත්වයක් ලබා ගැනීම පහසු කරවයි. නගරයක ජනතාව ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික අධ්‍යාපනය මෙන්ම වෘත්තීය මධ්‍යස්ථාන හරහා නිපුණතා සංවර්ධනය කරගනු ලබන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීමෙන් එම නගරයේ සංවර්ධනය කෙතරම් යහපත් ලෙස සිදු වේද යන්න හෝ එහි තවදුරටත් සංවර්ධනය කළ යුතු කොටස් පිළිබඳ කරුණු අවබෝධ කරගත හැකිය.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
රත්නපුර මහා නගර සභාව තුල ස්ත්‍රී පුරුෂ භාවය අනුව අධ්‍යාපන මට්ටම මෙම දත්ත මගින් දැක්වේ.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
නගරයේ ජනතාවගේ අධ්‍යාපන මට්ටම මෙම දත්ත මගින් විස්තර කරයි. වැඩිම සිසුන් පිරිසක් ද්වීතියික අධ්‍යාපන මට්ටමට දක්වා අධ්‍යාපනය ලබා ඇති බව මෙම දත්ත මගින් පැහැදිලි වේ.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
2012 වසරේ දී රත්නපුර නගරයේ ජනතාවගේ වයස් කාණ්ඩය අනුව පරිගණක සාක්ෂරතා අනුපාතය මෙම දත්ත මගින් පෙන්නුම් කරයි.
නගරයක වර්ධනය හැඩගැන්වීමේ ලා මහා මාර්ග හා ප්‍රවාහන සබඳතා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ඕනෑම නගරයකට පවතින ප්‍රවාහන සම්බන්ධතා හා අදාළ පහසුකම්, නගරයේ ස්වයංක්‍රීය වර්ධනය වේගවත් කරයි.
බස්රථ සහ දුම්රිය ප්‍රවාහනය , භාණ්ඩ ප්‍රවාහනය , ගුවන් තොටුපලවල් හා ප්‍රවාහන පද්ධති හා අදාළ සියලු කටයුතු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු එකම ගොනුවක පැවතීම මෙහිදී වඩා කාර්යක්ෂම වේ.
තිරසාර සංවර්ධන ඉලක්ක 11.2 අනුව, ආරක්ෂිත, සියලු දෙනා හටම දැරිය හැකි, පහසුවෙන් ලගාවිය හැකි හා තිරසාර ප්‍රවාහන පද්ධතියක් සඳහා මාර්ග ආරක්ෂාව, පොදු ප්‍රවාහනය , අවදානම් තත්ත්වයන් පිලිබඳ තොරතුරු මෙහි ඇතුලත් වේ. කාන්තාවන්ගේ, දරුවන්ගේ, ආබාධ සහිත පුද්ගලයින්ගේ සහ වැඩිහිටියන්ගේ අවශ්‍යතා සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් මෙම තොරතුරු සංවර්ධන ඉලක්ක වෙත ලගාවීමෙහි ලා භාවිතා කල හැක.
මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය
රත්නපුර මහා නගර සභාවේ පෙරවරු 7 සහ 9 අතර කාලය තුල ඉහලම වාහන තදබදය වාර්තා වන අතර, පාසැල් සහ කාර්යාල කටයුතු සඳහා ගමනාගමන පහසුකම් සලසාගන්නා පිරිස් මේ සඳහා හේතු විය හැක.
මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය
උදෑසන 6 ත් සවස 6 ත් අතර කාලය තුල රත්නපුර මහ නගර සභා ප්‍රදේශයට පැමිණෙන වාහන ප්‍රමාණයෙන් වැඩිම ප්‍රතිශතයක් (83%) යතුරුපැදි /මෝටර් රථ / වෑන් / ජීප් රථ වැනි පෞද්ගලික වාහන වන අතර, බස් රථ සඳහා 6% ක පමණ සුළු ප්‍රතිශතයක් වෙන් කෙරේ.
මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය
මෙම දත්ත මගින් එක් එක් ප්‍රවාහන මාධ්‍ය හා එහි මගීන් සංඛ්‍යාව විස්තර කරයි. බස්රථ මගින් ප්‍රවාහන පහසුකම් සලසාගන්න මගීන්ගේ ප්‍රමාණය මේ අනුව ඉහල මට්ටමක පවතිනා බව පැහැදිලි වේ.
මූලාශ්‍රය - ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව
හදිසි අනතුරු යනු අනවශ්‍ය හෝ අනපේක්ෂිත සිදුවීමකි. නොවැළැක්විය හැකි අනතුරක් මාරාන්තික හෝ අවාසනාවන්ත හානිකර සිදුවීමක් යන සංකල්පයට අයත් වේ. අධිවේගී මාර්ගයක ගමන් කරන මෝටර් රථ වාහන, පුද්ගලයින් හෝ දේපළ සමඟ ගැටීමෙන් අනතුරක් සිදු වේ.
වාහනයක් සහ වෙනත් වාහනයක් අතර අනතුරක් සිදුවිය හැකිය, වාහනයක් පුද්ගලයෙකු සමඟ ගැටීම, චලනය කළ හැකි හෝ වෙනස් කළ නොහැකි දේපළක් සමඟ වාහනයක් ගැටීම, වාහනයක් පාරෙන් ඉවතට යන විට, පුද්ගලයෙකු වෙනත් පුද්ගලයෙකු සමඟ ගැටීම හෝ ස්වාභාවික හෝ මිනිසා විසින් සිදුකරන ව්‍යසනය හේතුවෙන් අනතුරක් සිදුවිය හැකිය.
පසුගිය වසර කිහිපයක් ඇතුළත රත්නපුර පොලිස් කොට්ඨාස සීමාව තුළ සිදුව ඇති මාරාන්තික රිය අනතුරු පිළිබඳව මෙහි විස්තර වේ. එපමණක් නොව අනතුරු වර්ගීකරණය සමගින් සමස්ථ රටම ආවරණය වන පරිදි වැඩිදුර විස්තර පහත දත්ත ගොනුව තුළ අන්තර්ගත වේ.
මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය
මෙම දත්ත මගින් ප්‍රදේශයේ පදිකයන්ගේ ගමනාගමන රටා පිළිබඳ විස්තර කරයි
නගර, මෙරට ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන සාධකයක් වන අතර, ශ්‍රී ලංකාවේ නගරවල ආර්ථීක වෙනස්වීම් වල පැතිකඩ පිළිබඳ යතාර්ථවාදී චිත්‍රයක් ගොඩනැගීමට ඒ හා සමගාමී විශ්ලේෂණ තිබීම අතිශය වැදගත් වේ.
ලංකාවේ නගරවල ආර්ථික පසුබිම වටහා ගැනීමට නම් රටක් ලෙස එහි ඵලදායීතාව ගෝලීය වශයෙන් ඇති තරගකාරිත්වය සමඟ සැසදීම සිදුකළ යුතුමය.ඒ සඳහා මානව ප්‍රාග්ධනය හා සබැඳි ශුම බලකා සහභාගිත්වය පිළිබඳ අධ්‍යනයක් මෙන්ම නගර සංවර්ධනයේදී මුහුණදෙන ප්‍රධාන බාධාවන් වන ශ්‍රම වෙළෙඳ පොළේ අවාසි, ආර්ථික අවදානම වැනි තත්ත්වයන් තේරුම් ගැනීම පූර්වයෙන්ම කළ යුතුවේ.
මෙහි ඇති ආර්ථික විශ්ලේෂණ තුළින් ප්‍රාදේශීය වශයෙන් නාගරික සංවර්ධනයට හා නාගරික ජනාවාසවල දියුණුවට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වය හා එහි විභවතාවන් හඳුනාගැනීමටත් අදාළ බලප්‍රදේශය තුළ ශ්‍රම බලකාය උපරිම වශයෙන් භාවිතා කරමින් කුසලතාවන්ට සරිලන ප්‍රදේශයට ආවේණික වෙළෙඳපොළක් හදුනා ගැනීමේ හැකියාවත් හිමිවේ.
මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය
නගර වල තරගකාරිත්වය පිලිබඳ දර්ශකයේ හයවන ස්ථානයේ රැදී සිටින්නේ රත්නපුර නගර සභාවයි.
මූලාශ්‍රය - ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව 2017
මෙම දත්ත අනුව රත්නපුර මහ නගර සභාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ ක්‍රමික වැඩිවීමක් පෙන්නුම් කරයි.
නාගරික ප්‍රදේශ සැලසුම් කිරීමේදී , මූල්‍ය සැලසුම්කරණය හා කළමනාකරණය කෙසේ සිදුකල යුතුද යන්න රජය (ප්‍රාදේශීය, කලාපීය හා ජාතික) සහ එහි පාර්ශවකරුවන් විසින් තීරණය කරනු ලබන ක්‍රියාවලිය නගර පරිපාලනය හා බැඳේ. එසේම මෙය,සමාජයීය, භෞතික සම්පත් හා දේශපාලන බලය නිසි තැනට නිසි ලෙස බෙදී යාම පිලිබඳ නිර්ණය කෙරෙනා අඛණ්ඩ ක්‍රියාවලියකි.
ශ්‍රී ලංකාවේ නාගරික පරිපාලනයේ මූල්‍ය ප්‍රත්‍යස්ථතාවය , සේවා ප්‍රතිපාදනය සහ ආර්ථික ගතිකත්වය කෙරෙහි මෙහිදීඅවධානය යොමු කරයි.
මෙහි ඇති තොරතුරු, පවතින ද්විතීක තොරතුරු, බිම් මට්ටමින් සිදුකරන ලද සමීක්ෂණ හා තොරතුරු රැස්කිරීම් මෙන්ම පාර්ශවකරුවන් හා සිදුකල විස්තරාත්මක සාකච්ඡා වෙත අනුගත වේ.
නාගරික කළමනාකරණය, රාජ්‍ය පරිපාලනය, නාගරික මුදල්, අයවැයකරණය සහ කළමනාකරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය, පුරවැසි සහභාගිත්වය සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ තොරතුරු ආදී වටිනා දත්ත සමුදායක් මෙහි අන්තර්ගත වේ.
මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය
නගර පරිපාලන දර්ශකය අනුව රත්නපුර නගරය හයවන ස්ථානයේ රැදී සිටින බව පැහැදිලි වේ.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකාව, පළාත් පාලන ආයතන අනුව එහි ජනගහනය හා විශාලත්වය අනුව වර්ග තුනකට බෙදී ඇත. ඒ මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ලෙසයි. මාර්ග, සනීපාරක්ෂක කටයුතු, කානු, අපද්‍රව්‍ය එකතු කිරීම, නිවාස, පුස්තකාල, පොදු උද්‍යාන හා අනෙකුත් පහසුකම් ඇතුළු විවිධ සේවාවන් සැපයීම සඳහා ඔවුන් වගකිව යුතු ය. මෙම දත්ත මඟින් පලාත් පාලන ආයතනයන්හි බෙදී යාම දැක්වේ. සබරගමුව පළාත මහා නගර සභා එකකින් නගර සභා තුනකින් සහ ප්‍රාදේශීය සභා විසිපහකින් සමන්විත වන අතර, පළාතේ ප්‍රධාන නගරය රත්නපුර නගරයයි.
ශ්‍රී ලංකාවේ මුල්කාලීන නාගරික ජනාවාස උරුමය - ඉතිහාසය, රටාවන්, ඉඩම් භාවිතය සහ නිවාස වැනි ප්‍රවණතා සහ ඒ සමඟ ඇතිවන සංවර්ධන අභියෝගයන් මෙහි සලකා තිබේ.
නිවාස අවශ්‍යතා , යටිතල පහසුකම් හා සංවර්ධන සඳහා වන වියදම්, මූලික අවශ්‍යතා සපුරාලීම මුල්කරගත් නාගරික සැලසුම්කරණය, නාගරික ඉඩම් පරිහරණය සහ ඉඩම් සංවර්ධනය පිළිබඳ තොරතුරු ඇතුලත් තොරතුරු සමුදායක් මෙම අංශය මගින් ගොනුකොට තිබේ . මෙහි SDG 11.1 ට අදාළ දර්ශක ද භාවිතා කර ඇත. සමාජ ආරක්ෂණ වැඩසටහන් සහ සෞඛ්‍ය, ජලය සහ සනීපාරක්ෂක සේවාවන්ගේ ජනගහනය මෙ මගින් ආවරණය වේ. SDG ඉලක්ක 11.7 වෙත ද අවධානය යොමු කරනු ලැබේ.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
රත්නපුර මහා නගර සභා බල ප්‍රදේශය තුළ නිවාස වර්ග කිරීම අනුව නිවාසවල බහුතරයක් (සියයට 93.4 ක් පමණ) තනි තට්ටුවක් සහ තට්ටු දෙකක් සහිත නිවාස බව දැක්වේ.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
රත්නපුර නගරයේ 2012 වසරේදී නිවාස 89.8% කට ආසන්න ප්‍රමාණයක් ස්ථීර නිවාස බව මෙම දත්ත මගින් දැක්වේ.
නගර වැසියන්ගේ යහපත් ජීවන තත්වය සහතික කිරීම නාගරික සේවාවන්ගෙන් යුතු විය යුතු මුලික කාර්ය භාරයයි
නාගරික මධ්‍යස්ථාන ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට ඉවහල් වන ප්‍රධාන සේවාවන් සපයයි. වාහන ලියාපදිංචි කිරීමේ සේවා, සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම වෙත ප්‍රවේශය සහ අතිරේක සේවාවන් රාශියක් වැනි ප්‍රධාන රාජ්‍ය පරිපාලන කාර්යයන් නගර විසින් සපයනු ලැබේ.
නාගරික මධ්‍යස්ථාන පදිංචිකරුවන්ට සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා සපයයි: ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සහ අධ්‍යාපනයක් සඳහා සමාන ප්‍රවේශයක් ලබා දීම. සමාජ විනෝදාත්මක ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැලසීම සහ පුස්තකාල, ප්‍රජා මධ්‍යස්ථාන සහ ක්‍රීඩා පහසුකම් වැනි ප්‍රජා සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා සේවාවන් ද ඒවාට ඇතුළත් ය. සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහා වඩාත් යහපත් අනාගතයක් සුරක්ෂිත කිරීම සඳහා ගුණාත්මක සේවා සහතික කිරීම තීරණාත්මක අංගයකි.
මූලාශ්‍රය - IWMI Publication - Solid and Liquid Waste Management and Resource Recovery in Sri Lanka: A 20 city analysis
MC collects about 30MT of waste everyday and only 50% of the collected waste is sorted into organic and inorganic waste at the source of generation. Essentially, residential sources contribute to 45% of the waste collection. Waste collection schedule is such that the waste in the urban center, common areas and the areas located along main roads are collected daily as door-to-door collection whereas the byroads are visited 03 days per week to collect the waste generated in the entities located along the byroads. At present, the MC practices to open dump the majority of the collected waste in a land belonging to the municipal Council in Kanadola area. The dumpsite is located about 3.5 km away from the council office. There is also a Compost plant and a recycling centre located in the same land in Kanadola. In general, collected solid waste is brought to the disposal site and about 3 tons of waste is used to produce compost. About 1% of the waste is being recycled and the rest (approx.26 tons) is disposed following the method of open dumping. This site is located at a high elevated area with a steep slope to the ground below where the agricultural and residential areas are located. Consequently, impacts on humans and the agriculture caused by the current waste disposal practices appears to be extreme. According to the households in the downside, paddy fields situated immediately down to the dump is not being cultivated due to the possible contaminations from solid wasteAt present, the MC practices to open dump the majority of the collected waste in a land belonging to the municipal Council in Kanadola area. The dumpsite is located about 3.5 km away from the council office. There is also a Compost plant and a recycling centre located in the same land in Kanadola. In general, collected solid waste is brought to the disposal site and about 3 tons of waste is used to produce compost. About 1% of the waste is being recycled and the rest (approx.26 tons) is disposed following the method of open dumping. This site is located at a high elevated area with a steep slope to the ground below where the agricultural and residential areas are located. Consequently, impacts on humans and the agriculture caused by the current waste disposal practices appears to be extreme. According to the households in the downside, paddy fields situated immediately down to the dump is not being cultivated due to the possible contaminations from solid waste.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
නල ජලය සහ විදුලිය සඳහා ඉතා යහපත් සේවා සැපයුම් ජාලයක් රත්නපුර නගරය තුල වාර්තා වේ.
මූලාශ්‍රය - JICA
ප්‍රදේශයේ ඝන අපද්‍රව්‍ය එක්රැස් කිරීම හා බැහැර කිරීම පිලිබඳ දත්ත මෙහි දැක්වේ.
නගරය සියල්ලන් සදහාම ජීවත් විය හැකි පරිදි සුදුසු පරිසරයකින් සමන්විත විය යුතුය. වායු දුෂණය සහ ජලයේ ගුණාත්මක භාවය, පරිසරයේ පැවැත්ම හා සුරක්ෂිත භාවය මෙන්ම සෞන්දර්යාත්මක හා ඓතිහාසික කරුණු පිළිබඳවද මෙහිදී පැහැදිලි අදහසක් ලබාගැනීම වැදගත් වේ.
ආපදා අවදානම මෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ අවදානය, නුතනයේ පාරිසරික සාදක හා සබැඳි තවත් වැදගත් අංගයකි. නගර තුල ඉඩම් පරිහරණ සැලසුම් කිරීමේදී මෙවන් පාරිසරික තත්වයන් හා සාධක ප්‍රමුඛ ස්ථානයක ලා සැලකිය යුතුය.
මූලාශ්‍රය - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
රත්නපුර නගරය පිහිටා ඇත්තේ කළු ගංගාවේ ගංවතුරට යටවන තැනිතලා ප්‍රදේශය ආසන්නයේය. ඉතිහාසයට අනුව නගරය නිතරම ගංවතුර තත්ත්වයන්ට ගොදුරු විය. වසර 2012 සිට 2017 දක්වා පවතින ගංවතුර වාර්තා සලකා බැලීමේදී, ගංවතුර සිදුවූ බවට වාර්තාගතව ඇත්තේ 2014 සහ 2017 වසර වල පමණි. දීර්ඝ කාලයක් තිස්සේ සිදුකල ගංවතුර අවම කිරීමේ පියවර මෙම තත්වයට හේතුව විය හැකිය. රත්නපුර දිස්ත්‍රික් මට්ටමේ දත්ත සමඟ සසඳන විට ගංවතුර වාර්තා 2014, 2016 සහ 2017 වසර සඳහා ලබා ගත හැකිය.
මූලාශ්‍රය - Department of Meteorology
Here is the change in the annual values of air temprature from 2006 to 2013. According to the Ratnapura Observatory station, air temprature in the area is calculated separately for each month and more information can be downloaded from the following detailed statistics.
මූලාශ්‍රය - Department of Meteorology
Here is the change in the annual values of rainfall from 2008 to 2013. According to the Ratnapura Observatory station, rainfall in the area is calculated separately for each month and more information can be downloaded from the following detailed statistics.
මූලාශ්‍රය - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
වසර 1974 සිට 2017 දක්වා විටින් විට නගරයට බලපෑ ස්වභාවික උවදුරු පිළිබඳ මෙහි තොරතුරු දැක්වේ.
මූලාශ්‍රය - ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය
නගරයේ ඇති දූෂිත වායු පිළිබඳ මෙම දත්ත විස්තර කරයි. නිර්දේශිත සල්ෆර් ඩයොක්සයිඩ් (SO2) සහ නයිට්‍රජන් ඩයොක්සයිඩ් (NO2) මට්ටම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව වේ.
රත්නපුර නාගරික බල ප්‍රදේශය: හෙක්ටයාර 2266 කින් යුතු රත්නපුර මහා නගර සභා සීමාව මෙයින් දැක්වේ.
රත්නපුර මහ නගර සභා පරිපාලන සීමාවට අයත් ග්‍රාම නිලධාරි වසම්හි ව්‍යාප්තිය පිළිබඳ සිතියම: රත්නපුර මහ නගර සභාවට ග්‍රාම නිලධාරි වසම් 18ක් ඇතුළත් වන අතර ඒවායෙහි සිටින ජනතාවගේ ස්ත්‍රී පුරුෂ බව / ජනවාර්ගිකත්වය / වයස් සංයුතිය පිළිබඳ තොරතුරු වැඩිදුරටත් මෙහි අඩංගු වී ඇත.
කළු ගඟ පිටාර ගැලීම හේතුවෙන් ඇතිවන රත්නපුර ගංවතුර පිලිබඳ සිතියම: නගරය හරහා ගලා යන කළු ගඟ හේතුවෙන් නිරන්තරයෙන් ගංවතුර අවදානමට ලක්වීම රත්නපුර නගරයේ විශේෂත්වයකි. 2003 වසරේ ඇති වූ වාර්තාගත ගංවතුර මට්ටම මෙම සිතියමෙහි දක්වා ඇත.
රත්නපුර නගරයේ නායයාමේ අවදානම දැක්වෙන සිතියම: ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනයට අනුව මෙහි රත්නපුර නගරයේ අවදානම් කළාපයන් ඉහල අවදානම්, මැදි අවදානම් හා අඩු අවදානම් ලෙස කොටස් තුනක් යටතේ වර්ගීකරණය කර ඇත.
ඉතා සීමිත සම්පතක් වන භූමිය සහ ඉඩම් නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් බොහෝ ප්‍රතිලාභ ලැබිය හැකිය.
විශේෂයෙන්ම භාවිතය සඳහා සුදුසු ඉඩම් වල හිඟයක් ඇති නාගරික ප්‍රදේශ සඳහා මෙය වඩා වැදගත් වේ. වැඩි වන ජනගහනයකට සරිලන පරිදි සැලසුම් සහගත නගර නිර්මාණය කිරීම සඳහා, වර්තමානයේ දී ඉඩම් පරිහරණය පිළිබඳ මනා අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වේ. වර්තමාන භූමි පරිභෝජනය පිළිබඳ අවබෝධ කර ගැනීමටත්, ඉඩම් වෙන් කර ඇති ආකාරය සහ ඒවා අද අපගේ නගරවල භාවිතා කරන්නේ කුමන ආකාරයෙන්ද යන්නත් තේරුම් ගැනීමට පරිශීලකයින්ට ඉඩම් පරිහරණ සිතියම් මගින් තොරතුරු සපයයි.
මෙහි ඉදිරිපත් කර ඇති ඉඩම් පරිහරණ සිතියම් "ඉදිකළ / ඉදිනොකළ" ලෙස ප්‍රධාන කොටස් දෙකකට සහ ඒවායේ උප කාණ්ඩ 36 කට වර්ග කර ඇත. සිතියම් මත ක්ලික් කිරීම සහ සිතියම් කොටස් වෙන වෙනම අක්‍රිය හා සක්‍රිය කිරීමේ පහසුකම මෙහි පවතින අතර එමඟින් පරිශීලකයාට කාණ්ඩ හෝ උප කාණ්ඩ තෝරා ගැනීමට ඉඩ ලබා දේ. මෙම එක් එක් උප කාණ්ඩවල ඉඩම් ප්‍රමාණය සිතියම් ප්‍රදේශයට පහළින් ඇති ප්‍රස්ථාරවල දක්වා ඇත. මෙය වඩා යහපත් තීරණ ගැනීමේ ක්‍රියාවලීන් වැඩි දියුණු කරන මෙවලමක් වනු ඇතැයි විශ්වාස කෙරේ.
හෙක්ටයාර 2266 ක් පුරා පැතිරී ඇති ගාල්ල මහ නගර සභාවට ග්‍රාම නිලධාරී වසම් xx ක් පමණ ඇතුළත් වේ. (නගර තොරතුරු යටතේ වන තේමා සිතියම්හි එය විස්තරාත්මකව දක්වා ඇත)
සබරගමු පළාතේ ප්‍රධාන නගරය ලෙස හඳුන්වන රත්නපුර මහ නගර සභා සීමාව තුළ ඉදිකිරීම් සහිත භූමිය හෙක්ටයාර 1088 ක අගයක් ගන්නා අතර එය සමස්ත භූමි ප්‍රමාණයෙන් xx % කි. ඉදිකිරීම් රහිත භූමිය හෙක්ටයාර 1177 ක ප්‍රමාණයකින් සමන්විත වන අතර එය සමස්ත භූමි ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස xx % කි.
ඉදිකළ භූමිය නේවාසික, වාණිජ, ආයතනික, කාර්මික, ප්‍රවාහන, පොදු අවකාශයන්, සංස්කෘතික හා ඉදිකරමින් පවතින ලෙස ප්‍රධාන කොටස් 8ක් යටතේ ද ඉදි කිරීම් රහිත භූමිය කෘෂිකාර්මික, ජලය, වනාන්තර, සංරක්ෂිත, වගුරු බිම් , වෙරළබඩ ප්‍රදේශය හා හිස් ඉඩම් ලෙස නැවත උප කොටස් 7ක් යටතේ වර්ගීකරණය කර ඇත. ඉදි කිරීම් සහිත භූමිය නැවතත් උප කොටස් 30ක් යටතේ ගොනු කර ඇත. (අදාළ භූමි පරිභෝජනය පිළිබඳ වැඩිදුර තොරතුරු භූමි ප්‍රමාණය සමඟ මෙහි පහතින් ප්‍රස්ථාර ගත කර ඇත)
නේවාසික භාවිතය සඳහා සමස්ත නාගරික භූමියෙන් xx % ක් වන අතර එය හෙක්ටයාර xxx කි.
වාණිජ, කාර්මික හා ආයතනික කටයුතු සදහා පිළිවෙලින් හෙක්ටයාර xx , xx හා xx ක් ලෙස වෙන් වී ඇති අතර සමස්ථ භූමියෙන් පිළිවෙලින් එය xx %, xx % හා xx % ලෙස වේ.
එක්සත් ජාතීන්ගේ ජනාවාස වැඩසටහනේ ගෝලීය නාගරික නිරීක්ෂණාගාරය මගින් පසුගිය වසරේ ප්‍රකාශයට පත් කරන ලද "Streets as Public Spaces and Drivers of Urban Prosperity" වාර්තාවට අනුව, මහජනයා සඳහා වෙන්වූ පොදු අවකාශ ගණයට හරිත උද්‍යාන පමණක් නොව තාර හෝ වෙනත් අයුරකින් නිර්මිත වීථි ද ඇතුළත් විය යුතු බව දක්වා තිබේ. ඒ අනුව සමස්ථ භූමියෙන් 40 - 50 ක ප්‍රතිශතයක් පොදු අවකාශයන් සඳහා විය වෙන් යුතු බවත්, එයින් 30 - 35 ත් අතර ප්‍රතිශතයක් වීදිවලට ද 15 - 20 ක් අතර ප්‍රතිශතයක් හරිත උද්‍යාන/ චතුරශ්‍ර සදහාද වෙන් විය යුතු බව ප්‍රකාශ කර ඇත.
මහනුවර නාගරික සීමාව තුළ වීථි හා මහා මාර්ගයන් සදහා වෙන්වී ඇත්තේ xx % ක ප්‍රමාණයක් වන අතර පොදු අවකාශයන් සදහා සමස්ථ භූමියෙන් xx % ක ප්‍රමාණයක් වෙන්වී ඇත. "Streets as Public Spaces and Drivers of Urban Prosperity" වාර්තාවට අනුව 40-50 ත් අතර ප්‍රතිශතයක් විය යුතු යයි කියැවෙන ප්‍රමාණය රත්නපුර නගරය සැලකූ විට වාර්තා වන්නේ xx % ක පමණ අගයකි.
කාලාන්තරයක් තිස්සේ නාගරික ව්‍යාප්තිය ක්‍රමානුකූලව වෙනස් වූයේ කෙසේද යන්න පිළිබද අදහසක් ලබා ගැනීමට මෙම සිතියම් අධ්‍යනය ඉතා යෝග්‍ය වේ. නාගරික / අර්ධ නාගරික හා ඉදි නොකළ ප්‍රදේශ යනුවෙන් කොටස් කර ඇති මෙම සිතියම වර්ෂ අතර සැසදීමෙන් නාගරික ව්‍යාප්තියේ ස්වරුපය හා නගරයේ අනාගතය උපනතීන් පිළිබඳ පුරෝකථනය කිරීමේ ඇති හැකියාව විශේෂ වේ.
සෑම නගරයකම වැඩි ඝනත්වයක් නගර මධ්‍යයේ සංකේන්ද්‍රණය වී ඇති බවත්, නාගරික ව්‍යාප්තිය සිදු වන රටාව අධ්‍යයනය කිරීමේ දී මාර්ග ඔස්සේ ඉදිකිරීම්වල ඝනත්වය වැඩි වෙමින් යන බව පැහැදිලි වේ. එහිදී ප්‍රධාන මාර්ග ඔස්සේ වේගවත් නාගරික ව්‍යාප්තියක් සිදුවන බවත් හඳුනාගත හැකිය.
නාගරික ව්‍යාප්ති විශ්ලේෂණය සඳහා ප්‍රදේශය තෝරා ගැනීමෙන් අනතුරුව මූලික අධ්‍යයන කිහිපයක් සිදු කළ යුතුය. මුලදී, දුරස්ථ සංවේදක තොරතුරු උපයෝගී කරගනිමින් හඳුනාගත් නාගරික දර්ශක අගයන් අදාළ නගර සභා ප්‍රදේශවල ආසන්න ප්‍රදේශයක් ඇතුළුව අධ්‍යයනය කරන ලදී.
නාගරික ව්‍යාප්ති විශ්ලේෂණය සඳහා ප්‍රදේශයක් තෝරා ගැනීමට පෙර එය පහත කරුණු සලකා බැලිය යුතුය
- නාගරික මායිම
- නාගරික මායිම වටා අවම වශයෙන් කිලෝමීටර් 2-3 ක ප්‍රදේශයක්
- භෞතික නාගරික ස්වභාවය හීනවෙමින් යන මායිම ආසන්න වශයෙන් ලකුණු කර ගැනීම
දුරස්ථ සංවේදක යොදාගනිමින් සිදුකරන සිතියම් අධ්‍යනයන්හිදී, 0 ට වඩා වැඩි අගයන් ඉදිකිරීම් සහිත ප්‍රදේශ නියෝජනය කරයි. නාගරික ව්‍යාප්තියේ ප්‍රමාණය මෙන්ම ඉහළ ඉදිකිරීම් ඝනවය ක්‍රමයෙන් හීන වෙමින් යන ප්‍රදේශය හදුනාගනිමින් මායිම පිළිඹඳ අදහසක් ලබා ගත හැකි වේ. හඳුනාගත් නාගරික දර්ශක අගයන් පවත්නා ගොඩනැගිලි ඝනත්වයට අනුකූල බව සහතික කිරීම සඳහා හඳුනාගත් සීමාවන් නවතම චන්ද්‍රිකා රූප මත ප්‍රක්ෂේපණය කරන ලදී.
මෙම දත්ත විශ්ලේෂණයට අදාලව අනුගමනය කළ පියවර සවිස්තරව දැන ගැනීම සඳහා පහත තොරතුරු බාගත කරගන්න.