ජනගහනය
ජනගහනය
Pls enter
පරිපාලන ප්‍රදේශය
462.58 ha
ඝනත්වය
Pls enter persons / ha

නගරයක් යනු විශාල මිනිස් ජනාවාසයකි. එහි වැදගත්ම ගාමක බලවේගය මිනිසාය. නගරයක සක්‍රීයත්වය පදනම් වන්නේ මිනිසා හා ඔහුගේ ක්‍රියාකාරීත්වය මතය. නගරයක් තුළ වෙසෙන ජනගහණයේ සංයුතීන් හා ඔවුන්ගේ විවිධාකාර හැකියාවන් පිළිබඳ පූර්ව අවබෝධයක් ලබා ගැනීම සාර්ථක නාගරික අධ්‍යයනයක මූලික පියවර විය යුතුය.

පවතින භෞතික සීමාව තුළ ජනවිකාශන හා සංයුතියේ රටා හඳුනා ගනිමින් සිදුකරන පුරෝකථනයන් තුළින් වඩා යහපත්ව ජීවත් විය හැකි සැලසුම්සහගත නගරයක් නිර්මාණය කරනු ඇත.

ජනවාර්ගික පැතිකඩෙහි සංයුතිය - නාගරික ප්‍රදේශය,  දිස්ත්‍රික්කය හා පළාත අනුව

මූලාශ්‍රය - Department of Census and Statistics

The total population of the Northern Province as per the statistics is 1.246 million, the lowest populous province in the country, with 606,678 males (47.3%) and 639,775 females (52.7%). The population density is 136 persons per Sq. Km as against to 346 for the whole Island. The majority in the province live in areas classified as rural (84.5%), and only 15.5% of the population live in areas classified as urban. The majority of the population i.e. 89% in the province are Sri Lankan Tamils and others are Sri Lankan Moors, Sinhalese and Indian Tamils living in the province. Most of the Sri Lankan Tamils are Hindus, and the other religious persuasions in the province are Christians, Muslims, and a small number of Buddhists. The graph here shows the difference in ethnic composition from province to district to city. While usually, the city shows a more cosmopolitan nature than the province. The Point Pedro city reflects the composition of the district quite closely, even more so than the provincial percentages.

ස්ත්‍රී පුරුෂ ජනගහනය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (2012), දිස්ත්‍රික් ලේකම් කාර්යාල උතුරු පළාත (2018)

2012 සංගණනයට අනුව කාන්තා ජනගහනය රටේ පිරිමි ජනගහනයට වඩා ඉහළ අගයක් ගනී. මුළු ජනගහනයෙන් සියයට 48.4 ක් පිරිමින් වන අතර සියයට 51.6 ක් කාන්තාවන් වේ. පේදුරු තුඩුව නාගරික සභා සීමාව තුළ සිටින මුළු ජනගහනයෙන් සියයට 46.8 ක් පිරිමින් සහ සියයට 53.2 ක් කාන්තාවන් ය. උතුරු පළාත් දිස්ත්‍රික් ලේඛම් කාර්යාලයේ සංඛ්‍යාත්මක දත්ත අනුව 2018 වර්ෂයේ ස්ත්‍රී පුරුෂ ජනගහනය වෙනස් වී ඇති අන්දම මෙහි දක්වා ඇත. 2018 වසර වන විට 2012 වසරට සාපේක්ෂව පුරුෂ ජනගහනයේ ප්‍රතිශතය ක්‍රමයෙන් ඉහල ගොස් ඇති එය 48.8% ලෙසද ස්ත්‍රී ජනගහන ප්‍රතිශතය 51.2% ලෙසද වාර්තා වී ඇත. කෙසේ නමුදු තවමත් ස්ත්‍රී ජනගහනය ඉහළ නියෝජනයක් දක්වයි. 2018 වසර වන විට පේදුරු තුඩුව නගර සභා සීමාව තුල ජීවත්වන සමස්ත පවුල් ගණන 13321 ලෙස වාර්තා වේ.

2012 වසර සඳහා දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 

2018 වසර සඳහා දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

පුමිතිරි බව වයස් ව්‍යුහය අනුව බෙදීගොස් ඇති ආකාරය

මූලාශ්‍රය - Department of Census and Statistics

 

Download data file here

අධ්‍යාපනය

අධ්‍යාපනය, සමාජයක සංවර්ධනය පිළිබිඹු කරන ප්‍රධාන සාධකයකි. අධ්‍යාපනය පිළිබඳ දර්ශකයන් නාගරික සංවර්ධනය පිළිබඳ පුළුල් පැතිකඩක් දක්වමින් ඒ සදහා විශාල දායකත්වයක් සපයයි.


දිළිඳුකම පිටුදැකීම හා අධ්‍යාපනය අතර සෘජු සම්බන්ධතාවයක් ඇති අතර සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි අදාළ දත්ත හා දර්ශකයන් ඉතාම වැදගත් වේ. මන්ද යත්, මනා අධ්‍යාපනයක් තුළින් ඉහළ වැටුප් ලබන විධිමත් රැකියාවක් ලබාගැනීමටත්, අවිධිමටත් ආර්ථික කටයුතුවල යෙදෙන්නන් හට වඩා හොඳ ජීවනෝපායක් ලබා ගැනීමටත්, අවසානයේදී පරම්පරානුගතව පැවතගෙන එන දිළිඳු බවින් මිදීමටත් මංපෙත් සැලසීමත් ය.

දියුණු අධ්‍යාපන ආයතන වෙත යොමුවීම මගින් මහජනයා ස්වයං රැකියාවක නියුතු වුවද, නැතහොත් ශ්‍රම බලකායේ කොටසක් ලෙස කටයුතු කලද, යහපත් ආර්ථික ස්ථාවර තත්වයක් ලබා ගැනීම පහසු කරවයි. නගරයක ජනතාව ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික අධ්‍යාපනය මෙන්ම වෘත්තීය මධ්‍යස්ථාන හරහා නිපුණතා සංවර්ධනය කරගනු ලබන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීමෙන් එම නගරයේ සංවර්ධනය කෙතරම් යහපත් ලෙස සිදු වේද යන්න හෝ එහි තවදුරටත් සංවර්ධනය කළ යුතු කොටස් පිළිබඳ කරුණු අවබෝධ කරගත හැකිය.

ස්ත්‍රී පුරුෂ භාවය අනුව අධ්‍යාපන මට්ටම (වයස අවුරුදු 3 - 24 )

නාගරික පාලනය

නාගරික ප්‍රදේශ සැලසුම් කිරීමේදී , මූල්‍ය සැලසුම්කරණය හා කළමනාකරණය කෙසේ සිදුකල යුතුද යන්න රජය (ප්‍රාදේශීය, කලාපීය හා ජාතික) සහ එහි පාර්ශවකරුවන් විසින් තීරණය කරනු ලබන ක්‍රියාවලිය නගර පරිපාලනය හා බැඳේ. එසේම මෙය,සමාජයීය, භෞතික සම්පත් හා දේශපාලන බලය නිසි තැනට නිසි ලෙස බෙදී යාම පිලිබඳ නිර්ණය කෙරෙනා අඛණ්ඩ ක්‍රියාවලියකි.
ශ්‍රී ලංකාවේ නාගරික පරිපාලනයේ මූල්‍ය ප්‍රත්‍යස්ථතාවය , සේවා ප්‍රතිපාදනය සහ ආර්ථික ගතිකත්වය කෙරෙහි මෙහිදීඅවධානය යොමු කරයි.

මෙහි ඇති තොරතුරු, පවතින ද්විතීක තොරතුරු, බිම් මට්ටමින් සිදුකරන ලද සමීක්ෂණ හා තොරතුරු රැස්කිරීම් මෙන්ම පාර්ශවකරුවන් හා සිදුකල විස්තරාත්මක සාකච්ඡා වෙත අනුගත වේ.

නාගරික කළමනාකරණය, රාජ්‍ය පරිපාලනය, නාගරික මුදල්, අයවැයකරණය සහ කළමනාකරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය, පුරවැසි සහභාගිත්වය සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ තොරතුරු ආදී වටිනා දත්ත සමුදායක් මෙහි අන්තර්ගත වේ.

පළාත් පාලන ආයතනයේ මානව සම්පත්

මූලාශ්‍රය - පළාත් පාලන දෙපාර්තමේන්තුව, උතුරු පළාත

පළාත් පාලන ආයතනවල එදිනෙදා රාජකාරි ඉටු කරන මානව සම්පත් පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ඉහත දත්ත මගින් ලබා ගත හැකිය. අනුමත කාර්ය මණ්ඩලය සහ පළාත් පාලන ආයතනය සඳහා දැනට සිටින සේවක සංඛ්‍යාව මෙහි දක්වා ඇත. අනුමත සේවක සංඛ්‍යාව දැනට පවතින සේවක සංඛ්‍යාවෙන් අඩු කිරීමෙන් පුරප්පාඩු ගණන සොයාගත හැකිය.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

මාර්ග අංශයට අදාළ කම්කරුවන්

සනීපාරක්ෂක අංශයට අදාළ සේවකයින්

ඡන්ද දායකයින් සංඛ්‍යාව සහ තේරී පත් වූ සාමාජිකයන් ගණන

නාගරික සේවා

නගර වැසියන්ගේ යහපත් ජීවන තත්වය සහතික කිරීම නාගරික සේවාවන්ගෙන් යුතු විය යුතු මුලික කාර්ය භාරයයි

නාගරික මධ්‍යස්ථාන ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට ඉවහල් වන ප්‍රධාන සේවාවන් සපයයි. වාහන ලියාපදිංචි කිරීමේ සේවා, සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම වෙත ප්‍රවේශය සහ අතිරේක සේවාවන් රාශියක් වැනි ප්‍රධාන රාජ්‍ය පරිපාලන කාර්යයන් නගර විසින් සපයනු ලැබේ.

නාගරික මධ්‍යස්ථාන පදිංචිකරුවන්ට සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා සපයයි: ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සහ අධ්‍යාපනයක් සඳහා සමාන ප්‍රවේශයක් ලබා දීම. සමාජ විනෝදාත්මක ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැලසීම සහ පුස්තකාල, ප්‍රජා මධ්‍යස්ථාන සහ ක්‍රීඩා පහසුකම් වැනි ප්‍රජා සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා සේවාවන් ද ඒවාට ඇතුළත් ය. සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහා වඩාත් යහපත් අනාගතයක් සුරක්ෂිත කිරීම සඳහා ගුණාත්මක සේවා සහතික කිරීම තීරණාත්මක අංගයකි.

සේවා ලබා ගැනීමේ හැකියාව
Availability of Road Inventory
Yes
Availability of Asset register
Yes
An online system is available for citizen to request services
No
A "reference no" is issued to the citizen requesting services
No
A "Front Office" is available
No
All the services can be accessed at a single location (Front Office) by a visiting citizen
Yes
Separate Male/Female toilets are available for the visiting citizen
Yes

මූලාශ්‍රය - පේදුරුතුඩුව නගර සභාව

This data represent the 2018 records. Services delivered to the citizens by the local authority is very important to measure the functionalities and capacities of the local authority.

වීදි ලාම්පු පිළිබඳ විස්තර

මූලාශ්‍රය - පළාත් පාලන දෙපාර්තමේන්තුව (උතුරු පළාත)

2018 වසර අවසානයේදී, පේදුරු තුඩුව නගර සභා සීමාව තුළ මුළු වීදි ලාම්පු සංඛ්‍යාව 446 ක් වූ අතර 2019 දී නව වීදි ලාම්පු 100 ක් එක් කරන ලදී. 2019 අවසාන භාගය වන විට පේදුරු තුඩුව නගර සභාවට නව වීදි ලාම්පු 300 ක අවශ්‍තාවයක් පවතී.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

පළාත් පාලන ආයතනය විසින් නඩත්තු කරනු ලබන සේවාවන්

මූලාශ්‍රය - පළාත් පාලන දෙපාර්තමේන්තුව, උතුරු පළාත

ඉහත දත්ත මගින් පළාත් පාලන ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන සේවාවන් විස්තර කෙරේ. වෙළඳපල, සායන, බෙහෙත්ශාලා, ආයුර්වේද රෝහල්, පොළ ,වාණිජ කුටි, අප ජලය පිරිපහදු යන්ත්‍ර, සුසාන භූමිය යනාදී සේවාවන් වලට අදාලව කොපමණ මද්‍යස්ථාන ගණනක් තිබේද යන්න වැඩිදුරටත් එහි දක්වා ඇත. පේදුරු තුඩුව නගර සභා සීමාව තුල 2016, 2017, 2018 හා 2019 වර්ෂයන්හි එම මද්‍යස්ථාන ගණන පිළිඹඳ අගයන් මෙහි දක්වා ඇත. එයින් පැහැදිලි වන්නේ එම 2017 වර්ෂය තුල බෙහෙත්ශාලා 2ක නව එකතුවක් සිදුවී ඇති අතර වෙනත් වෙනස්වීමක් සිදුව නොමැති බවයි.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

නියාමන සේවා (මසකට ලැබෙන සාමාන්‍ය අයදුම්පත් ගණන)

ධාරිතා සංවර්ධනය සඳහා පුහුණු සැසි

මූලාශ්‍රය - පේදුරුතුඩුව නගර සභාව

Providing trainings to the staff will increase the capacities of the officers in managing and decision making. This data explained on provided trainings and the number of officers trained.

තේමා සිතියම්

 

පේදුරු තුඩුව නගර සභා ප්‍රදේශය:

පේදුරු තුඩුව නගරසභා ප්‍රදේශය හෙක්ටයාර 462.58 ක භූමි ප්‍රදේශයක් ආවරණය කරයි. (දත්ත මුලාශ්‍රය _ මිනින්දෝරු දෙපාර්තමේන්තුව)

සිතියම මෙතැනින් බාගත කරගන්න                        දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 

පේදුරු තුඩුව නගර සභා ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරි කොට්ටාශ වල සිතියම:

පේදුරු තුඩුව නගර සභා ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරි කොට්ටාශ 7 ඇති අතර මෙහි ඇති දත්ත ගොනුව බාගත කරගැනීම මගින් ඒවායේ සවිස්තරාත්මක තොරතුරු ලබා ගත හැකි වේ. (දත්ත මූලාශ්‍රය: මිනින්දෝරු දෙපාර්තමේන්තුව)

සිතියම මෙතැනින් බාගත කරගන්න                       දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 

පේදුරු තුඩුව නගර සභා ප්‍රදේශයට අයත් මාර්ග සිතියම:

පේදුරු තුඩුව නගර සභා ප්‍රදේශය සඳහා මාර්ග සිතියම මාර්ග වර්ගීකරණය අනුව මෙහි ඇති අතර දත්ත ගොනුව බාගත කරගැනීම මගින් මාර්ගවල නම ආදී වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.මෙම තොරතුරු 2020 දී යාවත්කාලීන කර ඇත. (දත්ත මූලාශ්‍රය _ OpenStreetMap)

සිතියම මෙතැනින් බාගත කරගන්න                         දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය

ඉතා සීමිත සම්පතක් වන භූමිය සහ ඉඩම් නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් බොහෝ ප්‍රතිලාභ ලැබිය හැකිය.

 

විශේෂයෙන්ම භාවිතය සඳහා සුදුසු ඉඩම් වල හිඟයක් ඇති නාගරික ප්‍රදේශ සඳහා මෙය වඩා වැදගත් වේ. වැඩි වන ජනගහනයකට සරිලන පරිදි සැලසුම් සහගත නගර නිර්මාණය කිරීම සඳහා, වර්තමානයේ දී ඉඩම් පරිහරණය පිළිබඳ මනා අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වේ. වර්තමාන භූමි පරිභෝජනය පිළිබඳ අවබෝධ කර ගැනීමටත්, ඉඩම් වෙන් කර ඇති ආකාරය සහ ඒවා අද අපගේ නගරවල භාවිතා කරන්නේ කුමන ආකාරයෙන්ද යන්නත් තේරුම් ගැනීමට පරිශීලකයින්ට ඉඩම් පරිහරණ සිතියම් මගින් තොරතුරු සපයයි.

 

මෙහි ඉදිරිපත් කර ඇති ඉඩම් පරිහරණ සිතියම් "ඉදිකළ / ඉදිනොකළ" ලෙස ප්‍රධාන කොටස් දෙකකට සහ ඒවායේ උප කාණ්ඩ 36 කට වර්ග කර ඇත. සිතියම් මත ක්ලික් කිරීම සහ සිතියම් කොටස් වෙන වෙනම අක්‍රිය හා සක්‍රිය කිරීමේ පහසුකම මෙහි පවතින අතර එමඟින් පරිශීලකයාට කාණ්ඩ හෝ උප කාණ්ඩ තෝරා ගැනීමට ඉඩ ලබා දේ. මෙම එක් එක් උප කාණ්ඩවල ඉඩම් ප්‍රමාණය සිතියම් ප්‍රදේශයට පහළින් ඇති ප්‍රස්ථාරවල දක්වා ඇත. මෙය වඩා යහපත් තීරණ ගැනීමේ ක්‍රියාවලීන් වැඩි දියුණු කරන මෙවලමක් වනු ඇතැයි විශ්වාස කෙරේ.

 

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය
ඉදිකරන ලද භූමිය
මුළු
ඉදිකරන ලද භූමිය
(ha)
ඉදි නොකරන ලද
මුළු
ඉදි නොකරන ලද
(ha)

කාලාන්තරයක් තිස්සේ නාගරික ව්‍යාප්තිය ක්‍රමානුකූලව වෙනස් වූයේ කෙසේද යන්න පිළිබද අදහසක් ලබා ගැනීමට මෙම සිතියම් අධ්‍යනය ඉතා යෝග්‍ය වේ. නාගරික / අර්ධ නාගරික හා ඉදි නොකළ ප්‍රදේශ යනුවෙන් කොටස් කර ඇති මෙම සිතියම වර්ෂ අතර සැසදීමෙන් නාගරික ව්‍යාප්තියේ ස්වරුපය හා නගරයේ අනාගතය උපනතීන් පිළිබඳ පුරෝකථනය කිරීමේ ඇති හැකියාව විශේෂ වේ.

 

සෑම නගරයකම වැඩි ඝනත්වයක් නගර මධ්‍යයේ සංකේන්ද්‍රණය වී ඇති බවත්, නාගරික ව්‍යාප්තිය සිදු වන රටාව අධ්‍යයනය කිරීමේ දී මාර්ග ඔස්සේ ඉදිකිරීම්වල ඝනත්වය වැඩි වෙමින් යන බව පැහැදිලි වේ. එහිදී ප්‍රධාන මාර්ග ඔස්සේ වේගවත් නාගරික ව්‍යාප්තියක් සිදුවන බවත් හඳුනාගත හැකිය.

 

නාගරික ව්‍යාප්ති විශ්ලේෂණය සඳහා ප්‍රදේශය තෝරා ගැනීමෙන් අනතුරුව මූලික අධ්‍යයන කිහිපයක් සිදු කළ යුතුය. මුලදී, දුරස්ථ සංවේදක තොරතුරු උපයෝගී කරගනිමින් හඳුනාගත් නාගරික දර්ශක අගයන් අදාළ නගර සභා ප්‍රදේශවල ආසන්න ප්‍රදේශයක් ඇතුළුව අධ්‍යයනය කරන ලදී.

 

නාගරික ව්‍යාප්ති විශ්ලේෂණය සඳහා ප්‍රදේශයක් තෝරා ගැනීමට පෙර එය පහත කරුණු සලකා බැලිය යුතුය
- නාගරික මායිම
- නාගරික මායිම වටා අවම වශයෙන් කිලෝමීටර් 2-3 ක ප්‍රදේශයක්
- භෞතික නාගරික ස්වභාවය හීනවෙමින් යන මායිම ආසන්න වශයෙන් ලකුණු කර ගැනීම

 

දුරස්ථ සංවේදක යොදාගනිමින් සිදුකරන සිතියම් අධ්‍යනයන්හිදී, 0 ට වඩා වැඩි අගයන් ඉදිකිරීම් සහිත ප්‍රදේශ නියෝජනය කරයි. නාගරික ව්‍යාප්තියේ ප්‍රමාණය මෙන්ම ඉහළ ඉදිකිරීම් ඝනවය ක්‍රමයෙන් හීන වෙමින් යන ප්‍රදේශය හදුනාගනිමින් මායිම පිළිඹඳ අදහසක් ලබා ගත හැකි වේ. හඳුනාගත් නාගරික දර්ශක අගයන් පවත්නා ගොඩනැගිලි ඝනත්වයට අනුකූල බව සහතික කිරීම සඳහා හඳුනාගත් සීමාවන් නවතම චන්ද්‍රිකා රූප මත ප්‍රක්ෂේපණය කරන ලදී.

 

මෙම දත්ත විශ්ලේෂණයට අදාලව අනුගමනය කළ පියවර සවිස්තරව දැන ගැනීම සඳහා පහත තොරතුරු බාගත කරගන්න.

 

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය
නාගරික ව්‍යාප්ති සංඛ්‍යාලේඛන
පේදුරු තුඩුව නගර සභාව ( km 2 )
සමස්ත වර්ධන වේගය 1995 - 2017 %
නාගරීකරණයේ වෙනස් වීම 1995 - 2017
නාගරීකරණය පිළිබඳ සලකා බලන මුළු ප්‍රදේශය 0