ජනගහනය
ජනගහනය
38,000
පරිපාලන ප්‍රදේශය
1,100 ha
ඝනත්වය
53 persons / ha

නගරයක් යනු විශාල මිනිස් ජනාවාසයකි. එහි වැදගත්ම ගාමක බලවේගය මිනිසාය. නගරයක සක්‍රීයත්වය පදනම් වන්නේ මිනිසා හා ඔහුගේ ක්‍රියාකාරීත්වය මතය. නගරයක් තුළ වෙසෙන ජනගහණයේ සංයුතීන් හා ඔවුන්ගේ විවිධාකාර හැකියාවන් පිළිබඳ පූර්ව අවබෝධයක් ලබා ගැනීම සාර්ථක නාගරික අධ්‍යයනයක මූලික පියවර විය යුතුය.

පවතින භෞතික සීමාව තුළ ජනවිකාශන හා සංයුතියේ රටා හඳුනා ගනිමින් සිදුකරන පුරෝකථනයන් තුළින් වඩා යහපත්ව ජීවත් විය හැකි සැලසුම්සහගත නගරයක් නිර්මාණය කරනු ඇත.

ජනගහනය හා වර්ධන වේගය

මූලාශ්‍රය - JICA

2015 වසරේ සිට ඉදිරි වසර නමයකට පුරෝකථනය කරනු ලැබූ කුරුණෑගල මහ නගර සභාවේ ජනගහනය හා එහි වර්ධන වේගය මෙමඟින් ඉදිරිපත් කරයි. අඛණ්ඩව ඉහළ යමින් පවතින ජනගහන වර්ධන වේගයක් එම කාලය තුළ නගරසභා සීමාවේ පවතින නමුත් එම වර්ධනය අඩු වේගයකින් සිදු වන බවද මෙයින් පැහැදිලි වේ.

පුමිතිරි බව වයස් ව්‍යුහය අනුව බෙදීගොස් ඇති ආකාරය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

කුරුණෑගල මහා නගර සභා සීමාව තුළ සමස්ත ජනගහනයෙන් 48.52%ක් පුරුෂයන්ද 51.48% ස්ත්‍රීන්ද වෙයි. වයස් අනුව මුළු ජනගහනය ප්‍රතිශතාත්මක ලෙස බෙදී ගොස් ඇත්තේ 15 ට අඩු ළමයින් 22.86% ලෙසත්, 15 - 29 අතර වයසේ පසුවන්නන් 24.1% ලෙසත්, 30-59ත් අතර වයසේ සිටින්නන් 39.83% ලෙස හා 60ට වැඩි මහලු ජනගහනය 13.2% ලෙසත් ය.

ජනවාර්ගික පැතිකඩෙහි සංයුතිය - නාගරික ප්‍රදේශය,  දිස්ත්‍රික්කය හා පළාත අනුව

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

කුරුණෑගල නගරයේ ජනගහනයෙන්, සියයට 73.3ක් සිංහල, සියයට 16.8 ක් ශ්‍රී ලංකා මුවර්, සියයට 8.1 ක් ද්‍රවිඩ සහ සියයට 1.8 අනෙකුත් කණ්ඩායම් ලෙස වර්ග කර දැක්විය හැකිය.

ජනවාර්ගිකත්වය අනුව භාෂා හැකියාවන් වෙනස්වී ඇති ආකාරය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

මහනගර සභාවේ ජනතාවගේ භාෂා කුසලතා පෙන්නුම් කරන දත්තයන් මෙහි දැක්වේ.

පුරුෂයන් 100කට සාපේක්ෂව වාර්තාගතව ඇති කාන්තාවන් සංඛ්‍යාව වයස් කාණ්ඩ වලට අනුව

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

පුරුෂයන්ට සාපේක්ෂව ස්ත්‍රීන් ගේ අනුපාතය මෙහි දත්ත අනුව දක්වා තිබේ. වයස අවුරුදු 15ට අඩු වයස් සිමාවේ හැර අනෙකුත් වයස් කාණ්ඩ වල පුරුෂයන්ට වඩා ස්ත්‍රීන් ප්‍රමාණය වැඩි බව මෙම දත්ත අනුව පැහැදිලි වේ.

නගරය තුල වාසය කල වසර ගණන අනුව සංක්රමණිත ජනගහනය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

දත්ත පදිංචිය වර්ෂය සැලකිල්ලට ගනිමින් නගරයේ සංක්‍රමණිකයන් දෘශ්‍යමාන කරයි.

ජන සංක්‍රමණයට හේතු

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

බහුතර පුරුෂයන් ප්‍රමාණයක් රැකියා අවස්ථා සලකා බලමින් නගරයට සංක්‍රමණය වී ඇති බවත්, කාන්තාවන් බහුතරය විවාහය හේතුවෙන් නගරයට සංක්‍රමණය වී ඇති බවත් මෙම දත්ත අනුව පැහැදිලි වේ.

අධ්‍යාපනය

අධ්‍යාපනය, සමාජයක සංවර්ධනය පිළිබිඹු කරන ප්‍රධාන සාධකයකි. අධ්‍යාපනය පිළිබඳ දර්ශකයන් නාගරික සංවර්ධනය පිළිබඳ පුළුල් පැතිකඩක් දක්වමින් ඒ සදහා විශාල දායකත්වයක් සපයයි.


දිළිඳුකම පිටුදැකීම හා අධ්‍යාපනය අතර සෘජු සම්බන්ධතාවයක් ඇති අතර සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි අදාළ දත්ත හා දර්ශකයන් ඉතාම වැදගත් වේ. මන්ද යත්, මනා අධ්‍යාපනයක් තුළින් ඉහළ වැටුප් ලබන විධිමත් රැකියාවක් ලබාගැනීමටත්, අවිධිමටත් ආර්ථික කටයුතුවල යෙදෙන්නන් හට වඩා හොඳ ජීවනෝපායක් ලබා ගැනීමටත්, අවසානයේදී පරම්පරානුගතව පැවතගෙන එන දිළිඳු බවින් මිදීමටත් මංපෙත් සැලසීමත් ය.

දියුණු අධ්‍යාපන ආයතන වෙත යොමුවීම මගින් මහජනයා ස්වයං රැකියාවක නියුතු වුවද, නැතහොත් ශ්‍රම බලකායේ කොටසක් ලෙස කටයුතු කලද, යහපත් ආර්ථික ස්ථාවර තත්වයක් ලබා ගැනීම පහසු කරවයි. නගරයක ජනතාව ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික අධ්‍යාපනය මෙන්ම වෘත්තීය මධ්‍යස්ථාන හරහා නිපුණතා සංවර්ධනය කරගනු ලබන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීමෙන් එම නගරයේ සංවර්ධනය කෙතරම් යහපත් ලෙස සිදු වේද යන්න හෝ එහි තවදුරටත් සංවර්ධනය කළ යුතු කොටස් පිළිබඳ කරුණු අවබෝධ කරගත හැකිය.

උපකාරක පන්ති සඳහා සතියේ දිනවල සිසුන්ගේ පැමිණීම-2017

මූලාශ්‍රය - වයඹ මානව සම්පත් කළමනාකරණ අධිකාරිය

උපකාරක පන්ති සඳහා සතියේ දිනවල 25,000 කට ආසන්න සංඛ්‍යාවක් දෛනිකව පැමිණෙන අතර, මෙම ප්‍රමාණය සති අන්ත දිනවල දී 100000ට ආසන්න වේ. නගරයේ මධ්‍යගත පිහිටීම නිසා පවතින පහසු ප්‍රවේශකත්වය මත ජනප්‍රිය ගුරුවරුන් , විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහිත උපකාරක පන්ති බිහිවීමත් සමග විද්‍යා, ගණිත උසස් පෙළ පන්ති සඳහා ත්‍රිකුණාමලය පොළොන්නරුව, කැකිරාව, පුත්තලම, අනුරාධපුර වැනි විශාල දුර බැහැර ප්‍රදේශවල සිට ජනගහනය පැමිණීම නිරීක්ෂණය කළ හැකි වේ.

ස්ත්‍රී පුරුෂ භාවය අනුව ඉහළම අධ්‍යාපන මට්ටම

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

මෙම දත්ත මගින් කුරුණෑගල නගරයේ ජනතාවගේ අධ්‍යාපන මට්ටම පිළිබඳව පැහැදිලි කරයි.මේ අනුව සිසුවියන්ගේ සහභාගිත්වය ඒ ඒ අංශ සඳහා වඩා ඉහල අගයක් ගන්නා බව පැහැදිලි වේ.

ස්ත්‍රී පුරුෂ භාවය අනුව අධ්‍යාපන මට්ටම (වයස අවුරුදු 3 - 24 )

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

මෙම වයස් කාණ්ඩය තුල, සියයට 50ක ප්‍රතිශතයක් පාසල් අධ්‍යාපනය සඳහා යොමුව සිටින බවත්, සැලකිය යුතු තරමේ පිරිසක් කිසිදු අධ්‍යාපන කටයුත්තක් සඳහා යොමුව නැති බවත් දත්ත අනුව දැක්වේ.

පරිගණක සාක්ෂරතාව - (වයස අවුරුදු 10 සහ ඊට වැඩි ජනගහනය)

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

වසර 2012 වාර්තා ගත දත්තයන්ට අනුව, වයස 15ත් 19ත් අතර වයස් කාණ්ඩයේ පරිගණක සාක්ෂරතා මට්ටමේ වෙනත් වයස් සීමාවන් හා සසඳන විට ඉහල අගයක් ගන්නා බව දැක්වේ.

ප්‍රවාහනය

නගරයක වර්ධනය හැඩගැන්වීමේ ලා මහා මාර්ග හා ප්‍රවාහන සබඳතා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ඕනෑම නගරයකට පවතින ප්‍රවාහන සම්බන්ධතා හා අදාළ පහසුකම්, නගරයේ ස්වයංක්‍රීය වර්ධනය වේගවත් කරයි.
බස්රථ සහ දුම්රිය ප්‍රවාහනය , භාණ්ඩ ප්‍රවාහනය , ගුවන් තොටුපලවල් හා ප්‍රවාහන පද්ධති හා අදාළ සියලු කටයුතු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු එකම ගොනුවක පැවතීම මෙහිදී වඩා කාර්යක්ෂම වේ.

තිරසාර සංවර්ධන ඉලක්ක 11.2 අනුව, ආරක්ෂිත, සියලු දෙනා හටම දැරිය හැකි, පහසුවෙන් ලගාවිය හැකි හා තිරසාර ප්‍රවාහන පද්ධතියක් සඳහා මාර්ග ආරක්ෂාව, පොදු ප්‍රවාහනය , අවදානම් තත්ත්වයන් පිලිබඳ තොරතුරු මෙහි ඇතුලත් වේ. කාන්තාවන්ගේ, දරුවන්ගේ, ආබාධ සහිත පුද්ගලයින්ගේ සහ වැඩිහිටියන්ගේ අවශ්‍යතා සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් මෙම තොරතුරු සංවර්ධන ඉලක්ක වෙත ලගාවීමෙහි ලා භාවිතා කල හැක.

දෛනිකව ගමනාගමනයේ යෙදෙන ජනගහනය

මූලාශ්‍රය - සමීක්ෂණය-නාගරික සංවර්ධන අධිකාරිය, වයඹ පළාත් කාර්යාලය. (මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, කුරුණෑගල)

මෙම නගරයට සමාන්තර පලාත් අගනගර වන ගාල්ල අනුරාධපුර මහනුවර යන නගර සමඟ සංසන්දනය කිරීමේ දී කුරුණෑගල නගරයේ දෛනික සංසරණ ජනගහනය ඉහළ අගයක් ගන්නා බව පැහැදිලි වේ.(අනුරාධපුර-150000, නුවර-350000, ගාල්ල-150000). මෙම සංසරණ ජනගහනය පහත පරිදි සේවා අවශ්‍යතා සඳහා පැමිණෙන බව වැඩිදුර විශ්ලේෂනයේදී පැහැදිලි විය. ප්‍රධාන රැකියා මධ්‍යස්ථානයක් ලෙස රජයේ රැකියා සඳහා 28000 පමණ ද, වාණිජ ආයතන 2080 ක් පමණ ස්ථානගත වීම හේතුවෙන් දිනකට 26421 පමණ සේවා නියුක්තිකයන් ප්‍රමාණයක් ද, කුරුණෑගල රජයේ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට දිනකට 6000 පමණ රෝගීන් සංඛ්‍යාවක් හා රෝගීන් බැලීම හා ආශ්‍රිත සෞඛ්‍ය කටයුතු සඳහා 20000 පමණ ජනගහනයක් ද, පාසල් සඳහා 32400 පමණ ළමුන් ප්‍රමාණයක් ද, උපකාරක පන්ති සදහා සතියේ දිනවල සිසුන් 25000 කට ආසන්න ජනගහනයක් ද, සති අන්ත දිනවල දී 100000 ආසන්න ප්‍රමාණයක් ද, විදේශ රැකියා ආයතන 178 ක් නගරය තුළ ස්ථානගත වී ඇති බැවින් දෛනික 4000-5000 ප්‍රමාණයක් ද නගරයට පැමිණෙන බව සමීක්ෂණයේදී අනාවරණය විය.

කුරුණෑගල නගරයේ මාර්ග වල සැලසුම්ගත ධාරිතාවය

මූලාශ්‍රය - මාර්ග සංවර්ධන අධිකාරිය

මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදුකරන ලද මාර්ග ධාරිතා විග්‍රහයන් අනුව මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් නඩත්තු වන ප්‍රධාන මාර්ගවල උපරිම වාහන ධාවන ධාරිතාව ඉක්මවා ගොස් ඇති බව තහවුරු වේ. ඒ අනුව කදුරුගස් හන්දිය සිට ඔරලෝසු කණුව දක්වා, පුවක්ගස් හන්දියේ සිට නගර මාධ්‍ය දක්වා, නගර මධ්‍යයේ සිට මල්ලවපිටිය දක්වා හා බෞද්ධාලෝක මාවත යන ස්ථානවල නිරන්තර වාහන තදබදයක් දැකිය හැකිය. ඒ අනුව නගර මධ්‍යය පසුකර කිලෝමීටර් 2ක් ගමන් කිරීමට කාර්යබහුල අවස්ථාවලදී විනාඩි 40ක් පමණ ගතවේ. ප්‍රධාන වශයෙන් සේවා මත පදනම් වූ නගරයක් බැවින් මෙම කාර්යබහුල අවස්ථාවල දී සිදුවන වාහන තදබදය නගරයේ ඵලදායීතාවය අඩු කිරීමට බලපානු ලබයි.

ප්‍රධාන මාර්ග දෙපස වාහන නවතා තැබීම

මූලාශ්‍රය - qq

කුරුණෑගල නගරයේ මාර්ග දෙපස වාහන නවතා තැබීම පිළිබඳ 2018 වසරේ මාර්තු මස 26 වන දින පෙරවරු 10 සිට 10.30 දක්වා නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රේෂ්ඨ සමීක්ෂණයක ප්‍රතිඵල මෙහි දැක්වේ. වාහන නැවතුම් ස්ථාන ප්‍රමාණවත් නොවීම නිසා ඉහත පරිදි මාර්ග දෙපස වාහන නවතා තැබීම නිරීක්ෂණය වේ. වාහනය නවතා තැබීම නිසා ජනතාවගේ සංසරණය වීමේ ගැටලුවලට මුහුණදීමට සිදුවීම නිසා නගරය ප්‍රියජනක බව අඩු කරනු ලබයි. තවද එය වාහන තදබදයට හේතුවී නගරයේ කාර්යක්ෂමතාව අඩුවීමට ද බලපානු ලබයි.

කුරුණෑගල නගරය හරහා වැටී ඇති මාර්ග පද්ධතිය

මූලාශ්‍රය - නාගරික සංවර්ධන අධිකාරිය

කුරුණෑගල නගරය හරහා A පන්තියෙ ප්‍රධාන මාර්ග 6ක් ගමන් ගන්නා අතර කුරුණෑගල නගරයේ සිට කොපමණ දුරකින් එම මාර්ගයන්හි ගමනාන්තය පිහිටා ඇතිද යන්න මෙයින් දැක්වේ.

පුද්ගලික රථ නැවතුම් සඳහා යෝජිත ස්ථාන

මූලාශ්‍රය - නාගරික සංවර්ධන අධිකාරිය

අධි ඝනත්ව වාණිජ සංවර්ධනයට අවශ්‍ය වාහන නැවතුම් ස්ථාන ලබාදීම තුළින් මාර්ග තදබදය අවම කිරීම අරමුණු කොටගෙන පෞද්ගලික රථ නැවතුම් සඳහා යෝජිත ස්ථාන හඳුනාගෙන ඇත. මෙහි එන එකිනෙකක් යෝජිත රථ නැවතුම් ස්ථාන සඳහා අදාල වන ඉඩම් වල ප්‍රමාණය අක්කර වලින් මෙහි සදහන් බාගත කළ හැකි තොරතුරු ගොනුවෙහි දක්වා ඇත.

පෙ.ව. 06 සිට ප.ව. 06 දක්වා මහ නගර සභා සීමාවට ඇතුල්වන වාහනවල ප්‍රතිශතය

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

නගරය තුළ අනෙකුත් වාහන වර්ග සමඟ සංසන්දනය කරන කල,මෝටර් සයිකල් භාවිතා කරන්නන් සංඛ්‍යාව ඉහළය.

වාහන තදබදය (දිවා කාලයේ)

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

නගරය තුළ ඇති වාහන තදබදය පිළිබඳ මෙම දත්ත වල විස්තර කර ඇත. වැඩිම වාහන සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ උදේ 7 ටය. මෙම තත්වය පාසැල් හා කාර්යාල කාලය ආරම්භ වන වෙලාව හේතු කොටගෙන ඇති වුවක් ලෙස සැලකිය හැකිය.

පොලිස් බල ප්‍රදේශ අනුව හදිසි අනතුරු සංඛ්‍යා ලේඛන (මාරාන්තික තුවාල ලැබූ සංඛ්‍යාව)

මූලාශ්‍රය - ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව

හා ී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ රථවාහන අනතුරු ඒකකයේ දත්ත වලට අනුව කුරුණෑගල පොලිස් බල ප්‍රදේශය තුළ 2014 2015 2016 යන වසර තුන ඇතුළත සිදු වී ඇති මාරක රිය අනතුරු නිසා මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව ඉහතින් දක්වා ඇත 2017 වසරේදී එකසිය දහතුනක් වූ මරණ ප්‍රමාණය 2015 වසරේදී 118 ක් දක්වා ද 2016 වසරේ 160 ක් දක්වා ද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත පෙන්නුම් කරයි ඉහළ යාමක් පෙන්නුම් කරයි

වාහන වර්ගය සහ මගීන් සංඛ්‍යාව - මාර්ගයේ එක් පසෙකට , පැය 24 ක් තුල

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

ප්‍රදේශයේ මගීන් බහුතරයකගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලන ප්‍රධාන ගමනාගමන මාර්ගය බස්රථ බව මෙම දත්ත අනුව පැහැදිලි වේ.

දුම්රිය මගීන් සංඛ්‍යාව

මූලාශ්‍රය - ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

මෙම දත්ත අනුව, වාර්ෂික දුම්රිය මගීන් සංඛ්‍යාවේ වර්ධනයක් වාර්තා වේ.

නගරයට පිවිසෙන/ නගරයෙන් පිටව යන දුම්රිය මගීන් සංඛ්‍යාව

මූලාශ්‍රය - ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

දුම්රිය මගීන් බහුතරය කොළඹ දුම්රිය මාර්ගය භාවිතා කරනා බව, දත්ත අනුව පැහැදිලි වේ.

පදික මාරුව භාවිතය

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

ප්‍රදේශයේ පදිකයන්ගේ ගමනාගමන රටාව මෙම දත්ත මගින් පැහැදිලි කෙරේ.

ආර්ථිකය

නගර, මෙරට ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන සාධකයක් වන අතර, ශ්‍රී ලංකාවේ නගරවල ආර්ථීක වෙනස්වීම් වල පැතිකඩ පිළිබඳ යතාර්ථවාදී චිත්‍රයක් ගොඩනැගීමට ඒ හා සමගාමී විශ්ලේෂණ තිබීම අතිශය වැදගත් වේ.

ලංකාවේ නගරවල ආර්ථික පසුබිම වටහා ගැනීමට නම් රටක් ලෙස එහි ඵලදායීතාව ගෝලීය වශයෙන් ඇති තරගකාරිත්වය සමඟ සැසදීම සිදුකළ යුතුමය.ඒ සඳහා මානව ප්‍රාග්ධනය හා සබැඳි ශුම බලකා සහභාගිත්වය පිළිබඳ අධ්‍යනයක් මෙන්ම නගර සංවර්ධනයේදී මුහුණදෙන ප්‍රධාන බාධාවන් වන ශ්‍රම වෙළෙඳ පොළේ අවාසි, ආර්ථික අවදානම වැනි තත්ත්වයන් තේරුම් ගැනීම පූර්වයෙන්ම කළ යුතුවේ.

මෙහි ඇති ආර්ථික විශ්ලේෂණ තුළින් ප්‍රාදේශීය වශයෙන් නාගරික සංවර්ධනයට හා නාගරික ජනාවාසවල දියුණුවට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වය හා එහි විභවතාවන් හඳුනාගැනීමටත් අදාළ  බලප්‍රදේශය තුළ ශ්‍රම බලකාය උපරිම වශයෙන් භාවිතා කරමින් කුසලතාවන්ට සරිලන ප්‍රදේශයට ආවේණික වෙළෙඳපොළක් හදුනා ගැනීමේ හැකියාවත් හිමිවේ.

වාණිජ ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අයදුම්පත් ගණන

මූලාශ්‍රය - කුරුණෑගල මහ නගර සභාව

කුරුණෑගල මහා නගර සභා සීමාව තුළ පසුගිය ඉඩම් පරිහරණ වෙනස්වීම් අධ්‍යයනයේ දී 1997,2001, 2017 වර්ෂවල වාණිජ ඉඩම් භාවිතය සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරයි. (1998-1.47%, 2001-4.97%, 2017-7.3%) එමෙන්ම මහ නගර සභාව වෙත ඉදිරිපත් කරන වාණිජ ගොඩනැගිලි අයදුම් පත් සංඛ්‍යාව වාර්ෂික වැඩිවීම මගින්ද මෙය පැහැදිලි වේ. මගින් ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස කුරුණෑගල නගරය සංවර්ධනය කිරීම සඳහා විභවතාවයන් පවතින බව පැහැදිලි වේ.

ආංශික සේවා නියුක්තිය 2011-2016

මූලාශ්‍රය - ප්‍රාදේශීය ලේකම් කාර්යාල - කුරුණගල, මස්පොත, මල්ලවපිටිය 2016

ආංශික සේවා නියුක්තිය 2011 සහ 2016 සලකා බැලූ විට පෞද්ගලික අංශයේ සේවා නියුක්තිය 2011 වර්ෂයේ 16.7% වූ අගය 2016 දී 35%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර රාජ්‍යය අංශයේ දායකත්වය 16.7% සිට 19% දක්වා ඉහළ ගොස් ඇත. කෘෂිකාර්මික විදේශ රැකියා හා කුලී වැඩ යන ක්ෂේත්‍ර තුනෙහි සේවා නියුක්තිය 2011 වසරට සාපේක්ෂව 2016 වසරේ සේවා නියුක්තියේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබේ.

නගර වල තරඟකාරීත්වයේ ඇස්තමේන්තුගත මිනුම් දර්ශකය (CCI)

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

නගර වල තරගකාරිත්වය පිලිබඳ දර්ශකයේ දෙවන ස්ථානය හිමි වන්නේ කුරුණෑගල මහා නගර සභාවටයි. කොළඹ හා හා මහනුවර යන මහා නගර සභා පිළිවෙලින් පළමු හා තෙවන ස්ථාන ලබා තිබේ.

ඇස්තෙම්න්තුගත ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය

මූලාශ්‍රය - ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව 2017

කුරුණෑගල මහා නගර සභාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ ක්‍රමික වැඩිවීමක් මෙම දත්ත අනුව දැක්වේ.

වාර්ෂික ආදායම් සහ වියදම්

මූලාශ්‍රය - කුරුණෑගල මහ නගර සභාව

මෙම දත්ත නගරයේ වාර්ෂික ආදායම හා වියදම පිළිබඳ විස්තර කරයි

නාගරික පාලනය

නාගරික ප්‍රදේශ සැලසුම් කිරීමේදී , මූල්‍ය සැලසුම්කරණය හා කළමනාකරණය කෙසේ සිදුකල යුතුද යන්න රජය (ප්‍රාදේශීය, කලාපීය හා ජාතික) සහ එහි පාර්ශවකරුවන් විසින් තීරණය කරනු ලබන ක්‍රියාවලිය නගර පරිපාලනය හා බැඳේ. එසේම මෙය,සමාජයීය, භෞතික සම්පත් හා දේශපාලන බලය නිසි තැනට නිසි ලෙස බෙදී යාම පිලිබඳ නිර්ණය කෙරෙනා අඛණ්ඩ ක්‍රියාවලියකි.
ශ්‍රී ලංකාවේ නාගරික පරිපාලනයේ මූල්‍ය ප්‍රත්‍යස්ථතාවය , සේවා ප්‍රතිපාදනය සහ ආර්ථික ගතිකත්වය කෙරෙහි මෙහිදීඅවධානය යොමු කරයි.

මෙහි ඇති තොරතුරු, පවතින ද්විතීක තොරතුරු, බිම් මට්ටමින් සිදුකරන ලද සමීක්ෂණ හා තොරතුරු රැස්කිරීම් මෙන්ම පාර්ශවකරුවන් හා සිදුකල විස්තරාත්මක සාකච්ඡා වෙත අනුගත වේ.

නාගරික කළමනාකරණය, රාජ්‍ය පරිපාලනය, නාගරික මුදල්, අයවැයකරණය සහ කළමනාකරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය, පුරවැසි සහභාගිත්වය සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ තොරතුරු ආදී වටිනා දත්ත සමුදායක් මෙහි අන්තර්ගත වේ.

ඉඩම් පරිහරණ රටාවේ වෙනස් වීම

මූලාශ්‍රය - දළ නගර සංවර්ධන සැලැස්ම 1985 -1997, කුරුණෑගල නගර සංවර්ධන සැලැස්ම 2006 - 2015, නාගරික සංවර්ධන අධිකාරියේ ක්ෂේත්‍ර සමීක්ෂණය-2017

ප්‍රධාන මාර්ග ජාලය සංකේන්ද්‍රණය වී මංසන්ධි නගරයක් වශයෙන් කුරුණෑගල නගරය සංවර්ධනය වීම හේතුවෙන් නගර මධ්‍යයේ ඉහළ නාගරික සංවර්ධනයක් දක්නට ලැබෙන අතර, නගරයෙන් පිටත ප්‍රධාන මාර්ගය දිගේ රේඛීය වාණිජ සංවර්ධනයක් දක්නට ඇත. නමුත් නගර මධ්‍යයේ පවා ප්‍රධාන මාර්ග ආශ්‍රිතව පිහිටි අභ්‍යන්තර මාර්ග වලින් ප්‍රවේශය ලබන ඇතැම් මාර්ග වල පටු බව, මාර්ග සම්බන්ධ නොවීම යන ආදී හේතු මත වාණිජ සංවර්ධනය සඳහා යොමුවී නොමැති බවද නිරීක්ෂණය කළ හැක. පාසල් සහ රජය කාර්යාලය යනාදිය සඳහා ඉඩම් ප්‍රමාණයෙන් 10% ක් වැනි ඉහල ප්‍රතිශතයක් වෙන් වී ඇති අතර වී වගාව සඳහා18%ක් පොල් වගාව සඳහා 21%ක් යෙදවී ඇති නමුත් කුඹුරු ඉඩම් ප්‍රමාණයෙන් 10.6% ජල පහසුකම් නොමැති වීම හේතුවෙන් වගා කටයුතු සඳහා භාවිතා කළ නොහැකි තත්ත්වයකට පත්වී ඇත. පොල් වගාව සඳහා භූමියේ 21.6% වෙන් ව තිබුනද පොල් ඉඩම්වල ඵලදායීතාව අඩුවීම හේතුවෙන් ප්‍රදේශය පුරා පොල් ඉඩම් නේවාසික සංවර්ධනය සඳහා යොමු වීමේ ගැටලුවක් ද පවතී.

නගර පරිපාලන දර්ශකය

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

නගරය තුළ මුල්‍යමය ස්ථාවරත්වය, ජාතික මට්ටමට සාපේක්ෂව යහපත් මට්ටමක පවතී. අනෙක් අංශයන් සඳහා ජාතික සාමාන්‍ය අගය හා සම වීමට හෝ එය ඉක්මවා යාමට තව දුරටත් මනා සැලකිල්ලෙන් යුතුව කටයුතු කල යුතු වේ.

පලාත් පාලන ආයතන බෙදී යාම

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකාව, පළාත් පාලන ආයතන අනුව එහි ජනගහනය හා විශාලත්වය අනුව වර්ග තුනකට බෙදී ඇත. ඒ මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ලෙසයි. මාර්ග, සනීපාරක්ෂක කටයුතු, කානු, අපද්‍රව්‍ය එකතු කිරීම, නිවාස, පුස්තකාල, පොදු උද්‍යාන හා අනෙකුත් පහසුකම් ඇතුළු විවිධ සේවාවන් සැපයීම සඳහා ඔවුන් වගකිව යුතු ය. මෙම දත්ත මඟින් පලාත් පාලන ආයතනයන්හි බෙදී යාම දැක්වේ. වයඹ පළාතේ මහා නගර සභා එකක්ද, නගර සභා තුනක් සහ ප්‍රාදේශීය සභා විසි නවයක් අයත් වේ. වයඹ පළාතේ ප්‍රධාන නගරය කුරුණෑගල නගරයයි.

නිවාස

ශ්‍රී ලංකාවේ මුල්කාලීන නාගරික ජනාවාස උරුමය - ඉතිහාසය, රටාවන්, ඉඩම් භාවිතය සහ නිවාස වැනි ප්‍රවණතා සහ ඒ සමඟ ඇතිවන සංවර්ධන අභියෝගයන් මෙහි සලකා තිබේ.

නිවාස අවශ්‍යතා , යටිතල පහසුකම් හා සංවර්ධන සඳහා වන වියදම්, මූලික අවශ්‍යතා සපුරාලීම මුල්කරගත් නාගරික සැලසුම්කරණය, නාගරික ඉඩම් පරිහරණය සහ ඉඩම් සංවර්ධනය පිළිබඳ තොරතුරු ඇතුලත් තොරතුරු සමුදායක් මෙම අංශය මගින් ගොනුකොට තිබේ . මෙහි SDG 11.1 ට අදාළ දර්ශක ද භාවිතා කර ඇත. සමාජ ආරක්ෂණ වැඩසටහන් සහ සෞඛ්‍ය, ජලය සහ සනීපාරක්ෂක සේවාවන්ගේ ජනගහනය මෙ මගින් ආවරණය වේ. SDG ඉලක්ක 11.7 වෙත ද අවධානය යොමු කරනු ලැබේ.

නේවාසික සංවර්ධනය සඳහා ඉඩම් කොටස්කර බෙදී යාමේ ප්‍රවණතාවයන්

මූලාශ්‍රය - කුරුණෑගල ප්‍රාදේශීය සභාව

කුරුණෑගල ප්‍රාදේශීය සභාව සීමාව තුළ නේවාසික සංවර්ධනය සඳහා ඉඩම් අනුබෙදුම් වීමේ ප්‍රවණතාව වාර්ෂිකව ඉහළ ගොස් ඇති බව පැහැදිලි වෙයි. ප්‍රධාන වාණිජ හා පරිපාලන නගරය වීම හේතුවෙන් රැකියා සහ අනෙකුත් නාගරික සේවා සඳහා කුරුණෑගල නගරයට පැමිණෙන්නන් නගරය වටා ප්‍රාදේශීය සභා සීමාව තුල පදිංචි වීම හේතුවෙන් වාර්ෂිකව අක්කර 50ට වැඩි ඉඩම් ප්‍රමාණයක් නේවාසික සංවර්ධනය සඳහා යොමු වීම නිරීක්ෂණය කළ හැකිය. නාගරික සංවර්ධන අධිකාරියට අනුව කුරුණෑගල මහ නගර සභා බල ප්‍රදේශය තුල මහල් නිවාස සංකීර්ණය ඉදිකිරීම සඳහා ඉල්ලුමක් පවතින බව 2017 මැයි සිට 2018 මැයි දක්වා මහල් නිවාස ඒකක 326 සඳහා මූලික සැලසුම් නිරාකරණය ලබා දීම මඟින් පැහැදිලි වේ.

කලාප අනුව යෝජිත නිවාස ඝනත්වය -2030

මූලාශ්‍රය - නාගරික සංවර්ධන අධිකාරිය

කුරුණෑගල දිස්ත්‍රික්කය දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්ක සමග සංසන්දනය කිරීමේදී ස්වභාවික ආපදා අවම තැනිතලා භූමියකි.ජාතික භෞතික සැලැස්මේ සුසැදි, සුරැකි, සුන්දර බිමක් යන දැක්ම පදනම් කරගෙන ආපදා අවම නේවාසික කටයුතු සඳහා සුදුසු දේශගුණික පරිසරයක් සහිත ප්‍රදේශයක් ලෙස කුරුණෑගල හඳුනාගෙන ඇත. 2030 වර්ෂය වන විට කුරුණෑගල මෙට්‍රො කලාපය තුළ ලක්ෂ 10කට ආසන්න ජනගහනයක් අපේක්ෂා කරන අතර කුරුණෑගල නාගරික සැලසුම් බලප්‍රදේශය තුළ 2030 වනවිට 250000ක නේවාසික ජනගහන වර්ධනයක් ඇති කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරීම සඳහා සැලසුම් සකස් කර ඇත. පදිංචිය සඳහා සුදුසු නේවාසික භූමි හඳුනාගැනීමට සිදුකරන ලද තාක්ෂණික විග්‍රහය (Livability Analysis, Potential Analysis, Sensitivity Analysis) මගින් හඳුනාගන්නා ලද පරිදි සැලසුම් කලාප ඝනත්ව කලාප පහක් යටතේ සංවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.

2030 වසර වනවිට ජනගහනය හා නිවාස පුරෝකථනය

මූලාශ්‍රය - නාගරික සංවර්ධන අධිකාරිය

පවතින ජනගහන වර්ධන වේගය, නේවාසික සංවර්ධනය සඳහා ඇති විභවතා, පරව්‍යුහ පහසුකම් සඳහා යන වියදම, භෞතික සාධක හා පාරිසරික තත්ත්වය, අනාගත සංවර්ධන නැමියාව යනාදිය මත බර තැබීමක් සිදු කර අනාගත ජනගහන වර්ධන අනුපාතය උපකල්පනය කරන ලදී. කුටුම්බයක සිටින පුද්ගලයන් සංඛ්‍යාව 3.86 ලෙස උපකල්පනය කර ඇත.

නිවාස ඒකක වර්ග

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

කුරුණෑගල මහා නගර සභාවේ නිවාස සියයට 90 ක් තනි තට්ටුවේ හා තට්ටු දෙකේ නිවාස බව මෙ මගින් පැහැදිලි වේ.

නිවාස වර්ග

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

කුරුණෑගල මහා නගර සභාවේ නිවාස සියයට 90 කම ස්ථිර නිවාස බව මෙම දත්ත මගින් හෙළි කරයි.

නාගරික සේවා

නගර වැසියන්ගේ යහපත් ජීවන තත්වය සහතික කිරීම නාගරික සේවාවන්ගෙන් යුතු විය යුතු මුලික කාර්ය භාරයයි

නාගරික මධ්‍යස්ථාන ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට ඉවහල් වන ප්‍රධාන සේවාවන් සපයයි. වාහන ලියාපදිංචි කිරීමේ සේවා, සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම වෙත ප්‍රවේශය සහ අතිරේක සේවාවන් රාශියක් වැනි ප්‍රධාන රාජ්‍ය පරිපාලන කාර්යයන් නගර විසින් සපයනු ලැබේ.

නාගරික මධ්‍යස්ථාන පදිංචිකරුවන්ට සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා සපයයි: ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සහ අධ්‍යාපනයක් සඳහා සමාන ප්‍රවේශයක් ලබා දීම. සමාජ විනෝදාත්මක ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැලසීම සහ පුස්තකාල, ප්‍රජා මධ්‍යස්ථාන සහ ක්‍රීඩා පහසුකම් වැනි ප්‍රජා සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා සේවාවන් ද ඒවාට ඇතුළත් ය. සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහා වඩාත් යහපත් අනාගතයක් සුරක්ෂිත කිරීම සඳහා ගුණාත්මක සේවා සහතික කිරීම තීරණාත්මක අංගයකි.

යටිතල පහසුකම්

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

විදුලිබල හා බලශක්ති සැපයුම් අංශය සියයට 97.2 ක ප්‍රතිශතයක් හා සියයට 95 ක් ආරක්ෂිත පානීය ජලය සඳහා පහසුකම් සලසන කලාපයෙන් ආවරණය වීම සිදුවන නිසා, ප්‍රදේශයේ නාගරික සේවා සැලකිය යුතු ලෙස යහපත් මට්ටමක පවතින බව පැහැදිලි වේ.

ඝන අපද්‍රව්‍ය සංයුතිය

මූලාශ්‍රය - කුරුණෑගල මහ නගර සභාව

කුරුණෑගල මහ නගර සභාව විසින් සපයන ලද දත්තයන්ට අනුව මහනගර සභා සීමාව තුළ දෛනිකව ජනනය වන ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය දළ වශයෙන් ටොන් 44 ක් පමණ වේ. ප්‍රධාන මාර්ග දිගේ සහ නගර මධ්‍යයේ වාණිජ ප්‍රදේශ තුළ දිනකට දෙවරක් කසළ රැස් කිරීම සිදුකරන අතර නේවාසික ප්‍රදේශවල සතියේ සෑම දිනකම දිනක් හැර දිනක් කාබනික ද්‍රව්‍යත් අකාබනික ද්‍රව්‍යත් වෙන්කර ට්‍රැක්ටර් මගින් එකතු කරන අතර කාබනික අපද්‍රව්‍ය සුන්දරපොල රක්ෂිතය තුළ පිහිටි අක්කර 12 කින් යුතු නගර සභාව සතු ඉඩමට බැහැර කෙරේ.අකාබනික ද්‍රව්‍ය පොලිතීන්, කාඩ්බෝඩ්, ප්ලාස්ටික් ලෙස වෙන්කර පිරිසිදු කිරීම් සිදුකර මිලදීගන්නන් වෙත ලබාදීම නගර සභාව විසින් සිදුකරයි.

නගර සභාවේ එක්රැස් වන කසල ප්‍රමාණය

මූලාශ්‍රය - JICA

මෙම දත්ත එක් එක් ඉඩම් පරිභෝජනයන් අනුව උත්පාදනය වන අපද්‍රව්‍ය ප්‍රමාණයන් විස්තර කරයි.

ඝන අපද්‍රවය එකතු කිරීම හා බැහැර කිරීම (දිනකට)

මූලාශ්‍රය - JICA

සියයට 10 ක පමණ ප්‍රතිශතයක පවුල් ප්‍රමාණයක් අපද්‍රව්‍ය එක් කිරීමේ සේවාවෙන් ආවරණය නොවන අතර, ඒ අතරින් බහුතරය කසල එළිමහනේ බැහැර කිරීම හෝ පුළුස්සා දැමීම සිදු කරයි.

වීදි ලාම්පු හා ඒවායේ ධාරිතාවයන්

මූලාශ්‍රය - කුරුණෑගල මහා නගර සභාව

කුරුණෑගල මහා නගර සභාවේ වීදි ලාම්පු පිළිබඳ දත්ත මෙහි දැක්වේ.

පාරිසරික

නගරය සියල්ලන් සදහාම ජීවත් විය හැකි පරිදි සුදුසු පරිසරයකින් සමන්විත විය යුතුය. වායු දුෂණය සහ ජලයේ ගුණාත්මක භාවය, පරිසරයේ පැවැත්ම හා සුරක්ෂිත භාවය මෙන්ම සෞන්දර්යාත්මක හා ඓතිහාසික කරුණු පිළිබඳවද මෙහිදී පැහැදිලි අදහසක් ලබාගැනීම වැදගත් වේ.
ආපදා අවදානම මෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ අවදානය, නුතනයේ පාරිසරික සාදක හා සබැඳි තවත් වැදගත් අංගයකි. නගර තුල ඉඩම් පරිහරණ සැලසුම් කිරීමේදී මෙවන් පාරිසරික තත්වයන් හා සාධක ප්‍රමුඛ ස්ථානයක ලා සැලකිය යුතුය.

ගංවතුර පිළිබඳ දත්ත

Direct and indirect recreation plan. 2018 – 2030 Kurunegala urban area

මූලාශ්‍රය - නාගරික සංවර්ධන අධිකාරිය

කුරුණෑගල නාගරික බල ප්‍රදේශයේ 2018 - 2030 වසර සඳහා සෘජු සහ වක්‍ර විනෝද පහසුකම් සැලැස්ම ප්‍රධාන යෝජනා හතරක් යටතේ වර්ග කර ඇත. වර්තමානයේ වාණිජ භාවිතයක් සහිත යෝජිත ඉතා කුඩා උද්‍යානයේ භූමි ප්‍රමාණය හෙක්ටයාර 0.07 වේ. එය අයත් වන්නේ කුරුණෑගල නගර මධ්‍යය ග්‍රාම නිලධාරී කොට්ඨාශයටය. වර්තමානයේ වනාන්තරයක් වන යෝජිත ප්‍රජා උද්‍යානයේ භූමි ප්‍රමාණය හෙක්ටයාර 4.5ක් වේ.එය අයත් වන්නේ කුරුණෑගල කඩවීදිය හා ගැට්ටුවාන යන ග්‍රාම නිලධාරී කොට්ඨාශයන්ටය. යෝජිත වන උද්‍යාන ප්‍රධාන වශයෙන් කොටස් හතරක් හඳුනාගෙන ඇති අතර ඉන් පළමුවැන්න හෙක්ටයාර 231.88ක් වන බඩගමු වනාන්තරය,දෙවැන්න හෙක්ටයාර 53.95ක් වන කුඹල්පොල වනාන්තරය, තෙවැන්න හෙක්ටයාර 53.95ක් වන හවෙනියවත්ත වනාන්තරය, සිව්වැන්න හෙක්ටයාර 70.08ක් වන සුන්දරාපොළ වනාන්තරය වේ. ප්‍රධාන වර්ග 5ක් යටතේ යෝජිත රේඛීය උද්‍යාන සැලසුම පවතින අතර මීටර් 5ක් වන ඇල රක්‍ෂිතයන් 4ක් සහ මීටර් 30ක් වන වෙන්නරු වැව රක්ෂිතය එයට අදාළ වේ.

දේශගුණික ආපදා අවදානමට නිරාවරණය (1974-2017)

මූලාශ්‍රය - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

ගංවතුර හා නියං තත්වයන් පසුගිය වසර කිහිපය තුල ප්‍රදේශයට බලපෑ ප්‍රධාන ස්වාභාවික උවදුරු ලෙස මෙහි වාර්තා වේ. නගරයේ ජලගැලීම් හේතුවෙන් මරණ දෙකක් වාර්තා වී තිබේ

මාසික සාමාන්‍ය වර්ෂාපතනය සහ උෂ්ණත්වය

මූලාශ්‍රය - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

නාගරික ප්‍රදේශවල සාමාන්‍ය වර්ෂාපතනය සහ උෂ්ණත්වය පිළිබඳ දත්ත මෙහි දක්වා තිබේ. ප්‍රස්ථාරය මඟින් එම අගයන් අතර රටාවන් සහ සහසම්බන්ධතා තවදුරටත් විස්තාරණය කරයි.

රථවාහන හේතුවෙන් සිදුවන වායු දූෂණය

මූලාශ්‍රය - ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

නගරයේ ඇති දූෂිත වායු පිළිබඳ මෙම දත්ත විස්තර කරයි. නිර්දේශිත සල්ෆර් ඩයොක්සයිඩ් (SO2) සහ නයිට්‍රජන් ඩයොක්සයිඩ් (NO2) මට්ටම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව වේ.

තේමා සිතියම්

 


කුරුණෑගල දිස්ත්‍රික් මායිම සහිත සිතියම:

කුරු ණෑගල මහ නගර සභාව පිහිටා ඇත්තේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේය. එහි පිහිටීම මෙමගින් දැක්වේ.(මූලාශ්‍රය_ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව)

 සිතියම මෙතැනින් බාගත කරගන්න                                                             දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 

 


කුරුණෑගල නාගරික බල ප්‍රදේශය:

හෙක්ටයාර 1099කින් යුතු කුරුණෑගල මහ නගර සභා සීමාව මෙයින් දැක්වේ.(මූලාශ්‍රය_නාගරික සංවර්ධන අධිකාරිය)

සිතියම මෙතැනින් බාගත කරගන්න                                                              දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 

 

කුරුණෑගල මහ නගර සභා පරිපාලන සීමාවට අයත් ග්‍රාම නිලධාරි වසම්හි ව්‍යාප්තිය පිළිබඳ සිතියම:

කුරුණෑගල මහ නගර සභාවට ග්‍රාම නිලධාරි වසම් xx ඇතුළත් වන අතර ඒවායෙහි සිටින ජනතාවගේ ස්ත්‍රී පුරුෂ බව /වාර්ගිකත්වය / වයස් සංයුතිය පිළිබඳ තොරතුරු වැඩිදුරටත් මෙහි අඩංගු වී ඇත.(මූලාශ්‍රය_ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව)

සිතියම මෙතැනින් බාගත කරගන්න                                                              දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 

 

කුරුණෑගල මහ නගර සභාවේ මාර්ග පිළිබඳ සිතියම:

රට මැදට වන්නට පිහිටා ඇති කුරුණෑගල නගරයෙහි මාර්ග පද්ධතියේ ඇති විශේෂත්වය වන්නේ A පන්තියේ ප්‍රධාන මාර්ග 4 ක් රටේ ප්‍රධාන දිශාවන් දෙසට විහිදී යාමයි. ඒවා නම් කුරුණෑගල සිට පුත්තලම, දඹුල්ල, අඹේපුස්ස හා මහනුවර යන දිශාවන් වේ. එයට අමතරව පැතිරුණු අතුරු මාර්ග පද්ධතියද වන අතර ඒවායේ නාමයන්ද සහිතව වැඩිදුර විස්තර මෙහි අන්තර්ගත වේ.(මූලාශ්‍රය_SoSLC ව්‍යාපෘතිය)

සිතියම මෙතැනින් බාගත කරගන්න                                                              දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 

 


කුරුණෑගල මහ නගර සභාවේ ගොඩනැගිලි පිළිබඳ සිතියම:

ගොඩනැගිලි වල පිහිටීම මෙහි දක්වා ඇති අතර ප්‍රධාන ගොඩනැගිලි සමහරක පමණක් භාවිතයේ ස්වරූපය ඇතුළත් කොට ඇත.(මූලාශ්‍රය_SoSLC ව්‍යාපෘතිය)

 සිතියම මෙතැනින් බාගත කරගන්න                                                             දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 

කුරුණෑගල නගරයේ දර්ශනීය ස්ථාන

කුරුණෑගල නගර සීමාවට ආසන්න වටපිටාවේ පාරිසරික දර්ශනීයත්වය නැරඹිය හැකි ස්ථාන තුනක් පිළිබඳව මෙමඟින් දැක්වේ. (මූලාශ්‍රය: නාගරික සංවර්ධන අධිකාරිය)

සිතියම මෙතැනින් බාගත කරගන්න

දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 


ඉහත තොරතුරු හා සබැඳි නිර්මාණය කරනු ලැබූ සිතියම් හා දත්ත ස්ථරයන් (data layers) සියල්ල එකවර බාගත කරගැනීමට පහතින් අවස්ථාව සපයා ඇත (Download HD Map හා Download Spatial Data යටතේ).

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය

 

සීමිත සම්පතක් වන භූමිය නිසි ලෙස කළමනාකරණය කිරීම තුළින් ප්‍රතිලාභ රැසක් අත්කර ගත හැකිය. නාගරික කලාපයන්ට එය අතිශයින් වැදගත් වන්නකි.

 

ශ්‍රී ලංකාවේ ප්‍රධාන නාගරික කලාපයන්හි පවතින භූමිය දැනට කුමන කටයුත්තක් සඳහා වෙන්ව තිබේ දැයි සොයා බැලීම කාලෝචිත වටිනාකමක් සහිතය. එමෙන්ම වඩා හොඳ සැලසුම් සහගත නගරයක් සෑදීමේදී ඉදිරි දැක්මක් සහිතව එය සිදුකිරීම සඳහා ද භූමි පරිභෝජනය පිළිබඳ මනා අවබෝධයක් තිබීම අනිවාර්ය වේ.

 

ඉදිකිරීම් සහිත හා ඉදිකිරීම් රහිත ලෙස ප්‍රධාන ආකාර දෙකක් යටතේ උප කොටස් 36ක් වන ලෙස වර්ග කර භූමි පරිභෝජන සිතියම් සකසා ඇති අතර එම භූමියට අයත් වන්නා වූ භූමි ප්‍රමාණයන්ගේ වපසරිය වැඩිදුරටත් දක්වා ඇත.

සිතියමේ විස්තර
Print
SoSLC project
SoSLC project
සිතියමේ විස්තර
සිතියම් සුචිය

Land Use Map Description

ඉදිකරන ලද භූමිය
SoSLC project
මුළු
ඉදිකරන ලද භූමිය
722.59 (ha)
  • මහල් තුනක් හෝ ඊට අඩු නිවාස
    • 429.43
    පැල්පත් (වැඩි දියුණු කොට නීතිගත කිරීමට සුදුසු)
    • 0.07
  • ව්‍යාපාරික ස්ථාන
    • 67.77
    කාර්යාල
    • 0.91
    ව්‍යාපාරික හා නේවාසික මිශ්‍ර භාවිතය
    • 7.42
    බැංකු
    • 2.33
  • අධ්‍යාපනික
    • විශ්ව විද්‍යාලය 0.33
    • වෙනත් උසස් අධ්‍යාපන ආයතන 13.94
    • පාසල් 33.55
    සෞඛ්‍යය
    • රෝහල් 17.79
    • බෙහෙත් ශාලා 0.42
    රාජ්‍ය ආයතන
    • 34.55
  • කර්මාන්ත ශාලා
    • 1.79
  • බස්නැවතුම්
    • 4.27
    දුම්රිය නැවතුම්
    • 4.24
    රථ ගාල්
    • 2.89
    මහාමාර්ග
    • 20.34
    රේල් පාර
    • 36.73
  • උද්‍යාන / චතුරශ්‍ර
    • 0.94
    ක්‍රීඩා භූමි
    • 9.15
    සුසාන භූමි
    • 6.22
  • ආගමික
    • විහාර / සිද්ධස්ථාන 23.98
    • ක්‍රිස්තියානි පල්ලිය 1.96
    • මුස්ලිම් පල්ලිය 0.63
    පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු
    • 0.90
    • 0.04
ඉදි නොකරන ලද
SoSLC project
මුළු
ඉදි නොකරන ලද
376.92 (ha)
    • 137.99
    • 48.24
    • 80.07
    • 6.78
    • 103.84

 

දශක කිහිපයක් තුළ නාගරික පරිසරයෙහි ඉදිකිරීම් ක්ෂේත්‍රය වෙනස් වී ඇති අන්දම අධ්‍යයන තුළින් වර්තමාන සංවර්ධනයේ උපනතීන් පිළිබද සුවිශේෂී වූ නිගමනයන් කරා එළඹීමටත් අනාගත සංවර්ධනයේ දිශානතිය පිළිබඳ පුරෝකතනය කිරීමටත් අවස්ථාව හිමිවෙයි.

 

අදාළ වර්ෂයන්හි චන්ද්‍රිකා ඡායාරූප යොදාගනිමින් පුළුල් ලෙස කරන ලද වර්ගීකරණයක් වූ මෙම නාගරික ව්‍යාප්ති අධ්‍යනය වසර ගණනාවක නගරයේ සමස්ථ විකාශනය සරලව ග්‍රාහකයා වෙත සම්ප්‍රේෂණය කිරීමට දරූ උත්සාහයක සාර්ථක ප්‍රතිඵලයකි.

 

 

සිතියමේ විස්තර
Print
Urban Expansion Map Source
Urban Expansion Map Source
සිතියමේ විස්තර
සිතියම් සුචිය

Urban Expansion Map Description

නාගරික ව්‍යාප්ති සංඛ්‍යාලේඛන
Urban Expansion Chart Source
කුරුණෑගල මහා නගර සභාව ( km 2 )
සමස්ත වර්ධන වේගය 1995 - 2017 5.65%
නාගරීකරණයේ වෙනස් වීම 1995 - 2017 4.77
නාගරීකරණය පිළිබඳ සලකා බලන මුළු ප්‍රදේශය 76.02
    • 1995
      • මුළු පරිපාලන ප්‍රදේශ සීමාව 11
      • නාගරික 0.51
      • අර්ධ නාගරික 0.77
      • ඉදිකිරීම් රහිත 9.14
      • ජලය 0.58
    • 2001
      • මුළු පරිපාලන ප්‍රදේශ සීමාව 11
      • නාගරික 1
      • අර්ධ නාගරික 1.15
      • ඉදිකිරීම් රහිත 8.27
      • ජලය 0.58
    • 2012
      • මුළු පරිපාලන ප්‍රදේශ සීමාව 11
      • නාගරික 2.38
      • අර්ධ නාගරික 2.32
      • ඉදිකිරීම් රහිත 5.72
      • ජලය 0.58
    • 2017
      • මුළු පරිපාලන ප්‍රදේශ සීමාව 11
      • නාගරික 3.54
      • අර්ධ නාගරික 3.57
      • ඉදිකිරීම් රහිත 3.31
      • ජලය 0.58
    • 1995
      • මුළු නගර සීමා ප්‍රදේශය 65.02
      • නාගරික 0.4
      • අර්ධ නාගරික 0.44
      • ඉදිකිරීම් රහිත 62.74
      • ජලය 1.44
    • 2001
      • මුළු නගර සීමා ප්‍රදේශය 65.03
      • නාගරික 0.46
      • අර්ධ නාගරික 0.91
      • ඉදිකිරීම් රහිත 62.22
      • ජලය 1.44
    • 2012
      • මුළු නගර සීමා ප්‍රදේශය 65.03
      • නාගරික 0.53
      • අර්ධ නාගරික 2.03
      • ඉදිකිරීම් රහිත 61.03
      • ජලය 1.44
    • 2017
      • මුළු නගර සීමා ප්‍රදේශය 65.02
      • නාගරික 0.55
      • අර්ධ නාගරික 2.65
      • ඉදිකිරීම් රහිත 60.38
      • ජලය 1.44