තේමා සිතියම්
නිවැරදි අක්ෂාංශ හා දේශාංශානුගත පිහිටීම් සහිතව, ප්‍රදේශයට අදාළ විවිධ විෂයයන් පිළිබඳ අවකාශීය දත්ත මෙහි ඉදිරිපත් කෙරේ.
වැඩිදුර කියවන්න
ජනගහනය
නගරයක් යනු විශාල මිනිස් ජනාවාසයකි. එහි වැදගත්ම ගාමක
වැඩිදුර කියවන්න
ප්‍රවාහනය
නගරයක වර්ධනය හැඩගැන්වීමේ ලා මහා මාර්ග හා ප්‍රවාහන
වැඩිදුර කියවන්න
ආර්ථිකය
නගර, මෙරට ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන සාධකයක් වන අතර,
වැඩිදුර කියවන්න
නාගරික පාලනය
නාගරික ප්‍රදේශ සැලසුම් කිරීමේදී , මූල්‍ය සැලසුම්කරණය
වැඩිදුර කියවන්න
නාගරික සේවා
නගර වැසියන්ගේ යහපත් ජීවන තත්වය සහතික කිරීම නාගරික
වැඩිදුර කියවන්න
පාරිසරික
නගරය සියල්ලන් සදහාම ජීවත් විය හැකි පරිදි සුදුසු
වැඩිදුර කියවන්න
වෙනත්
නගර, ඉතා සීග්‍රයෙන් වෙනස් වන්නා වූ විවිධ හා විෂම
වැඩිදුර කියවන්න
ජනගහනය
ජනගහනය
76905
පරිපාලන ප්‍රදේශය
3891.92 ha
ඝනත්වය
12 persons / ha

නගරයක් යනු විශාල මිනිස් ජනාවාසයකි. එහි වැදගත්ම ගාමක බලවේගය මිනිසාය. නගරයක සක්‍රීයත්වය පදනම් වන්නේ මිනිසා හා ඔහුගේ ක්‍රියාකාරීත්වය මතය. නගරයක් තුළ වෙසෙන ජනගහණයේ සංයුතීන් හා ඔවුන්ගේ විවිධාකාර හැකියාවන් පිළිබඳ පූර්ව අවබෝධයක් ලබා ගැනීම සාර්ථක නාගරික අධ්‍යයනයක මූලික පියවර විය යුතුය.

පවතින භෞතික සීමාව තුළ ජනවිකාශන හා සංයුතියේ රටා හඳුනා ගනිමින් සිදුකරන පුරෝකථනයන් තුළින් වඩා යහපත්ව ජීවත් විය හැකි සැලසුම්සහගත නගරයක් නිර්මාණය කරනු ඇත.

ස්ත්‍රී පුරුෂ ජනගහනය

ප්‍රවාහනය

නගරයක වර්ධනය හැඩගැන්වීමේ ලා මහා මාර්ග හා ප්‍රවාහන සබඳතා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ඕනෑම නගරයකට පවතින ප්‍රවාහන සම්බන්ධතා හා අදාළ පහසුකම්, නගරයේ ස්වයංක්‍රීය වර්ධනය වේගවත් කරයි.
බස්රථ සහ දුම්රිය ප්‍රවාහනය , භාණ්ඩ ප්‍රවාහනය , ගුවන් තොටුපලවල් හා ප්‍රවාහන පද්ධති හා අදාළ සියලු කටයුතු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු එකම ගොනුවක පැවතීම මෙහිදී වඩා කාර්යක්ෂම වේ.

තිරසාර සංවර්ධන ඉලක්ක 11.2 අනුව, ආරක්ෂිත, සියලු දෙනා හටම දැරිය හැකි, පහසුවෙන් ලගාවිය හැකි හා තිරසාර ප්‍රවාහන පද්ධතියක් සඳහා මාර්ග ආරක්ෂාව, පොදු ප්‍රවාහනය , අවදානම් තත්ත්වයන් පිලිබඳ තොරතුරු මෙහි ඇතුලත් වේ. කාන්තාවන්ගේ, දරුවන්ගේ, ආබාධ සහිත පුද්ගලයින්ගේ සහ වැඩිහිටියන්ගේ අවශ්‍යතා සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් මෙම තොරතුරු සංවර්ධන ඉලක්ක වෙත ලගාවීමෙහි ලා භාවිතා කල හැක.

පොලිස් බල ප්‍රදේශ අනුව හදිසි අනතුරු සංඛ්‍යා ලේඛන (මාරාන්තික තුවාල ලැබූ සංඛ්‍යාව)

මූලාශ්‍රය - ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව

මෙම ප්‍රස්ථාරයෙන් පසුගිය වසර 3 තුළ මාරාන්තික හානි සිදුවිය. පොළොන්නරුව මහා නගර සභාවේ ගමනාගමනය වැඩිවීම පිළිඹිබු කරමින් මාරාන්තික අනතුරු සැලකිය යුතු ලෙස වැඩි වී තිබේ.

ආර්ථිකය

නගර, මෙරට ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන සාධකයක් වන අතර, ශ්‍රී ලංකාවේ නගරවල ආර්ථීක වෙනස්වීම් වල පැතිකඩ පිළිබඳ යතාර්ථවාදී චිත්‍රයක් ගොඩනැගීමට ඒ හා සමගාමී විශ්ලේෂණ තිබීම අතිශය වැදගත් වේ.

ලංකාවේ නගරවල ආර්ථික පසුබිම වටහා ගැනීමට නම් රටක් ලෙස එහි ඵලදායීතාව ගෝලීය වශයෙන් ඇති තරගකාරිත්වය සමඟ සැසදීම සිදුකළ යුතුමය.ඒ සඳහා මානව ප්‍රාග්ධනය හා සබැඳි ශුම බලකා සහභාගිත්වය පිළිබඳ අධ්‍යනයක් මෙන්ම නගර සංවර්ධනයේදී මුහුණදෙන ප්‍රධාන බාධාවන් වන ශ්‍රම වෙළෙඳ පොළේ අවාසි, ආර්ථික අවදානම වැනි තත්ත්වයන් තේරුම් ගැනීම පූර්වයෙන්ම කළ යුතුවේ.

මෙහි ඇති ආර්ථික විශ්ලේෂණ තුළින් ප්‍රාදේශීය වශයෙන් නාගරික සංවර්ධනයට හා නාගරික ජනාවාසවල දියුණුවට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වය හා එහි විභවතාවන් හඳුනාගැනීමටත් අදාළ  බලප්‍රදේශය තුළ ශ්‍රම බලකාය උපරිම වශයෙන් භාවිතා කරමින් කුසලතාවන්ට සරිලන ප්‍රදේශයට ආවේණික වෙළෙඳපොළක් හදුනා ගැනීමේ හැකියාවත් හිමිවේ.

ප්‍රදේශයට සංචාරකයින් පැමිණීම

මූලාශ්‍රය - SL Tourist Development Authority

As categorized by Tourist board annual report of year 2016 Polonnaruwa situated in the grand tour route. And it’s an again a city in Buddhism and beach route. The Foreign tourist arrival to Polonnaruwa is higher than the locals. Approximately it’s double than the locals. And it’s beyond the tourist arrival for Anuradhapura as well. The peak time is February and August. There area around five, star class hotels in the urban center and more than 50 middle scale hotels and guest houses and more than 100 home stay places advertising in the tourist web sites.

පළාත් පාලන ආයතනයේ වාර්ෂික ආදායම් සහ වියදම්

මූලාශ්‍රය - Polonnaruwa Municipal Council - CDLG Project

2018 වර්ෂයේ පොළොන්නරුව මහ නගර සභාවේ තත්‍ය අයවැය පිළිඹඳ සාරාංශගත තොරතුරු මෙහි ඇතුළත් වේ. 2018 හා 2019 යන මුදල් වර්ෂ සඳහා වෙන්කළ හා තත්‍ය අයවැය පිළිඹඳ විස්තරාත්මක තොරතුරු පහත බාගත කිරීම් ඔස්සේ ලබා ගත හැකි වේ.

Download data file here

නාගරික පාලනය

නාගරික ප්‍රදේශ සැලසුම් කිරීමේදී , මූල්‍ය සැලසුම්කරණය හා කළමනාකරණය කෙසේ සිදුකල යුතුද යන්න රජය (ප්‍රාදේශීය, කලාපීය හා ජාතික) සහ එහි පාර්ශවකරුවන් විසින් තීරණය කරනු ලබන ක්‍රියාවලිය නගර පරිපාලනය හා බැඳේ. එසේම මෙය,සමාජයීය, භෞතික සම්පත් හා දේශපාලන බලය නිසි තැනට නිසි ලෙස බෙදී යාම පිලිබඳ නිර්ණය කෙරෙනා අඛණ්ඩ ක්‍රියාවලියකි.
ශ්‍රී ලංකාවේ නාගරික පරිපාලනයේ මූල්‍ය ප්‍රත්‍යස්ථතාවය , සේවා ප්‍රතිපාදනය සහ ආර්ථික ගතිකත්වය කෙරෙහි මෙහිදීඅවධානය යොමු කරයි.

මෙහි ඇති තොරතුරු, පවතින ද්විතීක තොරතුරු, බිම් මට්ටමින් සිදුකරන ලද සමීක්ෂණ හා තොරතුරු රැස්කිරීම් මෙන්ම පාර්ශවකරුවන් හා සිදුකල විස්තරාත්මක සාකච්ඡා වෙත අනුගත වේ.

නාගරික කළමනාකරණය, රාජ්‍ය පරිපාලනය, නාගරික මුදල්, අයවැයකරණය සහ කළමනාකරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය, පුරවැසි සහභාගිත්වය සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ තොරතුරු ආදී වටිනා දත්ත සමුදායක් මෙහි අන්තර්ගත වේ.

මාර්ග අංශයට අදාළ කම්කරුවන්

සනීපාරක්ෂක අංශයට අදාළ සේවකයින්

නාගරික සේවා

නගර වැසියන්ගේ යහපත් ජීවන තත්වය සහතික කිරීම නාගරික සේවාවන්ගෙන් යුතු විය යුතු මුලික කාර්ය භාරයයි

නාගරික මධ්‍යස්ථාන ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට ඉවහල් වන ප්‍රධාන සේවාවන් සපයයි. වාහන ලියාපදිංචි කිරීමේ සේවා, සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම වෙත ප්‍රවේශය සහ අතිරේක සේවාවන් රාශියක් වැනි ප්‍රධාන රාජ්‍ය පරිපාලන කාර්යයන් නගර විසින් සපයනු ලැබේ.

නාගරික මධ්‍යස්ථාන පදිංචිකරුවන්ට සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා සපයයි: ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සහ අධ්‍යාපනයක් සඳහා සමාන ප්‍රවේශයක් ලබා දීම. සමාජ විනෝදාත්මක ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැලසීම සහ පුස්තකාල, ප්‍රජා මධ්‍යස්ථාන සහ ක්‍රීඩා පහසුකම් වැනි ප්‍රජා සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා සේවාවන් ද ඒවාට ඇතුළත් ය. සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහා වඩාත් යහපත් අනාගතයක් සුරක්ෂිත කිරීම සඳහා ගුණාත්මක සේවා සහතික කිරීම තීරණාත්මක අංගයකි.

සේවා ලබා ගැනීමේ හැකියාව
Availability of Road Inventory
Yes
Availability of Asset register
Yes
An online system is available for citizen to request services
No
A "reference no" is issued to the citizen requesting services
No
A "Front Office" is available
Yes
All the services can be accessed at a single location (Front Office) by a visiting citizen
Yes
Separate Male/Female toilets are available for the visiting citizen
Yes

මූලාශ්‍රය - පොලොන්නරුව මහා නගර සභාව

This data represent the 2018 records. Services delivered to the citizens by the local authority is very important to measure the functionalities and capacities of the local authority.

නියාමන සේවා (මසකට ලැබෙන සාමාන්‍ය අයදුම්පත් ගණන)

මූලාශ්‍රය - පොලොන්නරුව මහා නගර සභාව

The Municipal council receive different types of applications. Considering the monthly average of the received applications, it is visible that data gapes are there is the available data set.

භාණ්ඩ මිලදී ගැනීමට ඇති වාණිජ ස්ථාන

සමාජ සේවා වැඩසටහන්

මූලාශ්‍රය - පොලොන්නරුව මහා නගර සභාව

Fund alocation for social servises in the area indicate the facilities provided to develop the quality of the socity. The data elaborate on main sectiones in social servises, and how the budget alocations and expenditure took place in 2018.

ඝන අපද්‍රව්‍ය එකතු කිරීම (මසකට මෙට්‍රික් ටොන් ගණන)

ධාරිතා සංවර්ධනය සඳහා පුහුණු සැසි

මූලාශ්‍රය - පොලොන්නරුව මහා නගර සභාව

Providing trainings to the staff will increase the capacities of the officers in managing and decision making. This data explained on provided trainings and the number of officers trained.

ගලි බව්සර් යොදාගනිමින් ද්‍රව අපද්‍රව්‍ය ඉවත් කිරීම (මසකට ලීටර්)

පුස්තකාල සහ ප්‍රජා මධ්‍යස්ථාන

මූලාශ්‍රය - පොළොන්නරුව මහා නගර සභාව

නාගරික ඉඩකඩක පවතින පුස්තකාල සහ ප්‍රජා මධ්‍යස්ථාන, එම ප්‍රදේශවල ඉතා වැදගත් අංග වන අතර එය ප්‍රජා ක්‍රියාකාරකම් සඳහා පහසුකම් අවශ්‍ය පහසුකම් සපයයි. පවතින දත්ත වලට අනුව, පොලොන්නරුව මහා නගර සභාවේ පුස්තකාල කිහිපයක් තිබේ. පුලතිසි බුද්ධිමණ්ඩප මහජන පුස්තකාලය, බහුතරයක් පරිශීලකයන් බහුලව භාවිතා කරන පොදු පුස්තකාලයකි එය මහා නගර සභාවේ ප්‍රථම ඩිජිටල් පුස්තකාලයයි. එහි නිත්‍ය සාමාජිකයන් 10,770 ක ප්‍රමාණයක් (2021, මාර්තු මාසය වන විට)  සිටින අතර, දැනට දිනකය 50ත් 60ත් අතර පරිශීලකයින් පිරිසක් වාර්තාවේ(කොරෝනා තත්වයට පෙර 100 හට අධික පරිශීලකයන් පිරිසක් දිනකට පුස්තකාලය භාවිතා කර තිබේ). බුද්ධිමණ්ඩප පුස්තකාලයේ 36,500කට වඩා වැඩි ප්‍රමාණයක පොත් (2021, මාර්තු මාසය වන විට) එහි පරිශීලකයන්ගේ භාවිතය සඳහා පවතී. පුරාණ තාක්ෂණ කෞතුකාගාර පුස්තකාලය ඉතා මෑත කාලයේ පොළොන්නරුව නව නගරයේ ඉදිකළ, නවීන පහසුකම් සහිත පුස්තකාලයකි. එය, පුරාණ තාක්ෂණ කෞතුකාගාරයේ පළමු මහලේ ඉදිකර තිබේ. ඒ හැරුන විට, පොළොන්නරුව බැඳිවැව පොදු පුස්තකාලය ද මහා නගර සභා සීමාව තුල පවතින ළමා පුස්තකාලයකි.

පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන

ආදාහනාගාර සහ සුසාන භූමි වල මෘත දේහයන් ආදාහනය කිරීම් සහ භූමදාන ගණන (වාර්ෂික අගයන්ගේ එකතුවක් ලෙස)

මූලාශ්‍රය - පොළොන්නරුව මහා නගර සභාව

.

ආදාහනාගාර සහ සුසාන භූමි වල සිදුකරන ආදාහන සහ භූමදාන (මාසිකව)

මූලාශ්‍රය - පොළොන්නරුව මහා නගර සභාව

පොළොන්නරුව මහා නගර සභාව 2018.03.19 වන දින සංස්ථාපනය කරන ලද අතර ආදාහනාගාරය සහ සුසාන භූමිය 2018 ඔක්තෝබර් මස සිට මහා නගර සභාවේ පාලනය සඳහා හිමි විය.

පළාත් පාලන ආයතන සතුව පවතින බර වාහන හා උපකරණ

පාරිසරික

නගරය සියල්ලන් සදහාම ජීවත් විය හැකි පරිදි සුදුසු පරිසරයකින් සමන්විත විය යුතුය. වායු දුෂණය සහ ජලයේ ගුණාත්මක භාවය, පරිසරයේ පැවැත්ම හා සුරක්ෂිත භාවය මෙන්ම සෞන්දර්යාත්මක හා ඓතිහාසික කරුණු පිළිබඳවද මෙහිදී පැහැදිලි අදහසක් ලබාගැනීම වැදගත් වේ.
ආපදා අවදානම මෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ අවදානය, නුතනයේ පාරිසරික සාදක හා සබැඳි තවත් වැදගත් අංගයකි. නගර තුල ඉඩම් පරිහරණ සැලසුම් කිරීමේදී මෙවන් පාරිසරික තත්වයන් හා සාධක ප්‍රමුඛ ස්ථානයක ලා සැලකිය යුතුය.

නිරීක්ෂණ මධ්‍යස්ථානවලට අනුව වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය

මූලාශ්‍රය - Department of Meteorology

Here is the change in the annual values of air temprature from 2011 to 2013. According to the Polonnaruwa Observatory station, air temprature in the area is calculated separately for each month and more information can be downloaded from the following detailed statistics.

Download data file here

වෙනත්

නගර, ඉතා සීග්‍රයෙන් වෙනස් වන්නා වූ විවිධ හා විෂම ප්‍රපංචයක් වන අතර ඒවා විවිධ කාර්යයන් හා කාර්ය සාධනයන් මත පදනම් වේ. එම විවිධත්වය දෘශ්‍යමාන කිරීම සඳහා මෙම අවකාශය සකසා ඇත.

Polonnaruwa Urban Development Plan

මූලාශ්‍රය - Urban Development Authority

Urban Development Authority is the regulatory body of the urban development of Sri Lanka. Thus, it has been empowered to function as the key urban planning implementing agency in the country by the Urban Development Authority act 41 of 1978. And this
Polonnaruwa Urban Development Plan has been formulated as per the powers and functions vested with the Authority under section 8 of the Urban Development Authority (Amendment) Act, No.4 of 1982. The authority's mission is to Promote Integrated
Planning and implementation of the economic, social, environmental,al and physical development of the declared urban areas. The above ambitions are framing the main objective of the preparation of this development plan.
The study area of this development plan located in Polonnaruwa Municipal Council and selected Grama Niladhari divisions in Polonnaruwa Pradeshiya Sabha area of Polonnaruwa district in Northcentral province of Sri Lanka. Polonnaruwa Town Council area has been declared as an Urban Development Area in extra-ordinary gazetted notification no 38/16 of June 10 1979. Yet again in 2005 Selected 22 GN divisions of Thamankaduwa Pradeshiya Sabha (56.7 sqm) has been declared as Urban Development
Area by extra-ordinary gazette notification no: 1397/1 in 13/06/2005 and It has been practiced a drafted development plan from 2008 to 2018 for above area.

Download Development Plan HERE

තේමා සිතියම්

 

පොළොන්නරුව මහා නගර සභා ප්‍රදේශය:

පොළොන්නරුව මහා නගර සභා ප්‍රදේශය හෙක්ටයාර 3891.92 ක භූමි ප්‍රදේශයක් ආවරණය කරයි. (දත්ත මුලාශ්‍රය _ මිනින්දෝරු දෙපාර්තමේන්තුව)

සිතියම මෙතැනින් බාගත කරගන්න                      දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 

පොළොන්නරුව මහා නගර සභා ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරි කොට්ටාශ වල සිතියම:

එරාවූර් නගර සභා ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරි කොට්ටාශ 18 ඇති අතර මෙහි ඇති දත්ත ගොනුව බාගත කරගැනීම මගින් ඒවායේ සවිස්තරාත්මක තොරතුරු ලබා ගත හැකි වේ. (දත්ත මූලාශ්‍රය: මිනින්දෝරු දෙපාර්තමේන්තුව)

සිතියම මෙතැනින් බාගත කරගන්න                      දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 

පොළොන්නරුව මහා නගර සභා ප්‍රදේශයට අයත් මාර්ග සිතියම:

පොළොන්නරුව මහා නගර සභා ප්‍රදේශය සඳහා මාර්ග සිතියම මාර්ග වර්ගීකරණය අනුව මෙහි ඇති අතර දත්ත ගොනුව බාගත කරගැනීම මගින් මාර්ගවල නම ආදී වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.මෙම තොරතුරු 2020 දී යාවත්කාලීන කර ඇත. (දත්ත මූලාශ්‍රය _ OpenStreetMap)

සිතියම මෙතැනින් බාගත කරගන්න                       දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය

ඉතා සීමිත සම්පතක් වන භූමිය සහ ඉඩම් නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් බොහෝ ප්‍රතිලාභ ලැබිය හැකිය.

 

විශේෂයෙන්ම භාවිතය සඳහා සුදුසු ඉඩම් වල හිඟයක් ඇති නාගරික ප්‍රදේශ සඳහා මෙය වඩා වැදගත් වේ. වැඩි වන ජනගහනයකට සරිලන පරිදි සැලසුම් සහගත නගර නිර්මාණය කිරීම සඳහා, වර්තමානයේ දී ඉඩම් පරිහරණය පිළිබඳ මනා අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වේ. වර්තමාන භූමි පරිභෝජනය පිළිබඳ අවබෝධ කර ගැනීමටත්, ඉඩම් වෙන් කර ඇති ආකාරය සහ ඒවා අද අපගේ නගරවල භාවිතා කරන්නේ කුමන ආකාරයෙන්ද යන්නත් තේරුම් ගැනීමට පරිශීලකයින්ට ඉඩම් පරිහරණ සිතියම් මගින් තොරතුරු සපයයි.

 

මෙහි ඉදිරිපත් කර ඇති ඉඩම් පරිහරණ සිතියම් "ඉදිකළ / ඉදිනොකළ" ලෙස ප්‍රධාන කොටස් දෙකකට සහ ඒවායේ උප කාණ්ඩ 36 කට වර්ග කර ඇත. සිතියම් මත ක්ලික් කිරීම සහ සිතියම් කොටස් වෙන වෙනම අක්‍රිය හා සක්‍රිය කිරීමේ පහසුකම මෙහි පවතින අතර එමඟින් පරිශීලකයාට කාණ්ඩ හෝ උප කාණ්ඩ තෝරා ගැනීමට ඉඩ ලබා දේ. මෙම එක් එක් උප කාණ්ඩවල ඉඩම් ප්‍රමාණය සිතියම් ප්‍රදේශයට පහළින් ඇති ප්‍රස්ථාරවල දක්වා ඇත. මෙය වඩා යහපත් තීරණ ගැනීමේ ක්‍රියාවලීන් වැඩි දියුණු කරන මෙවලමක් වනු ඇතැයි විශ්වාස කෙරේ.

 

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය
ඉදිකරන ලද භූමිය
මුළු
ඉදිකරන ලද භූමිය
3775.86 (ha)
  • මහල් තුනක් හෝ ඊට අඩු නිවාස
    • 2810.67
  • ව්‍යාපාරික ස්ථාන
    • 132.6
  • කර්මාන්ත ශාලා
    • 806.58
  • උද්‍යාන / චතුරශ්‍ර
    • 6.74
    ක්‍රීඩා භූමි
    • 16.39
    සුසාන භූමි
    • 2.88
ඉදි නොකරන ලද
මුළු
ඉදි නොකරන ලද
9018.33 (ha)
    • 3881.97
    • 1788.06
    • 3318.47
    • 19.20
    • 7.62
    • 3.01

කාලාන්තරයක් තිස්සේ නාගරික ව්‍යාප්තිය ක්‍රමානුකූලව වෙනස් වූයේ කෙසේද යන්න පිළිබද අදහසක් ලබා ගැනීමට මෙම සිතියම් අධ්‍යනය ඉතා යෝග්‍ය වේ. නාගරික / අර්ධ නාගරික හා ඉදි නොකළ ප්‍රදේශ යනුවෙන් කොටස් කර ඇති මෙම සිතියම වර්ෂ අතර සැසදීමෙන් නාගරික ව්‍යාප්තියේ ස්වරුපය හා නගරයේ අනාගතය උපනතීන් පිළිබඳ පුරෝකථනය කිරීමේ ඇති හැකියාව විශේෂ වේ.

 

සෑම නගරයකම වැඩි ඝනත්වයක් නගර මධ්‍යයේ සංකේන්ද්‍රණය වී ඇති බවත්, නාගරික ව්‍යාප්තිය සිදු වන රටාව අධ්‍යයනය කිරීමේ දී මාර්ග ඔස්සේ ඉදිකිරීම්වල ඝනත්වය වැඩි වෙමින් යන බව පැහැදිලි වේ. එහිදී ප්‍රධාන මාර්ග ඔස්සේ වේගවත් නාගරික ව්‍යාප්තියක් සිදුවන බවත් හඳුනාගත හැකිය.

 

නාගරික ව්‍යාප්ති විශ්ලේෂණය සඳහා ප්‍රදේශය තෝරා ගැනීමෙන් අනතුරුව මූලික අධ්‍යයන කිහිපයක් සිදු කළ යුතුය. මුලදී, දුරස්ථ සංවේදක තොරතුරු උපයෝගී කරගනිමින් හඳුනාගත් නාගරික දර්ශක අගයන් අදාළ නගර සභා ප්‍රදේශවල ආසන්න ප්‍රදේශයක් ඇතුළුව අධ්‍යයනය කරන ලදී.

 

නාගරික ව්‍යාප්ති විශ්ලේෂණය සඳහා ප්‍රදේශයක් තෝරා ගැනීමට පෙර එය පහත කරුණු සලකා බැලිය යුතුය
- නාගරික මායිම
- නාගරික මායිම වටා අවම වශයෙන් කිලෝමීටර් 2-3 ක ප්‍රදේශයක්
- භෞතික නාගරික ස්වභාවය හීනවෙමින් යන මායිම ආසන්න වශයෙන් ලකුණු කර ගැනීම

 

දුරස්ථ සංවේදක යොදාගනිමින් සිදුකරන සිතියම් අධ්‍යනයන්හිදී, 0 ට වඩා වැඩි අගයන් ඉදිකිරීම් සහිත ප්‍රදේශ නියෝජනය කරයි. නාගරික ව්‍යාප්තියේ ප්‍රමාණය මෙන්ම ඉහළ ඉදිකිරීම් ඝනවය ක්‍රමයෙන් හීන වෙමින් යන ප්‍රදේශය හදුනාගනිමින් මායිම පිළිඹඳ අදහසක් ලබා ගත හැකි වේ. හඳුනාගත් නාගරික දර්ශක අගයන් පවත්නා ගොඩනැගිලි ඝනත්වයට අනුකූල බව සහතික කිරීම සඳහා හඳුනාගත් සීමාවන් නවතම චන්ද්‍රිකා රූප මත ප්‍රක්ෂේපණය කරන ලදී.

 

මෙම දත්ත විශ්ලේෂණයට අදාලව අනුගමනය කළ පියවර සවිස්තරව දැන ගැනීම සඳහා පහත තොරතුරු බාගත කරගන්න.

 

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය
නාගරික ව්‍යාප්ති සංඛ්‍යාලේඛන
පොළොන්නරුව මහා නගර සභාව ( km 2 )
සමස්ත වර්ධන වේගය 1995 - 2017 %
නාගරීකරණයේ වෙනස් වීම 1995 - 2017
නාගරීකරණය පිළිබඳ සලකා බලන මුළු ප්‍රදේශය 0