තේමා සිතියම්
නිවැරදි අක්ෂාංශ හා දේශාංශානුගත පිහිටීම් සහිතව, ප්‍රදේශයට අදාළ විවිධ විෂයයන් පිළිබඳ අවකාශීය දත්ත මෙහි ඉදිරිපත් කෙරේ.
වැඩිදුර කියවන්න
ජනගහනය
නගරයක් යනු විශාල මිනිස් ජනාවාසයකි. එහි වැදගත්ම ගාමක
වැඩිදුර කියවන්න
අධ්‍යාපනය
අධ්‍යාපනය, සමාජයක සංවර්ධනය පිළිබිඹු කරන ප්‍රධාන
වැඩිදුර කියවන්න
ප්‍රවාහනය
නගරයක වර්ධනය හැඩගැන්වීමේ ලා මහා මාර්ග හා ප්‍රවාහන
වැඩිදුර කියවන්න
ආර්ථිකය
නගර, මෙරට ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන සාධකයක් වන අතර,
වැඩිදුර කියවන්න
නාගරික පාලනය
නාගරික ප්‍රදේශ සැලසුම් කිරීමේදී , මූල්‍ය සැලසුම්කරණය
වැඩිදුර කියවන්න
නිවාස
ශ්‍රී ලංකාවේ මුල්කාලීන නාගරික ජනාවාස උරුමය - ඉතිහාසය,
වැඩිදුර කියවන්න
නාගරික සේවා
නගර වැසියන්ගේ යහපත් ජීවන තත්වය සහතික කිරීම නාගරික
වැඩිදුර කියවන්න
පාරිසරික
නගරය සියල්ලන් සදහාම ජීවත් විය හැකි පරිදි සුදුසු
වැඩිදුර කියවන්න
ජනගහනය
ජනගහනය
94,000
පරිපාලන ප්‍රදේශය
1,910.6 ha
ඝනත්වය
52 persons / ha

නගරයක් යනු විශාල මිනිස් ජනාවාසයකි. එහි වැදගත්ම ගාමක බලවේගය මිනිසාය. නගරයක සක්‍රීයත්වය පදනම් වන්නේ මිනිසා හා ඔහුගේ ක්‍රියාකාරීත්වය මතය. නගරයක් තුළ වෙසෙන ජනගහණයේ සංයුතීන් හා ඔවුන්ගේ විවිධාකාර හැකියාවන් පිළිබඳ පූර්ව අවබෝධයක් ලබා ගැනීම සාර්ථක නාගරික අධ්‍යයනයක මූලික පියවර විය යුතුය.

පවතින භෞතික සීමාව තුළ ජනවිකාශන හා සංයුතියේ රටා හඳුනා ගනිමින් සිදුකරන පුරෝකථනයන් තුළින් වඩා යහපත්ව ජීවත් විය හැකි සැලසුම්සහගත නගරයක් නිර්මාණය කරනු ඇත.

ජනගහනය හා වර්ධන වේගය

මූලාශ්‍රය - ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ දත්ත එකතු කිරීමේ සමීක්ෂණය 2016 - JICA

ජයිකා ආයතනය මගින් සිදු කරන ලද සම්ම්ක්ෂණයක් හා පදනම් ව ඇති ඉහත ජනගහන තොරතුරු, සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් ලබාගත් 2012 සංගණන දත්ත පදනම් කර ගනිමින් 2015 වර්ෂය තෙක් සෑම දිස්ත්‍රික්කයක් සඳහාම ජනගහනය පුරෝකථනය කර ජනනය කර ඇත. එසේම, එක්සත් ජාතීන්ගේ ජනගහන අංශය විසින්, ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රක්ෂේපිත 2015 සිට 2024 දක්වා වූ ජනගහන වර්ධන වේගය මත පදනම්ව මුළු ජනගහනය ඇස්තමේන්තු කර ඇත. ඒ අනුව, ඉලක්කගත පළාත් පාලන ආයතනවල අනාගත ජනගහනය ගණනය කිරීම සඳහා 2012 සිට 2015 දක්වා සෑම දිස්ත්‍රික්කයකම වර්ධන අනුපාතයට අනුව 2024 දක්වා වූ සමස්ත ජනගහනයේ වර්ධන වේගය අදාළ කොට ගෙන ඇත. යාපනය මහ නගර සභාව ඉලක්ක ගත කරනු ලැබූ එවැනි එක් පළාත් පාලන ආයතනයකි. එම ජනගහන දත්ත මත පදනම්ව වෙන වෙනම ජනගහන වර්ධන වේගයක් ජනනය කොට ඇති අතර, වැඩි විස්තර සඳහා පහත සබැඳිය භාවිතා කරමින් JICA දත්ත ගොනුව සහ එය මත පදනම්ව ජනනය කළ ජනගහන වර්ධන දත්ත බාගත කරගන්න. 2015 වසරේ සිට ඉදිරි වසර නමයකට පුරෝකථනය කරනු ලැබූ යාපනය මහ නගර සභාවේ ජනගහනය හා එහි වර්ධන වේගය මෙමඟින් ඉදිරිපත් කරයි. අඛණ්ඩව ඉහළ යමින් පවතින ජනගහන වර්ධන වේගයක් එම කාලය තුළ නගරසභා සීමාවේ පවතින නමුත් එම වර්ධනය අඩු වේගයකින් සිදු වන බවද මෙයින් පැහැදිලි වේ.

JICA සමීක්ෂණ ජනගහන දත්ත මෙතැනින් බාගන්න

 

ජනගහන වර්ධන අනුපාත ගණනය කිරීම් පිලිබඳ තොරතුරු මෙතැනින් බාගන්න

ජනවාර්ගිකත්වය අනුව භාෂා හැකියාවන් වෙනස්වී ඇති ආකාරය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා සංස්කෘතියේ එක් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ජනවාර්ගිකත්වය, භාෂාව සහ ආගමික සම්බන්ධතා එකිනෙක සමඟ සම්බන්ධ වන සිත්ගන්නාසුළු ආකාරයයි. මෙය සෑම පුද්ගලයෙකුගේම අනන්‍යතාවයේ ප්‍රධාන නිර්ණායක වේ. ලංකාවේ විශාලතම ජනවාර්ගික කණ්ඩායම් දෙක - සිංහල (74.9%) සහ දෙමළ (15.4%) වන අතර ශ්‍රී ලාංකික මුස්ලිම් ජන කොට්ඨාශය රටෙහි තුන්වන විශාලතම ජනවාර්ගික කණ්ඩායම (9.2%) වේ. ශ්‍රී ලංකාවේ ඉතිරි ජනගහනයෙන් 0.5% ක් සමන්විත වන්නේ බර්ගර් (මිශ්‍ර යුරෝපීය සම්භවයක් ඇති), පාර්සිස් (බටහිර ඉන්දියාවේ සිට සංක්‍රමණිකයන්) සහ වැදි ජනතාව (ඔවුන් දේශයේ ආදිවාසීන් ලෙස හඳුනාගෙන ඇති) වේ. ද්‍රවිඩ ජාතිකයන් ශ්‍රී ලාංකික ද්‍රවිඩ සහ ඉන්දියානු ද්‍රවිඩ ලෙස කණ්ඩායම් දෙකකට වෙන් වේ. ශ්‍රී ලංකාවේ නිල භාෂා තුනක් ඇත: ඒ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා වේ. මෙය රට පුරා භාවිතයේ දී පැහැදිලිව දක්වා ඇති අතර බොහෝ අවස්ථාවන්හිදී භාවිත සංඥා හා සලකුණු භාෂා තුනෙන්ම ලියා ඇත. සිංහල-බෞද්ධ බහුතරය වැඩි වශයෙන් කතා කරන්නේ සිංහල භාෂාව වන අතර දෙමළ භාෂාව ශ්‍රී ලාංකික මුවර් / මුස්ලිම් සහ දෙමළ / හින්දු භක්තිකයන් විසින් කථා කිරීමේදී භාවිතා කරනු ලබයි. ඉංග්‍රීසි භාෂාව හඳුන්වා දෙනු ලැබුවේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයේ ප්‍රතිඵලයක් ලෙස වන අතර එය රජයේ පරිපාලනය හා වාණිජ කටයුතු සඳහා භාවිතා කරන භාෂාව බවට පත්ව ඇත. මෙම දත්ත මගින් ප්‍රදේශයේ ඒ ඒ ජන කොටස් වල භාෂා හැකියාව පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරයි.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

ජනවාර්ගික පැතිකඩෙහි සංයුතිය - නාගරික ප්‍රදේශය,  දිස්ත්‍රික්කය හා පළාත අනුව

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, 2012

සංඛ්‍යාලේඛනවලට අනුව උතුරු පළාතේ මුළු ජනගහනය මිලියන 1.246 ක් වන අතර එය රටේ අඩුම ජනගහනය සහිත පළාත වන අතර පිරිමින් 606,678 ක් (47.3%) සහ කාන්තාවන් 639,775 ක් (52.7%). උතුරු පළාතේ ජන ඝනත්වය වර්ග කිලෝමීටරයට පුද්ගලයන් 136 කි. මුළු දිවයිනටම ජන ඝනත්වය වර්ග කිලෝමීටරයට පුද්ගලයන් 346 කි. උතුරු පළාතේ බහුතරයක් ජීවත් වන්නේ ග්‍රාමීය (84.5%) ලෙස වර්ගීකරණය කළ ප්‍රදේශවල වන අතර ජනගහනයෙන් 15.5% ක් පමණක් ජීවත් වන්නේ නාගරික ලෙස වර්ගීකරණය කළ ප්‍රදේශවල ය. ජනගහනයෙන් බහුතරය එනම් පළාතේ 89% ක් ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් වන අතර පළාතේ වෙසෙන අනෙක් අය ශ්‍රී ලාංකික මුස්ලිම්, සිංහල සහ ඉන්දියානු දෙමළ ජාතිකයෝ වෙති. ශ්‍රී ලාංකික දෙමළ ජනයාගෙන් බහුතරයක් හින්දු භක්තිකයන් වන අතර, පළාතේ අනෙක් ආගමික අදහන්නවුන් වන්නේ කිතුනුවන්, මුස්ලිම්වරුන් සහ බෞද්ධයන් සුළු පිරිසකි. මෙහි ප්‍රස්ථාරයෙන් ඇති උතුරු පළාත, යාපනය දිස්ත්‍රික්කය, හා යාපනය මහ නගර සභා සීමාව ලෙස ජනවාර්ගික සංයුතියේ වෙනස පෙන්වයි. සාමාන්‍යයෙන්, නගර සම්බන්ධයෙන් පළාතට වඩා නගරය වෙනස් ජන වාර්ගික සංයුතියක් පෙන්නුම් කරයි, මෙය එසේ නොවේ. යාපනය නගර ආශ්‍රිතව දත්ත හා දිස්ත්‍රික්කයේ සංයුතිය පළාත් ප්‍රතිශතයන්ට බෙහෙවින් සමීපව පිළිබිඹු කරයි.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

පුමිතිරි බව වයස් ව්‍යුහය අනුව බෙදීගොස් ඇති ආකාරය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

යාපනය මහ නගරසභා සීමාවෙහි ජන විකාශනයේ ස්ත්‍රී පුරුෂ බව අනුව සැලකූ විට පිරිමින්ට වඩා වැඩි කාන්තාවන් සංඛ්‍යාවක් සිටිනබව දක්නට ලැබේ, මෙම ප්‍රවණතාවක් ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රධාන නගරවල දක්නට ලැබෙන කරුණක් වන නමුත් යාපනයේ එය තරමක ඉහළ අගයක් වාර්තා වේ. (කාන්තාවන් 100 කට පිරිමින් 88.3 ක්, එනම් කාන්තාවන් 52.97% ලෙසය), අනෙකුත් නගර සැලකිල්ලට ගත් විට වඩා කැපී පෙනෙන වෙනසක් ඇත්තේ බදුල්ල නගරයට වේ. යාපනයේ, වයස අවුරුදු 15 ට අඩු වයස් කාණ්ඩය හැරුණු කොට අනෙකුත් සියලුම වයස් කාණ්ඩවල පිරිමින්ට වඩා කාන්තාවන් වැඩි ය. මෙය ජාතික ප්‍රවණතාවක් වන අතර, තවදුරටත් සිවිල් ගැටුම්වල බලපෑම පිළිබිඹු කිරීමක් ද විය හැකිය. අනෙකුත් නගරවල මෙන්ම, කාන්තා වැඩිහිටි ජනගහනය ඔවුන්ගේ වයසේ පිරිමි අයට වඩා සැලකිය යුතු ලෙස ඉහළ අගයක් ගන්නා අතර 2012 දී සමස්ත පිරිමි හා කාන්තා ජනගහනයෙන් පිරිමි හා ගැහැණු වැඩිහිටි අනුපාතය පිළිවෙලින් සියයට 11.3 සහ 13.4 ක් ලෙස වාර්තා වී ඇත. එමඟින් කාන්තාවන්ගේ ඉහළ ආයු අපේක්ෂාවක් පවතින බව විශේෂයෙන් දැකිය හැක. මහ නගර සභා සීමාවෙහි දක්නට ලැබෙන මෙම වැඩිහිටි කාන්තාවන්ගේ ඉහළ ආයු අපේක්ෂාව ඔවුන්ගේ දිගුකාලීන යහපැවැත්ම සුරක්‍ෂිත කර ගත හැකි ආකාරය පිළිබඳ ප්‍රශ්න මතු කරන අතර බොහෝ දියුණු ආර්ථිකයන්හි මෙන්ම අප රටෙහි පළාත් පාලන ආයතන සහ ශ්‍රී ලංකා රජය ඔවුන් සුරක්ෂිත කිරීමට අදාළ ප්‍රතිපත්තිමය කරුණු වෙත යොමු වීමේ අවශ්‍යතාවක් පවතී.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

පුරුෂයන් 100කට සාපේක්ෂව වාර්තාගතව ඇති කාන්තාවන් සංඛ්‍යාව වයස් කාණ්ඩ වලට අනුව

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ අනුපාතය ගණනය කරනු ලබන්නේ එහි කාන්තාවන්ට සාපේක්ෂව පුරුෂයන්ගේ ප්‍රතිශතය හෝ අනුපාතය භාවිතා කරමිනි. 2020 දී ශ්‍රී ලංකාවේ පිරිමි හා කාන්තා අනුපාතය පිලිබඳ සලකා බලන කල, කාන්තාවන් 100 කට පිරිමින් 92.12 ක් සිටින බවට වාර්තා විය. ශ්‍රී ලංකාවේ පිරිමි හා කාන්තා අනුපාතය 1950 දී කාන්තාවන් 100 කට පිරිමින් 119.5 ක අගයක සිට 2020 දී කාන්තාවන් 100 කට පිරිමින් 92.12 දක්වා වන අගයට ක්‍රමයෙන් පහත වැටුණ බව සංඛ්‍යා දත්ත අනුව පැහැදිලි වේ. ඉහත වගුව 2012 දී සිදුකල ජන සංගණන දත්ත මත පදනම් වේ. යාපනය මහා නගර සභා ප්‍රදේශය තුල වයස 15ට අඩු වයස් කාණ්ඩය හැරුන විට ඉතිරි සියලු වයස් කාණ්ඩ වල වාර්තාගත පුරුෂයන් සංඛ්‍යාවට වඩා කාන්තාවන් ප්‍රමාණය ඉහල අගයක් ගනී.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

ජාතික අගය හා ස්ත්‍රී මූලික කුටුම්භ/පුරුෂ මූලික කුටුම්භ ප්‍රමාණය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

මෙහි පුරුෂ මුලික කුටුම්භ හා ස්ත්‍රී මුලික කුටුම්භ අදාල ජාතික සාමාන්‍ය අගය සමග දැක්වේ.

නගරය තුල වාසය කල වසර ගණන අනුව සංක්‍රමණික ජනගහනය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

සංක්‍රමණික ජනගහනය අවුරුදු දහයකට වඩා වැඩි පදිංචිකරුවන් සහ අවුරුදු 5 ට අඩු කාල කාණ්ඩයක් සඳහා පදිංචිකරුවන් තුළ වැදගත් වේ. සංක්‍රමණ සම්බන්ධයෙන් පිරිමි කාන්තා විෂමතාව අවමයි.

ජන සංක්‍රමණයට හේතු

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

මෙම දත්ත අනුව බහුතරයක් නගරයට සංක්‍රමණික පිරිස අවතැන්ව සිට නැවත පදිංචි කරනු ලැබූ පිරිස් බව දැක්වේ.

අධ්‍යාපනය

අධ්‍යාපනය, සමාජයක සංවර්ධනය පිළිබිඹු කරන ප්‍රධාන සාධකයකි. අධ්‍යාපනය පිළිබඳ දර්ශකයන් නාගරික සංවර්ධනය පිළිබඳ පුළුල් පැතිකඩක් දක්වමින් ඒ සදහා විශාල දායකත්වයක් සපයයි.


දිළිඳුකම පිටුදැකීම හා අධ්‍යාපනය අතර සෘජු සම්බන්ධතාවයක් ඇති අතර සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි අදාළ දත්ත හා දර්ශකයන් ඉතාම වැදගත් වේ. මන්ද යත්, මනා අධ්‍යාපනයක් තුළින් ඉහළ වැටුප් ලබන විධිමත් රැකියාවක් ලබාගැනීමටත්, අවිධිමටත් ආර්ථික කටයුතුවල යෙදෙන්නන් හට වඩා හොඳ ජීවනෝපායක් ලබා ගැනීමටත්, අවසානයේදී පරම්පරානුගතව පැවතගෙන එන දිළිඳු බවින් මිදීමටත් මංපෙත් සැලසීමත් ය.

දියුණු අධ්‍යාපන ආයතන වෙත යොමුවීම මගින් මහජනයා ස්වයං රැකියාවක නියුතු වුවද, නැතහොත් ශ්‍රම බලකායේ කොටසක් ලෙස කටයුතු කලද, යහපත් ආර්ථික ස්ථාවර තත්වයක් ලබා ගැනීම පහසු කරවයි. නගරයක ජනතාව ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික අධ්‍යාපනය මෙන්ම වෘත්තීය මධ්‍යස්ථාන හරහා නිපුණතා සංවර්ධනය කරගනු ලබන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීමෙන් එම නගරයේ සංවර්ධනය කෙතරම් යහපත් ලෙස සිදු වේද යන්න හෝ එහි තවදුරටත් සංවර්ධනය කළ යුතු කොටස් පිළිබඳ කරුණු අවබෝධ කරගත හැකිය.

පාසල් වර්ගීකරණය

මූලාශ්‍රය - යාපනය මහ නගර සභා සංඛ්‍යාලේඛන 2019

ශ්‍රී ලංකාවේ දැනුම පදනම් කරගත් සමාජයක් බිහි කිරීම සඳහා අධ්‍යාපන අංශය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. 2018 දී ගුරුවරුන් 19,224 ක් සිටින සිසුන් 252,097 කට සේවා සැපයීම සඳහා ක්‍රියාකාරී පාසල් සංඛ්‍යාව 1,098 න් 1,008 දක්වා වැඩි කර ඇත. ශිෂ්‍ය ගුරු අනුපාතය උතුරු පළාත සඳහා 13 කි. ජාතික වැඩසටහන් වන පාසල් 1,000 ක් සහ පෝෂක ප්‍රාථමික පාසල් වැඩසටහන 5,000 ක්, ටීඑස්ඊපී, “ළඟම පාසල - හොඳම පාසල” (NSBS) පළාතේ සාර්ථකව ක්‍රියාත්මක වේ. පාසල් 500 ක ළමා හිතකාමී ප්‍රවේශයක් හඳුන්වා දී ඇත. පළාතේ පාසල් 90 ක් සඳහා තාක්ෂණික රසායනාගාර පහසුකම් සපයා ඇත. විවිධ ප්‍රභවයන් හරහා අවශ්‍යතා හඳුනාගත හැකි ඕනෑම තැනක යටිතල පහසුකම් ද අඛණ්ඩව සපයනු ලැබේ. එබැවින් 2017 වන විට වැඩිහිටි සාක්ෂරතා අනුපාතය යාපනය - 96.6%, කිලිනොච්චි - 84.3%, මුලතිව් - 89.3%, මන්නාරම සහ වවුනියා පිළිවෙලින් 94.1% සහ 86.0% විය. පාසල්වලට පැමිණීමේ අනුපාතය ද 73% දක්වා ඉහළ ගොස් තිබේ. විධිමත් අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සහ සිසුන්ගේ ඉගෙනුම් සංවර්ධනය සඳහා ක්‍රීඩා හා සංස්කෘතික කටයුතු, ආගම හා යහගුණයන් සහිත අධ්‍යාපනය, ද්විභාෂා සහ ත්‍රිභාෂා අධ්‍යාපනය ඇතුළු වැඩසටහන් කිහිපයක් ඇති අතර උසස් අධ්‍යාපනය, තෘතීයික හා වෘත්තීය යන අංශ සඳහා පහසුකම් සැලසීම සඳහා ද්විතීයික හා ප්‍රාථමික අධ්‍යාපනය කාලසීමා තුළදීම පහසුකම් සංවිධානය කර ඇත. යාපනයේ විශ්ව විද්‍යාලය, යාපනය විශ්ව විද්‍යාලයේ වවුනියා කැම්පස්, ශ්‍රී ලංකාවේ විවෘත විශ්ව විද්‍යාලය, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන, කාර්මික විද්‍යාලය, ජාතික අධ්‍යාපන විද්‍යාල, ගුරු පුහුණු පාසල්, කාර්මික විද්‍යාල, තාක්ෂණික ආයතනය වැනි උසස් අධ්‍යාපන පුහුණු මධ්‍යස්ථාන ද පළාතේ ස්ථාපිත කර ඇත.

පරිගණක සාක්ෂරතාව - (වයස අවුරුදු 10 සහ ඊට වැඩි ජනගහනය)

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

The birth of the Information Age which is also known as the Computer Age is associated with the Digital Revolution, just as the Industrial Revolution marked the birth of the Industrial Age. The rapid developments in ICT have greatly contributed to enhancing human living standards worldwide. The advanced capability of this technology can facilitate extremely efficient collaboration and access to correct, consistent, and effective information. In the developed world, most of the key economically effective environments are increasingly ICT dominant. This graph looks at the computer literacy of the persons between the ages of 10 and 40 in terms of gender and it explains that 34% of men and 28% of women in the Jaffna Municipal Council are computer literate. Definition for Computer literacy: A person (aged 5-69) is considered a computer literate person if he/she can use a computer on his/her own. For example, even if a 5 years old child can play a computer game then he/she is considered as a computer literate person. Definition for computer literacy rate: Computer Literate population expressed as a percentage to the total population, (aged 5 – 69 years) within the respective domain.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

ස්ත්‍රී පුරුෂ භාවය අනුව අධ්‍යාපන මට්ටම (වයස අවුරුදු 3 - 24 )

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

අධ්‍යාපනය ලබන වයසේ පසු උනද, කිසිදු අධ්‍යාපන කටයුත්තක නොයෙදෙන ප්‍රතිශතය සැලකිය යුතු ලෙස ඉහල අගයක් ගන්නා අතර, පාසල් අධ්‍යාපනය ලබන්නන්ගේ ප්‍රමාණය ද ඉහල අගයක පවතින බව දැක්වේ.

ස්ත්‍රී පුරුෂ භාවය අනුව ඉහළම අධ්‍යාපන මට්ටම

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ගෝලීයකරණය සහ තාක්‍ෂණය ලොව පුරා ශ්‍රම වෙලඳපොලවල අවශ්‍යතා නැවත හැඩගස්වා ගනිමින් සිටින හෙයින්, පුළුල් දැනුමක් හා විශේෂිත කුසලතා ඇති පුද්ගලයින් සඳහා ඇති ඉල්ලුම අඛණ්ඩව ඉහළ යමින් පවතී. මෙම ප්‍රස්ථාරයෙන් වයස් කාණ්ඩ අනුව තෘතීයික අධ්‍යාපනය (ඉහළම අධ්‍යාපන මට්ටම) ඇති අය පිළිබිඹු වේ. ඉහළ නිපුණතා වෘත්තීන් වන උසස් පර්යේෂණ හෝ වෛද්‍ය විද්‍යාව වැනි දෑ සඳහා යොමු වන න්‍යායාත්මක වැඩසටහන් සහ ශ්‍රම වෙළඳපොළට මුලිකව මඟ පෙන්වන වෘත්තීය වැඩසටහන් වේ. එකම වයස් කාණ්ඩයේ පිරිසෙහි ප්‍රතිශතයක් ලෙස මෙහි මිනුම් සකසා ඇත. සමස්තයක් ලෙස, යාපනය නගරයේ ද්විතික අධ්‍යාපනය සඳහා යොමු වූ සිසු සිසුවියන්ගේ ප්‍රමාණය ඉහල අගයක් දක්වයි. සියලු අංශ වල සිසුවියන්ගේ සහභාගිත්වය සිසුන් ප්‍රමාණයට වැඩ වැඩිය.

දත්ත ගොනුව මෙතනින් බාගත කරගන්න

ප්‍රවාහනය

නගරයක වර්ධනය හැඩගැන්වීමේ ලා මහා මාර්ග හා ප්‍රවාහන සබඳතා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ඕනෑම නගරයකට පවතින ප්‍රවාහන සම්බන්ධතා හා අදාළ පහසුකම්, නගරයේ ස්වයංක්‍රීය වර්ධනය වේගවත් කරයි.
බස්රථ සහ දුම්රිය ප්‍රවාහනය , භාණ්ඩ ප්‍රවාහනය , ගුවන් තොටුපලවල් හා ප්‍රවාහන පද්ධති හා අදාළ සියලු කටයුතු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු එකම ගොනුවක පැවතීම මෙහිදී වඩා කාර්යක්ෂම වේ.

තිරසාර සංවර්ධන ඉලක්ක 11.2 අනුව, ආරක්ෂිත, සියලු දෙනා හටම දැරිය හැකි, පහසුවෙන් ලගාවිය හැකි හා තිරසාර ප්‍රවාහන පද්ධතියක් සඳහා මාර්ග ආරක්ෂාව, පොදු ප්‍රවාහනය , අවදානම් තත්ත්වයන් පිලිබඳ තොරතුරු මෙහි ඇතුලත් වේ. කාන්තාවන්ගේ, දරුවන්ගේ, ආබාධ සහිත පුද්ගලයින්ගේ සහ වැඩිහිටියන්ගේ අවශ්‍යතා සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් මෙම තොරතුරු සංවර්ධන ඉලක්ක වෙත ලගාවීමෙහි ලා භාවිතා කල හැක.

පෙ.ව. 06 සිට ප.ව. 06 දක්වා මහ නගර සභා සීමාවට ඇතුල්වන වාහනවල ප්‍රතිශතය

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය යටතේ 2018 වසරේ කරන ලද සමීක්ෂණය මත පදනම් වූ දත්ත

සිවිල් ගැටුමට පෙර උතුරු පළාත තුළ පුළුල් ප්‍රවාහන ජාලයක් තිබූ අතර, 2009 දී සන්නද්ධ ගැටුම අවසන් වීමෙන් පසුව, එය සියලු ආකාර ප්‍රවාහන අංශයන් ආවරණය කරමින් මගීන්ට වඩා හොඳ සේවාවක් ලබා දෙමින් නැවත ගොඩනඟා ඇත. මාර්ග, දුම්රිය හා ගුවන් මගින් අනෙකුත් පළාත් හා දිස්ත්‍රික්ක සමඟ හොඳින් සම්බන්ධ වී ඇත. පළාතේ ප්‍රධාන ප්‍රවාහන ක්‍රමය වන්නේ මාර්ග ප්‍රවාහනයයි, විශේෂයෙන් බස් සේවාව ප්‍රමුඛ වේ. ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලය (SLTB) සහ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විසින් බස් ප්‍රවාහන සේවා සපයනු ලබන අතර ත්‍රිරෝද රථ, කුලී වාහන සහ මෝටර් රථ ද අභ්‍යන්තර මගී ප්‍රවාහන සේවා සඳහා යොදා ගැනේ. සමීක්ෂණයට අනුව, යාපනය මහ නගර සභා ප්‍රදේශයට උදේ 6 සිට සවස 6 දක්වා කාලය තුළ වැඩිම වාහන ප්‍රමාණයක් පැමිණෙන අතර නගරයට පැමිණෙන වාහන අතුරින් යතුරුපැදි, බයිසිකල් සහ වෙනත් වාහන සියයට 83 ක් පමණ වේ. මගී ප්‍රවාහනය සඳහා බස් රථයේ ඇත්තේ 4% ක් පමණි. 6% ක් පමණ පාපැදි නගරයට ඇතුල් වේ. යාපනය මහා නගර සභා සීමවට ඇතුල්වන සීග්‍රගාමී අන්තර් බස් රථ රාත්‍රී සහ උදේ පාන්දර මගීන් ප්‍රවාහනය කිරීම සඳහා නවතා තැබීම බස් රථ ප්‍රතිශතය පහල අගයක් පෙන්නුම් කිරීමට හේතුව විය හැකිය.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

පොලිස් බල ප්‍රදේශ අනුව හදිසි අනතුරු සංඛ්‍යා ලේඛන (මාරාන්තික තුවාල ලැබූ සංඛ්‍යාව)

මූලාශ්‍රය - ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව

ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, මාර්ග අනතුරු ශ්‍රී ලංකාවේ සිදුවන මරණ වලට දෙවන ප්‍රධානතම හේතුවයි. දකුණු ආසියාවේ ඉහළම ඒක පුද්ගල මාරක මාර්ග මරණ අනුපාතය වාර්තා කිරීමට හේතු සාධක ලෙස වාහන හිමිකාරීත්වයේ වේගවත් වර්ධනය, වාහන හා වාහන නොවන මාර්ග තදබදයන් ඉහල යාම හා වේගයෙන් අනාරක්ෂිතව මාර්ගයන්හි ගමන් කිරීම දැක්විය හැකිය. යාපනය පොලිස් කොට්ඨාශය සඳහා වාර්තාගත සංඛ්‍යාලේඛන වල වාර්ෂික අනතුරු සංඛ්‍යාවේ ඉහළ අගයක් පවතින නමුත් ලංකාවේ අනෙකුත් නගර හා සංසන්දනය කිරීමේදී සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ අනෙකුත් නගර සඳහා එයටත් වඩා වැඩි අනතුරු ප්‍රමාණයක් පවතින බවයි. නාගරීකරණය වූ ප්‍රදේශවල සංඛ්‍යාලේඛන සෙසු දිස්ත්‍රික් / පළාත් ප්‍රදේශයන්හි වාර්තාගත අගයන්ට වඩා ඉහළ අගයක් ගන්නා බව වටහා ගත යුතුය. මාර්ග අනතුරු පිළිබඳ ජාතික සංඛ්‍යාලේඛන වලට අනුව 2018 දී අනතුරු වලට ලක්වූ පුද්ගලයන් 100,000 කට සාපේක්ෂව මාරක අනතුරු වලට ලක්වූ පිරිස 17.4 ක් වී ඇත (WBG, 2020). මාර්ග අනතුරු වලින් අඩකට වඩා යතුරුපැදි සහ ත්‍රිරෝද රථවල රියදුරන් සහ මගීන් ලෙස හඳුනාගෙන ඇති අතර තුනෙන් එකක් (29%) පදිකයින් ලෙස හඳුනාගෙන ඇත (WHO, 2018). මාර්ග අනතුරු අධීක්ෂණය කිරීමේ පරමාර්ථය වන්නේ වසර ගණනාවක් තිස්සේ සිදුවන අනතුරු පහත වැටීමේ ප්‍රවණතාවක් ඇති කිරීමයි.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

වාහන වර්ගය සහ මගීන් සංඛ්‍යාව - මාර්ගයේ එක් පසෙකට , පැය 24 ක් තුල

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය යටතේ 2018 වසරේ කරන ලද සමීක්ෂණය මත පදනම් වූ දත්ත

නගර සීමාව තුළ මගීන් සහ සංචාරකයින් භාවිතා කරන ප්‍රවාහන ක්‍රම ගණනාවක් තිබේ. මෙම දත්ත පැය 24 ක කාල සීමාව සැලකිල්ලට ගනිමින් මහා මාර්ගයේ ගමනාගමනයේ යෙදෙන වාහන සංඛ්‍යාව සහ මගීන් සංඛ්‍යාව දෘශ්‍යමාන කරයි. වැඩිම මගීන් සංඛ්‍යාවක් බස් රථ මගින් රැගෙන යනු ලැබේ. යතුරුපැදි සහ ත්‍රිරෝද රථ භාවිතය ද සැලකිය යුතු ඉහළ ප්‍රමාණයකින් භාවිතා වේ.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

වාහන තදබදය (දිවා කාලයේ)

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය යටතේ 2018 වසරේ කරන ලද සමීක්ෂණය මත පදනම් වූ දත්ත

ප්‍රවාහන පහසුකම් සැලසුම් කිරීම සහ අලුතින් ප්‍රවාහන හා සම්බන්ධ කටයුතු ඇස්තමේන්තු කිරීම යන දෙකටම රථවාහන දත්ත අත්‍යවශ්‍ය වේ. මෙම සමීක්ෂණය මගින් ප්‍රවාහන කටයුතු පිළිඹඳ සැලසුම් සකස් කරන විශේඥවරයන්ට ශ්‍රී ලංකාවේ නගරවල සාමාන්‍ය දෛනික ගමනාගමනය (ADT) පිළිබඳ වඩා හොඳ අවබෝධයක් සහිතව ඇස්තමේන්තු සැපයීමට හැකි වන අතර එම නිසා වඩා හොඳ ප්‍රවාහන පහසුකම් සඳහා සැලසුම් සකස් කර ගත හැකි වනු ඇත.
යාපනය මහා නගර ප්‍රදේශයේ රථවාහන තදබදය උදෑසන 6.00 සිට හවස 6.00 දක්වා මෙහි දැක්වෙන අතර එම රථ වාහන තදබදයේ උච්චතම අවස්ථාව පස්වරු 1.00 පමණ වන විට වාර්ථා වන්නේ පාසල් අවසන් වන කාලය හේතුවෙන් වන බව නිගමනය කළ හැකි වේ.

දත්ත ගොනුව මෙතනින් බාගත කරගන්න

පළාත් පාලන අධිකාරී සීමාව තුළ පවතින ග්‍රාමීය මාර්ගවල දිග

මූලාශ්‍රය - පළාත් පාලන දෙපාර්තමේන්තුව, උතුරු පළාත

සමස්ත යාපනය දිස්ත්‍රික්කය තුළ පළාත් පාලන ආයතන විසින් නඩත්තු කරන ග්‍රාමීය මාර්ගයන්හි දිග 3040.6km ලෙස වාර්තා වී ඇති අතර ඒ අතරින් යාපනය මහ නගර සභා සීමාවට අයත් ග්‍රාමීය මාර්ගයන්හි දිග 158.2km ලෙස දක්වා ඇත. මීට අමතරව A හා B වර්ග වලට අයත් මාර්ග පිළිබඳව ඉහත ප්‍රස්ථාරයේ දක්වා නොතිබුණද යාපනය දිස්ත්‍රික්කය තුළ A වර්ගයට අදාල මාර්ග වල සමස්ත දිග 279.62km හා B වර්ගයට අයත් මාර්ගවල සමස්ත දිග 227.49km ලෙසත් වාර්තා වී ඇත. මාර්ගයන් පිළිබඳව තොරතුරු සඳහා පහත දත්ත ගොණුවට පිවිසෙන්න.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

මාර්ග වර්ගය අනුව මාර්ගයන්හි දිග

මූලාශ්‍රය - යාපනය මහා නගර සභාව

ඓතිහාසික වරාය නගරයක් ලෙස යාපනය නගරය, එදා සිටම වඩා යහපත් එකිනෙකට හොඳින් සම්බන්ධිත මාර්ග පද්ධතියක් සහිත නගරයක් ලෙස දැක්විය හැකිය. A9 (යාපනය-මහනුවර) මාර්ගය රටේ සෙසු ප්‍රදේශ සමඟ යාපනය සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් ලෙස වැදගත් වේ. ඒ හැරුණු විට, යාපනය-පේදුරුතුඩුව පාර, යාපනය-කන්කසතුරෙයි මාර්ගය සහ යාපනය - කයිට්ස් මාර්ගය, නාගරික ප්‍රදේශයේ සම්බන්ධතාවය වැඩි දියුණු කරන අනෙකුත් මාර්ග කිහිපයක් වේ.

නගරයට පිවිසෙන/ නගරයෙන් පිටව යන දුම්රිය මගීන් සංඛ්‍යාව

මූලාශ්‍රය - ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

මෙහි දුම්රිය මාර්ගයෙන් මගී පිරිස් නගරයෙන් පිටත යන ප්‍රමාණයන් හා නගරය තුලට පැමිණෙන ප්‍රමාණයන් පිළිබඳ දත්ත විස්තර කරයි.

දුම්රිය මගීන් සංඛ්‍යාව

මූලාශ්‍රය - ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා දුම්රිය උතුරු පළාතේ සිට අනෙකුත් ප්‍රධාන දුම්රිය ස්ථාන දක්වා ගමන් ගන්නා මගීන්ට දුම්රිය සේවා සපයයි. උතුරු මාර්ගය ශ්‍රී ලංකාවේ දිගම දුම්රිය මාර්ගය වන අතර එහි දිග කිලෝමීටර් 339 කි. ප්‍රධාන මාර්ගය පොල්ගහවල සිට වයඹ පළාත, උතුරු මැද හා උතුරු පළාත් වලට ගමනාගමන පහසුකම් සපයයි. පළාතේ සියලුම දුම්රිය ස්ථාන 2009 දී යුද්ධය අවසන් වීමෙන් පසු නැවත ඉදිකරන ලද අතර වර්තමානයේ මගීන්ට පුළුල් සේවාවක් සපයයි. දුමෙහි සඳහන් දුම්රිය දෙපාර්තමේන්තු දත්ත වලට අනුව නගරය තුළට වාර්ෂිකව පැමිණෙන දුම්රිය මගීන් 2014 සිට 2016 දක්වා වැඩිවීමක් පෙන්නුම් කරයි.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

පදිකයින්ගේ ගමන් කිරීම්

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

පදිකයින් යනු නගරයේ වැදගත්ම මෙන්ම මාර්ග තදබදයට ඉවහල්වන තවත් සාධකයකි. මෙය විශේෂයෙන් නගර මධ්‍යයට වන්නට විශේෂ වේ. මෝටර් රථ, දුම්රිය හෝ බස් රථ මගින් නගර මධ්‍යය වෙත යන සෑම පුද්ගලයෙකුම පාහේ පයින් ගමන් කරන පුද්ගලයෙකු බවට පත්වන හෙයින්, පදිකයින් යනු නගරබද ගමනාගමනයේ අත්‍යවශ්‍ය අංගයකි. පදික මාර්ග ඔස්සේ පුද්ගලයින් සහ භාණ්ඩ එහා මෙහා සංක්‍රමණය වීම නාගරික ප්‍රවාහන පද්ධතියේ අත්‍යවශ්‍ය කොටසකි. එක දෙක තුන ලෙස ලබාදී ඇති ස්ථානීය අගයන් වල අක්ශාංශ දේශාංශ ගත පිහිටීම දත්ත ගොනුව බාගත කිරීම් තුළින් ලබාගත හැකි අතර පදිකයන් ගමන් කරන දිශාව පිළිබඳවද වැඩිදුර තොරතුරු මෙහිදී ලබාගත හැකි වේ. මෙම සමීක්ෂණය 2017/12/18 වන දින සිදු කරන ලදී.

Download data file here

ආර්ථිකය

නගර, මෙරට ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන සාධකයක් වන අතර, ශ්‍රී ලංකාවේ නගරවල ආර්ථීක වෙනස්වීම් වල පැතිකඩ පිළිබඳ යතාර්ථවාදී චිත්‍රයක් ගොඩනැගීමට ඒ හා සමගාමී විශ්ලේෂණ තිබීම අතිශය වැදගත් වේ.

ලංකාවේ නගරවල ආර්ථික පසුබිම වටහා ගැනීමට නම් රටක් ලෙස එහි ඵලදායීතාව ගෝලීය වශයෙන් ඇති තරගකාරිත්වය සමඟ සැසදීම සිදුකළ යුතුමය.ඒ සඳහා මානව ප්‍රාග්ධනය හා සබැඳි ශුම බලකා සහභාගිත්වය පිළිබඳ අධ්‍යනයක් මෙන්ම නගර සංවර්ධනයේදී මුහුණදෙන ප්‍රධාන බාධාවන් වන ශ්‍රම වෙළෙඳ පොළේ අවාසි, ආර්ථික අවදානම වැනි තත්ත්වයන් තේරුම් ගැනීම පූර්වයෙන්ම කළ යුතුවේ.

මෙහි ඇති ආර්ථික විශ්ලේෂණ තුළින් ප්‍රාදේශීය වශයෙන් නාගරික සංවර්ධනයට හා නාගරික ජනාවාසවල දියුණුවට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වය හා එහි විභවතාවන් හඳුනාගැනීමටත් අදාළ  බලප්‍රදේශය තුළ ශ්‍රම බලකාය උපරිම වශයෙන් භාවිතා කරමින් කුසලතාවන්ට සරිලන ප්‍රදේශයට ආවේණික වෙළෙඳපොළක් හදුනා ගැනීමේ හැකියාවත් හිමිවේ.

ඇස්තෙම්න්තුගත ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය

මූලාශ්‍රය - ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව

ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ආර්ථික ක්‍රියාකාරිත්වයේ වැදගත් දර්ශකයක් වන අතර සාමාන්‍ය ජීවන තත්වයන් හා ආර්ථික යහපැවැත්ම යන කරුණු අනුව නගර සංසන්දනය කිරීම සඳහා ප්‍රයෝජනවත් ඒකකයකි. මෙම දත්ත වලට අනුව, යාපනය මහැහැ නගර සභාවේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතයේ ක්‍රමික වැඩිවීමක් පෙන්නුම් කරයි.

පළාත් පාලන ආයතනයේ වාර්ෂික ආදායම් සහ වියදම්

මූලාශ්‍රය - යාපනය මහ නගර සභාව

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ මෙහෙවර ප්‍රකාශය වන්නේ “පළාත් සහ පළාත් පාලන ක්‍රමයක් වන අතර එය ඵලදායී, සහයෝගී, නව්‍ය හා වගකිවයුතු සහ ප්‍රජාවන් තුළ උසස් තත්ත්වයේ සේවාවන් සැපයීමයි”. සෑම පළාත් පාලන ආයතනයක් සඳහාම එම මෙහෙවර සාක්ෂාත් කර ගැනීම සඳහා අයවැය ලෙස තිරසාර ක්‍රමවේදයක් ඇත. උතුරු පළාතේ ප්‍රධාන අගනගරය ලෙස, යාපනය මහා නගර සභාව නියෝජනය කරමින් මෙම ප්‍රස්ථාරයෙන් දැක්වෙන්නේ 2012, 2013 සහ 2014 වසරවල වාර්ෂික ආදායම් හා වියදම් සාරාංශයයි. එය උපුටාගෙන ඇත්තේ JICA ආයතනය මගින් සැකසූ වාර්තාවකිනි. තොරතුරු සපයා ඇත්තේ යාපනය මහා නගර සභාවේ අයවැය මත පදනම්වය. වැඩිදුර තොරතුරු සඳහා දත්ත ගොනුව බාගත කරගන්න.

දත්ත ගොනුව බාගත කරගන්න

නගර වල තරඟකාරීත්වයේ ඇස්තමේන්තුගත මිනුම් දර්ශකය (CCI)

මූලාශ්‍රය - ශ්‍රී ලංකාවේ නගරවල වර්තමාන තත්වය නමැති ප්‍රකාශනය _ ආර්ථික අංශය

ආර්ථික සංවර්ධන දෘෂ්ටිකෝණයකින් තරඟකාරී නගරවලට ආයෝජන හා වෙළඳ ප්‍රවාහයන් ආකර්ෂණය කර ගත හැකිය. නගර තරඟකාරිත්වය මැනීම සඳහා විවිධ මෙවලම් තිබේ, ව්‍යාපාරික පරිසරයේ සිට මානව ප්‍රාග්ධනය ලබා ගැනීමේ හැකියාව දක්වා යටිතල පහසුකම් සම්පාදනය කිරීම දක්වා වූ දර්ශක එහි ඇතුළත් කර ඇති අතර ඒවා ක්‍රියාත්මක කරන නිශ්චිත ආකාර අනුව ගැළපීම් සිදු කරනු ලැබේ. SoSLC වාර්තාව 2018 සඳහා මෙහිදී භාවිතා කරන මෙවලම, ආසියානු කළමනාකරණ ආයතනය විසින් සකස් කරන ලද පිලිපීන නගර තරඟකාරිත්ව අධ්‍යයනයේ දී භාවිතා කරන ලද නගර තරඟකාරීත්ව දර්ශකය (CCI) හා අනුගතව නිර්මාණය කර ඇත; ශ්‍රී ලංකාව මෙන්ම පිලිපීනය ද සමාන වේගයෙන් නාගරීකරණය වන සමාන අගයක් ඇති ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයක් සහිත මධ්‍යම ආදායම් ලබන රටකි. පළාත් අගනුවර 9 ම සිදුකරන ද්විතීයික තොරතුරු සහ ප්‍රධාන තොරතුරු සම්මුඛ සාකච්ඡා භාවිතා කරමින් මෙම ඇගයීමට මූලික වශයෙන් ගුණාත්මක විශ්ලේෂණයක් ඇතුළත් වේ. එකී සෑම නගරයකම වාණිජ මණ්ඩලයේම නියෝජිතයින්, නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, කර්මාන්ත ප්‍රවීණයන්, සහ නාගරික නිලධාරීන් සමඟ සම්මුඛ සාකච්ඡා සිදු කර ඇත. CCI හි ප්‍රාථමික දර්ශක 28 ක් සහ ප්‍රධාන ක්ෂේත්‍ර 6 ක් හා සම්බන්ධ ද්විතියික තරඟකාරිත්ව ලක්ෂණ 70 ක් ඇතුළත් වේ.
මෙම ක්ෂේත්‍ර 6 ක් හා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නගරවල තරඟකාරිත්වය තක්සේරු කිරීමේ පරමාර්ථය වන්නේ දේශීය ආර්ථික සංවර්ධනයට සහාය වන සැලසුම්, ක්‍රියාමාර්ග වලට මුලපිරීම් සහ ඒවා ක්‍රියාත්මක කිරීම වඩාත් කාර්යක්ෂම කිරීමයි. බොහෝ දර්ශක සඳහා ජාතික සාමාන්‍යය හා සැසඳිය හැකි අගයන් සහිතව, ශ්‍රී ලංකාවේ පළාත් අගනගර 9 සැලකූ විට යාපනය 6 වන ස්ථානයේ සිටී. මෙම දර්ශකයට අනුව යාපනය නගරය ජීවිත ගුණාත්මක බව, යටිතල පහසුකම් හා ව්‍යාපාර කිරීමේ පිරිවැය පිළිබඳවත් එය එතරම් සාර්ථක බවක් වාර්තා නොවේ.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

නාගරික පාලනය

නාගරික ප්‍රදේශ සැලසුම් කිරීමේදී , මූල්‍ය සැලසුම්කරණය හා කළමනාකරණය කෙසේ සිදුකල යුතුද යන්න රජය (ප්‍රාදේශීය, කලාපීය හා ජාතික) සහ එහි පාර්ශවකරුවන් විසින් තීරණය කරනු ලබන ක්‍රියාවලිය නගර පරිපාලනය හා බැඳේ. එසේම මෙය,සමාජයීය, භෞතික සම්පත් හා දේශපාලන බලය නිසි තැනට නිසි ලෙස බෙදී යාම පිලිබඳ නිර්ණය කෙරෙනා අඛණ්ඩ ක්‍රියාවලියකි.
ශ්‍රී ලංකාවේ නාගරික පරිපාලනයේ මූල්‍ය ප්‍රත්‍යස්ථතාවය , සේවා ප්‍රතිපාදනය සහ ආර්ථික ගතිකත්වය කෙරෙහි මෙහිදීඅවධානය යොමු කරයි.

මෙහි ඇති තොරතුරු, පවතින ද්විතීක තොරතුරු, බිම් මට්ටමින් සිදුකරන ලද සමීක්ෂණ හා තොරතුරු රැස්කිරීම් මෙන්ම පාර්ශවකරුවන් හා සිදුකල විස්තරාත්මක සාකච්ඡා වෙත අනුගත වේ.

නාගරික කළමනාකරණය, රාජ්‍ය පරිපාලනය, නාගරික මුදල්, අයවැයකරණය සහ කළමනාකරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය, පුරවැසි සහභාගිත්වය සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ තොරතුරු ආදී වටිනා දත්ත සමුදායක් මෙහි අන්තර්ගත වේ.

පළාත් පාලන ආයතනයේ මානව සම්පත්

මූලාශ්‍රය - පළාත් පාලන දෙපාර්තමේන්තුව, උතුරු පළාත

The model of local government human resource management (H.R.M) has been described as a hybrid of the ‘ideal type’ model (Farnham and Horton, 1996). One reason why this hybrid was formed is the different objectives of the ideal type of H.R.M and those of H.R.M as determined by new public management (N.P.M). Local authority HR departments have come under increasing government pressure to strengthen and professionalize their role. This data can explore the perspectives of line and HR managers in Jaffna local authority on how the HR function can best be organized to contribute to the development of their organizations. further to the above data can provide a better understanding of the human resources that perform the day-to-day duties of the local authority. approved cadre and existing cadre for the Local authority are given here. The number of vacancies can be found by subtracting the approved cadre from the existing cadre.

Download data file here

නගර පරිපාලන දර්ශකය

මූලාශ්‍රය - ශ්‍රී ලංකාවේ නගරවල වර්තමාන තත්වය නමැති ප්‍රකාශනය _ නාගරික පාලන අංශය

පළාත් පාලන ආයතනවලට තම එදිනෙදා රාජකාරි ඉටු කිරීම සඳහා ඇති හැකියාව තක්සේරු කිරීම සඳහා වූ තක්සේරුකරණයක්, SOSLC වාර්තාව යටතේ ඇති CGI මගින් නිරුපණය කර ඇත. දර්ශක 20 ක් සහ උප දර්ශක 42 ක් මගින් මනිනු ලබන මෙය ප්‍රධාන පාලන උප දර්ශක 6 ට අනුරූපව තක්සේරු කරනු ලැබේ (කරුණාකර SOSLC වාර්තාවේ 42 වන පිටුව බලන්න). පළමු වැන්න නම්, පළාත් පාලන ආයතනයන්හි මුල්‍ය ප්‍රතිරෝධය, පළාත් පාලන ආයතනයන්හි සමස්ත මූල්‍ය ශක්තිය, ඒවායේ ආදායම් එකතු කිරීමේ හැකියාවන් සහ සම්පත් වෙන් කිරීමේ ප්‍රවණතා පිළිබඳ දර්ශක ඇතුළත් ය. දෙවැන්න ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ ධාරිතාවයට සම්බන්ධ වන අතර, පළාත් පාලන ආයතන විසින් ප්‍රකාශයට පත් කරන ලද අතුරු ව්‍යවස්ථා ගණන, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා වෙන් කර ඇති සම්පත් සහ ඒවා ක්‍රියාත්මක කළ බවට සාක්ෂි ඇතුළත් වේ. තෙවන හා සිව්වන සේවාවන් සේවාවන්හි අනුගත බව, ඒවායේ පිරිවැය, ගුණාත්මකභාවය ඇතුළුව රාජ්‍ය සේවය තුළ සම්පත් බෙදා හැරීමේ ප්‍රධාන වශයෙන් තක්සේරු කරයි. පස්වනුව තක්සේරු කරනුයේ කාන්තාවන්ගේ නියෝජනය, අවදානමට ලක්විය හැකි කණ්ඩායම් (දුප්පතුන්, ආබාධිතයන් ආදිය) ඉලක්ක කරගත් ප්‍රතිපත්ති සහ පළාත් පාලන ආයතන ක්‍රියාකාරකම්වල විනිවිදභාවය ඇතුළුව පළාත් පාලන ආයතනවල වගවීම සහ සමානාත්මතාවයයි. හයවනුව දේශපාලන හා පුරවැසි සහභාගීත්වය තක්සේරු කරයි, පළාත් පාලන මැතිවරණවල සහභාගීත්ව අනුපාත පිළිබඳ දර්ශක සහ පුරවැසියන්ගේ සහභාගීත්වය සඳහා පහසුකම් සැලසෙන වෙනත් යාන්ත්‍රණ ඇත්දැයි මෙහිදී විශේෂයෙන් සොයාබලනු ලබයි.(SoSLC, 2018) යාපනය මහා නගර සභාව "සේවා සැපයුම් ආවරණය" යන අංශයෙන් 82.59 ක ඉහළ මට්ටමක් වාර්තා ඇති නමුත් "වගවීම සහ සමානාත්මතාව" යන අංශයෙන් 20.00 ට අඩු අගයක් එනම් පහළ අගයක් පෙන්නුම් කර ඇත.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

ඡන්ද දායකයින් සංඛ්‍යාව සහ තේරී පත් වූ සාමාජිකයන් ගණන

මූලාශ්‍රය - පළාත් පාලන දෙපාර්තමේන්තුව, උතුරු පළාත (සංඛ්‍යාලේඛන පොතෙන් ලබාගත් දත්ත 2018)

ඉහත තොරතුරු 2016 2017 සහ 2018 වසර සඳහා වන අතර 2018 දී යාපනය මහා නගර සභාව තුළ පුද්ගලයන් 82897 ක් සහ 2017 සඳහා පුද්ගලයින් 91321 ක් හා 2016 වසර තුල 91417 සිටින බවට ගණන් බලා ඇත. එම මුළු ජනගහනයෙන් 2016 දී ඡන්ද දායකයින් 54592 ක් සහ තේරී පත් වූ සාමාජිකයින් 23 ක් ද, 2017 වර්ෂයේ එම මුළු ජනගහනයෙන් ඡන්ද දායකයින් 56182 ක් සහ තේරී පත් වූ සාමාජිකයින් 45 ක් ද, 2018 දී ඡන්ද දායකයින් 60361 ක් සහ තේරී පත් වූ සාමාජිකයින් 45 ක් ලෙස දක්වා ඇත.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

පලාත් පාලන ආයතන බෙදී යාම

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකාව, පළාත් පාලන ආයතන අනුව එහි ජනගහනය හා විශාලත්වය අනුව වර්ග තුනකට බෙදී ඇත. ඒ මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ලෙසයි. මාර්ග, සනීපාරක්ෂක කටයුතු, කානු, අපද්‍රව්‍ය එකතු කිරීම, නිවාස, පුස්තකාල, පොදු උද්‍යාන හා අනෙකුත් පහසුකම් ඇතුළු විවිධ සේවාවන් සැපයීම සඳහා ඔවුන් වගකිව යුතු ය. මෙම දත්ත මඟින් පලාත් පාලන ආයතනයන්හි බෙදී යාම දැක්වේ. උතුරු පළාතේ මහා නගර සභා එකක්, නගර සභා 5ක් සහ ප්‍රාදේශීය සභා 28 ක් පවතී. උතුරු පළාතේ ප්‍රධාන නගරය යාපනය නගරයයි.

මාර්ග අංශයට අදාළ කම්කරුවන්

මූලාශ්‍රය - යාපනය මහා නගර සභාව

මහා නගර සභාවේ මාර්ග අංශයේ ස්ථිර හා අනියම් සේවකයින් ප්‍රමාණයන් මෙහි දැක්වේ. 2018 දී ඔවුන්ගෙන් බහුතරය ස්ථිර සේවකයින් ය. මාර්ග වර්ගය අනුව පවතින මාර්ග වල දිග සලකා බැලීමේදී, කිලෝමීටර 7.7 ක් A කාණ්ඩයේ මාර්ග ලෙසත්, කිලෝමීටර 55.5 ක් B කාණ්ඩයේ මාර්ග ලෙසත්, කිලෝමීටර 75.5 C කාණ්ඩයේ මාර්ග ලෙසත් දක්වයි. කිලෝමීටර් 158 ක ප්‍රමාණයක ග්‍රාමීය මාර්ග ද ඇත. මාර්ග පද්ධතිය නඩත්තු කිරීමේදී දැනට සිටින කම්කරුවන් කටයුතු කරයි.


Download data file here

සනීපාරක්ෂක අංශයට අදාළ සේවකයින්

මූලාශ්‍රය - යාපනය මහා නගර සභාව

මහා නගර සභාවේ 2018 වර්ෂයේ වාර්තාවූ සනීපාරක්ෂාව සම්බන්ධ සේවකයින්ගෙන් බහුතරයක් ස්ථීර සේවකයන් ලෙස දැක්වේ. මහා නගර සභාවේ සිටින සනීපාරක්ෂාව පිලිබඳ ස්ථිර මෙන්ම අනියම් සේවකයින් ද අදාළ සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා කටයුතු කරයි. ඔවුන් පිරිසිදු කිරීම හා සේවාවන්ට අදාල නඩත්තු කිරීමේ කටයුතු සිදුකරනු ලබයි.

Download data file here

නිවාස

ශ්‍රී ලංකාවේ මුල්කාලීන නාගරික ජනාවාස උරුමය - ඉතිහාසය, රටාවන්, ඉඩම් භාවිතය සහ නිවාස වැනි ප්‍රවණතා සහ ඒ සමඟ ඇතිවන සංවර්ධන අභියෝගයන් මෙහි සලකා තිබේ.

නිවාස අවශ්‍යතා , යටිතල පහසුකම් හා සංවර්ධන සඳහා වන වියදම්, මූලික අවශ්‍යතා සපුරාලීම මුල්කරගත් නාගරික සැලසුම්කරණය, නාගරික ඉඩම් පරිහරණය සහ ඉඩම් සංවර්ධනය පිළිබඳ තොරතුරු ඇතුලත් තොරතුරු සමුදායක් මෙම අංශය මගින් ගොනුකොට තිබේ . මෙහි SDG 11.1 ට අදාළ දර්ශක ද භාවිතා කර ඇත. සමාජ ආරක්ෂණ වැඩසටහන් සහ සෞඛ්‍ය, ජලය සහ සනීපාරක්ෂක සේවාවන්ගේ ජනගහනය මෙ මගින් ආවරණය වේ. SDG ඉලක්ක 11.7 වෙත ද අවධානය යොමු කරනු ලැබේ.

නිවාස ඒකක වර්ග

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

යාපනය මහා නගර සභා බල ප්‍රදේශය තුළ නිවෙස් වල තත්වය පිළිබඳ මෙම ප්‍රස්ථාරය මගින් දැක්වේ. නිවාස වල බහුතරයක් (සියයට 96 ක් පමණ) තනි තට්ටුවේ සහ තට්ටු දෙකේ නිවාස ලෙස මෙහි වර්ග කොට දැක්වේ.

Download data file here

නිවාස වර්ග

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

යාපනය මහා නගර සභාව තුළ 2012 වර්ෂයේදී පැවති නිවාස වලින් සියයට 91.6 ක් ස්ථිර නිවාස බව මෙම දත්ත පෙන්වා දෙයි.

Download data file here

නාගරික සේවා

නගර වැසියන්ගේ යහපත් ජීවන තත්වය සහතික කිරීම නාගරික සේවාවන්ගෙන් යුතු විය යුතු මුලික කාර්ය භාරයයි

නාගරික මධ්‍යස්ථාන ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට ඉවහල් වන ප්‍රධාන සේවාවන් සපයයි. වාහන ලියාපදිංචි කිරීමේ සේවා, සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම වෙත ප්‍රවේශය සහ අතිරේක සේවාවන් රාශියක් වැනි ප්‍රධාන රාජ්‍ය පරිපාලන කාර්යයන් නගර විසින් සපයනු ලැබේ.

නාගරික මධ්‍යස්ථාන පදිංචිකරුවන්ට සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා සපයයි: ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සහ අධ්‍යාපනයක් සඳහා සමාන ප්‍රවේශයක් ලබා දීම. සමාජ විනෝදාත්මක ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැලසීම සහ පුස්තකාල, ප්‍රජා මධ්‍යස්ථාන සහ ක්‍රීඩා පහසුකම් වැනි ප්‍රජා සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා සේවාවන් ද ඒවාට ඇතුළත් ය. සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහා වඩාත් යහපත් අනාගතයක් සුරක්ෂිත කිරීම සඳහා ගුණාත්මක සේවා සහතික කිරීම තීරණාත්මක අංගයකි.

සේවා ලබා ගැනීමේ හැකියාව
Availability of Road Inventory
Yes
Availability of Asset register
Yes
An online system is available for citizen to request services
Yes
A "reference no" is issued to the citizen requesting services
Yes
A "Front Office" is available
Yes
All the services can be accessed at a single location (Front Office) by a visiting citizen
No
Separate Male/Female toilets are available for the visiting citizen
Yes

මූලාශ්‍රය - යාපනය මහා නගර සභාව

This data represent the 2018 records. Services delivered to the citizens by the local authority is very important to measure the functionalities and capacities of the local authority.

ධාරිතා සංවර්ධනය සඳහා පුහුණු සැසි

මූලාශ්‍රය - යාපනය මහා නගර සභාව

Providing trainings to the staff will increase the capacities of the officers in managing and decision making. This data explained on provided trainings and the number of officers trained.

නියාමන සේවා (මසකට ලැබෙන සාමාන්‍ය අයදුම්පත් ගණන)

මූලාශ්‍රය - යාපනය මහා නගර සභාව

යාපනය මහා නගර සභාවට දිනපතා විවිධ ආකාරයේ අයදුම්පත් ලැබේ. මෙසේ ලැබෙන අයදුම්පත් ප්‍රමාණයේ මාසික සාමාන්‍යය සැලකිල්ලට ගැනීමේදී වෙළඳ බලපත්‍රය ලබා ගැනීම සඳහා වැඩිම අයදුම්පත් ප්‍රමාණයක් ලැබෙන බව දැක්විය හැක. පාරිසරික ආරක්ෂණ බලපත්‍රය සඳහා අවම අයදුම්පත් සංඛ්‍යාවක් ලැබී ඇති බව මෙම දත්ත පැහැදිලි කරයි. මෙම සේවාවන් සඳහා මාර්ගගත ලෙස අයදුම්පත් ඉදිරිපත් කිරීමේ යාන්ත්‍රණයක් දැනට නොමැත. එම විවිධාකාර සේවාවන් ලබාදීම සඳහා පළාත් පාලන ආයතනයට කොපමණ කාලයක් නොහොත් කොපමණ දින ගණනක් ගත වනවාද යන්න වැඩිදුරටත් දක්වා ඇත. ඒ පිළිබඳ විස්තරාත්මක තොරතුරු බාගත කිරීම් තුළින් ලබාගත හැකි වේ.

පළාත් පාලන ආයතන සතුව පවතින බර වාහන හා උපකරණ

මූලාශ්‍රය - යාපනය මහා නගර සභාව

යාපනයේ මහා නගර සභාවේ ඇති බර වාහන සහ උපකරණ පිලිබඳ 2018 වසරේ දත්ත අනුව රෝලර් උපකරණ, කැණීම් යන්ත්‍ර සහ ගිනි නිවන වාහන ප්‍රමාණයන් මෙහි ඇතුළත් වේ. මහා නගර සභා අධීක්ෂණ යටතේ සිදුකරන සංවර්ධන කටයුතු වලදී මෙම උපකරණ භාවිතා වේ. මහා නගර සභාවේ මෝටර් ග්‍රඩර් (motor graders) වර්ගයේ වාහන නොමැත. පවතින හා යෝජිත සංවර්ධන ක්‍රියාකාරකම්වල ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් උපකරණ සමඟ අදාළ පහසුකම් වැඩි දියුණු කිරීම වඩා යහපත් හා පලදායී වනු ඇත.


Download data file here

පළාත් පාලන ආයතනය විසින් නඩත්තු කරනු ලබන ජල සැපයුම

මූලාශ්‍රය - පළාත් පාලන දෙපාර්තමේන්තුව, උතුරු පළාත

ශ්‍රී ලංකාවේ වියළි කලාපයට අයත් යාපනය අර්ධද්වීපය භූගත ජලය ගබඩා කිරීම හා බැහැර කිරීම සඳහා සුදුසු ජලධර ගුණ ඇති බවට සැලකෙන මයෝසීන් හුණුගල් යටින් පිහිටා ඇත. අර්ධද්වීපයට බහු වාර්ෂික ගංගා හෝ ප්‍රධාන ජල සැපයුම් යෝජනා ක්‍රම නොමැතිවීම ගෘහස්ථ, කාර්මික හා කෘෂිකාර්මික භාවිතය සඳහා ප්‍රමුඛතම ජල සම්පත ලෙස භූගත ජලයේ ඇති වැදගත්කම අවධාරණය කරයි. යාපනය අර්ධද්වීපයේ ප්‍රධාන ජලධර පද්ධති හතරක් ඇත, ඒවා නම් චුන්නකම් (වලිකාමාම් ප්‍රදේශය), තෙන්මරච්චි, වඩමරච්චි සහ කයිට්ස් ය. ඒවායින් වලිකාමාම් ප්‍රදේශය යාපනය අර්ධද්වීපයේ දැඩි ලෙස වගා කෙරේ. යාපනය අර්ධද්වීපයේ ප්‍රධාන හුණුගල් ජලධරය වලිකාමාම් ප්‍රදේශයේ චන්නකාම් ජලධරයයි. යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජල ප්‍රභවය භූගත ජලයයි. දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයෙන් වැඩි ප්‍රමාණයක් රඳා පවතින්නේ භූගත ජල ප්‍රභවයන් මත ය. බොහෝ ගොවිපලවල කෘෂි ළිං භාවිතයෙන් බෝග හා වෙනත් වගාවන් වාරි ජලය සපයයි. දශක තුනක යුද්ධයෙන් පසු දිස්ත්‍රික්කයේ ජනගහනය දැන් වැඩි වෙමින් පවතින අතර වේගවත් වර්ධනයන් ද සිදුවෙමින් පවතී. යාපනයේ ජනතාව දැන් සිය සාමාන්‍ය ජීවිතයට පැමිණෙමින් සිටින අතර නැවත වරක් කෘෂිකාර්මික කටයුතු ආරම්භ කර ඇත.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

ඝන අපද්‍රව්‍ය උත්පාදනය වන ප්‍රමාණය හා ඒවායේ එකතු කිරීම

මූලාශ්‍රය - IWMI ප්‍රකාශනය - ශ්‍රී ලංකාවේ ඝන සහ ද්‍රව අපද්‍රව්‍ය කළමනාකරණය සහ සම්පත් ප්‍රතිසාධනය: නගර 20 ක විශ්ලේෂණයක්

යාපනය මහනගර සභාව විසින් ඝන අපද්‍රව්‍ය එකතු කිරීමේ සේවාව සපයනු ලබන්නේ අදාළ එකතු කිරීමේ කලාපවලින් වාහන මඟින් දිනපතා ගෙයින් ගෙට ගොස් එකතු කර ගන්නා ආකාරයටය. එකතු කිරීමේ වාහන වලට යා නොහැකි පටු මාර්ග ඇති ප්‍රදේශවල අපද්‍රව්‍ය එකතු කරනු ලබන්නේ අත් කරත්ත මගිනි. අපද්‍රව්‍ය වෙන්කර ඇති බඳුන් සහිත එකතු කිරීමේ පද්ධතිය මෙන්ම මිශ්‍ර අපද්‍රව්‍ය ලෙසද ලබාගනී. විශාල සාප්පු හා විශාල අවන්හල් වලින් අපද්‍රව්‍ය සතියකට දෙවරක් එකතු කරනු ලැබේ. මහනගර සභාව විසින් එම පෞද්ගලික ආයතන සඳහා ලීටර් 200 කට රුපියල් 230 ක අපද්‍රව්‍ය බද්දක් පනවා ඇති අතර නිවැසියන් ඉල්ලා සිටින විට උද්‍යාන අපද්‍රව්‍ය ට්‍රැක්ටර් 1 ක් සඳහා LKR 575 ක් සඳහා එකතු කරනු ලැබේ (JICA, 2016). වැඩි වශයෙන් ආහාර අපද්‍රව්‍ය වන හෝටල් අංශයෙන් එකතු කරන SW, දිනකට ටොන් 3 ක් පමණ වේ. යාපනයේ ශික්ෂණ රෝහල, ඇපලෝ රෝහල සහ යාල් රෝහල වැනි පෞද්ගලික රෝහල් ද නගර මධ්‍යයේ පිහිටි රෝහල්වලට මහ නගර සභාවෙන් එකතු කිරීමේ සේවාව ලැබේ.

නගර සභාවේ එක්රැස් වන කසල ප්‍රමාණය

මූලාශ්‍රය - Data Collection Survey on Solid Waste Management -JICA

JICA ආයතනය විසින් "ඝන අපද්‍රව්‍ය කළමනාකරණය" පිළිබඳ සිදුකල සමීක්ෂණයක් යටතේ මෙහි දැක්වෙන දත්ත එක්රැස් කරන ලදී. පෙරදෙණියා විශ්ව විද්‍යාලයෙන් ලබාගත් අපද්‍රව්‍ය උත්පාදනය අනුපාත මත පදනම්ව අපද්‍රව්‍ය උත්පාදන ප්‍රමාණයන් ගණනය කරන ලදී. ඒ අනුව, යාපනය මහා නගර සභා ප්‍රදේශයේහි නාගරික අපද්‍රව්‍ය උත්පාදනය වන ප්‍රමාණය දිනකට ටොන් 104.87 ක් වන අතර දිනකට ඒක පුද්ගල අපද්‍රව්‍ය උත්පාදනය කිලෝග්‍රෑම් 1.297 කි.

පළාත් පාලන ආයතනය විසින් නඩත්තු කරනු ලබන සේවාවන්

මූලාශ්‍රය - පළාත් පාලන දෙපාර්තමේන්තුව, උතුරු පළාත

ඉහත දත්ත මගින් පළාත් පාලන ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන සේවාවන් විස්තර කෙරේ. වෙළඳපල, සායන, බෙහෙත්ශාලා, ආයුර්වේද රෝහල්, පොළ ,වාණිජ කුටි, අප ජලය පිරිපහදු යන්ත්‍ර, සුසාන භූමිය යනාදී සේවාවන් වලට අදාලව කොපමණ මද්‍යස්ථාන ගණනක් තිබේද යන්න වැඩිදුරටත් එහි දක්වා ඇත. යාපනය මහා නගර සභා සීමාව තුල 2016, 2017 හා 2018 යන වර්ෂයන්හි එම මද්‍යස්ථාන ගණන පිළිඹඳ අගයන් මෙහි දක්වා ඇත. එම අවුරුදු තුන තුල විශේෂ වෙනස්වීමක් ලෙස දැක්විය හැක්කේ 2018 වසරේ ව්‍යාපාරික කුටි සංඛ්‍යාවේ කැපී පෙනෙනඉහළයාමක් ඇති බවයි.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

යටිතල පහසුකම්

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

යාපනය නගර සභා ප්‍රදේශයේ ජල සැපයුම සියයට 98.9 ක් ආවරණය කරමින් ආරක්ෂිත පානීය ජලය සඳහා එහි ජනතාවයට පහසුකම් සපයයි. විදුලිය සඳහා 90% ක සේවා සැපයුමක් පවතී.

ඝන අපද්‍රව්‍ය සංයුතිය

මූලාශ්‍රය - Data Collection Survey on Solid Waste Management -JICA

කලුන්දායි අපද්‍රව්‍ය බැහැර කිරීමේ භූමියේ අපද්‍රව්‍ය සංයුතිය පිළිබඳ ප්‍රාදේශීය වශයෙන් ලබාගත් සමීක්ෂණය ප්‍රථිපල යාපනය මහා නගර සභාවේ දිනකට බැහැර කරන අපද්‍රව්‍ය සංයුතිය ලෙස මෙහි දක්වා තිබේ.

ඝන අපද්‍රවය එකතු කිරීම හා බැහැර කිරීම (දිනකට)

මූලාශ්‍රය - JICA

කසල එක්රැස් කිරීමේ සේවය සඳහා සියයට 58.8 ක් පමණ ගෘහස්ථයන් ආවරණය වන අතර, 40% ක් පමණ කසල ගිනි තැබීම, වළ දැමීම වැනි කසල බැහැර කිරීමේ ක්‍රමෝපායන් භාවිතා කරයි.

පාරිසරික

නගරය සියල්ලන් සදහාම ජීවත් විය හැකි පරිදි සුදුසු පරිසරයකින් සමන්විත විය යුතුය. වායු දුෂණය සහ ජලයේ ගුණාත්මක භාවය, පරිසරයේ පැවැත්ම හා සුරක්ෂිත භාවය මෙන්ම සෞන්දර්යාත්මක හා ඓතිහාසික කරුණු පිළිබඳවද මෙහිදී පැහැදිලි අදහසක් ලබාගැනීම වැදගත් වේ.
ආපදා අවදානම මෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ අවදානය, නුතනයේ පාරිසරික සාදක හා සබැඳි තවත් වැදගත් අංගයකි. නගර තුල ඉඩම් පරිහරණ සැලසුම් කිරීමේදී මෙවන් පාරිසරික තත්වයන් හා සාධක ප්‍රමුඛ ස්ථානයක ලා සැලකිය යුතුය.

නිරීක්ෂණ මධ්‍යස්ථානවලට අනුව වාර්ෂික වර්ෂාපතනය

මූලාශ්‍රය - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකාවේ වියළි කලාපය දිවයිනේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශයට අයත් වන අතර මෙම කලාපයට ඊසානදිග මෝසම (දෙසැම්බර් සිට මාර්තු දක්වා) බලපාන අතර නිරිතදිග මෝසම් (ජුනි සිට ඔක්තෝබර් දක්වා) බලපායි. වියලි කලාපයක් වන මේ ප්‍රදේශයට බොහොමයක් වැසි ලැබෙන්නේ ඊසානදිග මෝසම් සමයේදීය. වාර්ෂික වර්ෂාපතනය මි.මී. 1,250 ක් වයඹ සහ ගිනිකොන දෙසින් එකතු වේ. මෙම ප්‍රදේශයට වැසි සෘතු දෙකක් ඇත: නිරිතදිග මෝසම් - මැයි සිට අගෝස්තු දක්වා සහ ඊසානදිග මෝසම් - නොවැම්බර් සිට පෙබරවාරි දක්වා. 2008 සිට 2013 දක්වා වර්ෂාපතනයේ වාර්ෂික අගයන් ඉහත තොරතුරු තුළින් පිළිබිඹු වේ. යාපනය නිරීක්ෂණාගාරය සෑම මසකම ප්‍රදේශයේ වර්ෂාපතනය වෙන වෙනම ගණනය කරයි (පහත ප්‍රස්ථාරයේ දැක්වේ). වැඩි විස්තර පහත විස්තරාත්මක සංඛ්‍යාලේඛනවලින් බාගත හැකිය.

Download data file here

නිරීක්ෂණ මධ්‍යස්ථානවලට අනුව වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය

මූලාශ්‍රය - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකාව සාමාන්‍ය මෝසම් දේශගුණයක් භුක්ති විඳින රටකි. උතුරු පළාත වියළි සමයේදී (පෙබරවාරි සිට සැප්තැම්බර් දක්වා) උණුසුම් හා වියලි වන අතර තෙත් සමයේදී (ඔක්තෝබර් සිට ජනවාරි දක්වා) තරමක් සිසිල් දේශගුණයක් පවතී. පළාතේ දේශගුණය නිවර්තන කලාපීය වන බැවින් මෝසම් කාලවලදී සෑම විටම ජලගැලුම් ඇති වීමට ඉඩ තිබේ. පහත් බිම්වල දේශගුණය සාමාන්‍යයෙන් නිවර්තන කලාපීය වන අතර සාමාන්‍ය උෂ්ණත්වය වසර සඳහා 28° සිට 30° පමණ වේ. කෙසේ වෙතත්, සමස්තයක් ලෙස ගත් කල, ජනවාරි සෞම්‍ය දේශගුණයක් සහිත මාසය වන අතර මැයි මාසය උණුසුම්ම මාසය වේ. සාපේක්ෂ ආර්ද්‍රතාවය දිවා කාලයේදී 70% සිට රාත්‍රියේ 90% දක්වා වෙනස් වේ. මෙහි ඉදිරිපත් කර ඇති 2006 සිට 2013 දක්වා වාර්ෂික වායු උෂ්ණත්ව උච්චාවචනයන් සෙල්සියස් අංශක 28 ක් තුළ පවතින බව පෙන්නුම් කරයි. යාපනය නිරීක්ෂණාගාරය සෑම මසකම ප්‍රදේශයේ වායු උෂ්ණත්වය වෙන වෙනම එකතු කර ඇති අතර. වැඩි විස්තර පහත සංඛ්‍යාලේඛනවලින් බාගත කරගත හැකිය.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

මාසික සාමාන්‍ය වර්ෂාපතනය සහ උෂ්ණත්වය

මූලාශ්‍රය - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

නාගරික ප්‍රදේශවල සාමාන්‍ය වර්ෂාපතනය සහ උෂ්ණත්වය පිළිබඳ දත්ත මෙහි දක්වා තිබේ. ප්‍රස්ථාරය මඟින් එම අගයන් අතර රටාවන් සහ සහසම්බන්ධතා තවදුරටත් විස්තාරණය කරයි.

වර්ගය අනුව ඇළ මාර්ගවල දිග

මූලාශ්‍රය - Jaffna Municipal Council

The Jaffna Peninsula is situated in the Northern extreme of Sri Lanka. It is geographically confined to the North and East by the Indian Ocean and the West by the Palk Strait, and the Southern areas extend into the mainland of the country. The Jaffna District covers an area of 1,023 square kilometers (km2) that includes inland waters. The district is predominantly an agricultural area with a high potential for the cultivation of commercial crops that include red onions, chilies, potatoes, tobacco, vegetables, bananas, and grapes. Thadchayini and Thiruchelvam (2005) reported that agriculture is the main source of livelihood for 65% of the population, and about 34.2% of the land is cultivated commercially with high-value cash crops. According to the above paper, about 65,400 families and 30,000 farm laborers are involved in agriculture and livestock in the Jaffna District.

දේශගුණික ආපදා අවදානමට නිරාවරණය (1974-2017)

මූලාශ්‍රය - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

ශ්‍රී ලංකා රජයේ (GoSL) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) දත්ත වලින් පෙනී යන්නේ පසුගිය වසර 35 තුළ සමස්තයක් වශයෙන් මිලියන සංඛ්‍යාත නාගරික වැසියන් ගංවතුර, නායයෑම්, නියඟ සහ සුළි සුළං හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි; සිය ගණනක් මරණයට පත්ව ඇත. වසර 1974 සිට 2017 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ පළාත් අගනගර 9 හි සිදු වූ මුළු මරණ 369 ක්ම ගංවතුර හා නායයෑම් හේතුවෙන් සිදුවී ඇත. සමස්තයක් ලෙස, ගංවතුර තත්වයන් විශාලතම දේශගුණික අවදානම ලෙස පෙනී යන අතර එය මිලියන 4 කට අධික ජනතාවකගේ ජීවන රටාව කෙරෙහි බලපා ඇති අතර මෙහි දත්ත ඇතුලත් කර ඇති කාල සීමාව තුළ පුද්ගලයින් 234 දෙනෙකුගේ මරණයට හේතු වී තිබේ. පානය හා භාවිතය සඳහා සුදුසු ආරක්ෂිත ජලය ලබා ගැනීමේ අභියෝග ඉදිරිපත් කරමින් නාගරික ජනගහනයට ද නියඟය බලපා ඇත. දේශගුණික අවදානම පළාත් අගනගර 9 අතර අවකාශීයව වෙනස් වන අතර ශ්‍රී ලංකාව පුරා වර්ෂාපතනය ලැබෙන ආකාරය හා සමීපව සම්බන්ධ වේ. මහනුවර, රත්නපුර, ගාල්ල සහ කොළඹ යන නගර අයත් වන්නේ ලංකාවේ තෙත් කලාපයට වන අතර, එහි ඉහළ මධ්‍යන්‍ය වාර්ෂික වර්ෂාපතනයක් (මි.මී. 2500 ට වඩා වැඩි) ලැබෙන අතර වියළි කාලගුණයක් නොමැත. මෙම ප්‍රදේශ ගංවතුර හා නායයෑම් වලට නිරාවරණය වේ. බදුල්ල අතරමැදි කලාපයට ඇතුලත් වන අතර කෙටි වියළි කාල පරිච්ඡේදයක් සමඟ මිලිමීටර් 1,750 ත් 2500 ත් අතර මධ්‍යන්‍ය වාර්ෂික වර්ෂාපතනයක් ලැබේ. මෙවැනි ප්‍රදේශවල ගංවතුර හා නායයෑම් ද අත්විඳිය හැකිය. යාපනය, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය නගර අයත්වන වියළි කලාපයට වාර්ෂිකව මි.මී. 1,750 ට වඩා අඩු වර්ෂාපතනයක් ලැබෙන අතර නියඟය හේතුවෙන් වියළි කාලගුණයක් පවතී. මෙම ප්‍රස්ථාරයෙන් පැහැදිලිව පෙන්නුම් කරන්නේ 1974 සිට 2017 දක්වා දේශගුණික නිරාවරණයෙන් බොහෝ දෙනා පීඩාවට පත්ව ඇත්තේ ගංවතුර හා නියඟය හේතු කරගනිමින් බවයි.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

ගංවතුර පිළිබඳ දත්ත

මූලාශ්‍රය - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

යාපනයේ නාගරික ප්‍රදේශ නිතරම ගංවතුර හේතුවෙන් පීඩාවට පත්වේ. වසර 2012 සිට 2017 දක්වා වූ වාර්තා සලකා බැලීමේදී, 2013 වර්ෂය හැර අනෙකුත් සෑම වසරකම ගංවතුර තත්ත්වයන් වාර්තා වේ. නමුත් , දිස්ත්‍රික් මට්ටමින් සුළු පරිමාණයේ ගංවතුර තත්ත්වයක් වාර්තා වී ඇති අතර, නිවාස 9 කට හානි සිදුව ඇති බවට සංඛ්‍යාලේඛන මගින් දැක්වේ. යාපනය මහා නගර සභා ප්‍රදේශයේ ගංවතුර හේතුවෙන් සිදුවූ මරණ පිළිබඳ කිසිදු වාර්තාවක් නොමැති වීම වැදගත් ය. දිස්ත්‍රික් මට්ටමින්, 2012 වසරේදී පුද්ගලයින් 2 නෙක්, 2015 වසරේදී පුද්ගලයින් 3 නෙක් සහ වසර 2017 දී 1 පුද්ගලයෙකු ලෙස ගංවතුර හේතුවෙන් මරණ වාර්තා වී ඇත.

තේමා සිතියම්

 

යාපනය නාගරික බල ප්‍රදේශය: හෙක්ටයාර 1910 යුතු යාපනය මහ නගර සභා සීමාව මෙයින් දැක්වේ.(මූලාශ්‍රය_නාගරික සංවර්ධන අධිකාරිය)   සිතියම මෙතැනින් බාගත කරගන්න        දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 

යාපනය මහ නගර සභා පරිපාලන සීමා සිතියම හා පරිපාලන සීමාවට අයත් ග්‍රාම නිලධාරි වසම්හි ව්‍යාප්තිය පිළිබඳ සිතියම: යාපනය මහා නගර සභාවට ග්‍රාම නිලධාරි වසම් 46 ඇතුළත් වන අතර ඒවායෙහි සිටින ජනතාවගේ ස්ත්‍රී පුරුෂ බව /වාර්ගිකත්වය / වයස් සංයුතිය පිළිබඳ තොරතුරු වැඩිදුරටත් මෙහි අඩංගු වී ඇත.(මූලාශ්‍රය_ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව) සිතියම මෙතැනින් බාගත කරගන්න        දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 

යාපනය මහා නගර සභාවට අයත් මාර්ග සිතියම: මාර්ගයන්ගේ නාමයද සහිතව වැඩිදුර තොරතුරු ඇතුලත් වේ. 2018 වසරේ යාවත්කාලීන කරන ලද තොරතුරු වලට අනුව සිතියම සකස් කර ඇත. (මූලාශ්‍රය_SoSLC ව්‍යාපෘතිය) සිතියම මෙතැනින් බාගත කරගන්න        දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 

යාපනය මහා නගර සභාවට අයත් ගොඩනැගිලි ඇතුළත් සිතියම: 2018 වසරේ යාවත්කාලීන කරන ලද තොරතුරු වලට අනුව සිතියම සකස් කර ඇත.(මූලාශ්‍රය_SoSLC ව්‍යාපෘතිය)  සිතියම මෙතැනින් බාගත කරගන්න        දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 

යාපනය නගරයේ වසර සියයක් තුළ පුරෝකථනය කර ඇති මුහුදු මට්ටමේ ඉහළ යාම හා එයින් බලපෑමට ලක්විය හැකි භූමි පරිභෝජනයන්: වෙරළබඩ කලාපයේ පිහිටා ඇති යාපනය නගරය දේශගුණ විපර්යාසයන් හේතුවෙන් සිදුවුන සාගර ජල මට්ටම ඉහළ යාමේ අවදානමට ගොදුරු වීමට ඇති ඉඩකඩ ඉතා ඉහළය. එක්සත් ජාතීන්ගේ අන්තර් රාජ්‍ය ආයතනයක් වන දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC) විසින් කරනු ලැබූ පුරෝකතනයන්ට අනුව සකසා ඇති මෙම දත්තයන් භූමි පරිභෝජනය සමග සමපාත කරමින් බලපෑම් වන ප්‍රදේශය වෙන් වශයෙන් දක්වා ඇත.(මූලාශ්‍රය_IPCC සහ SoSLC ව්‍යාපෘතිය)  සිතියම මෙතැනින් බාගත කරගන්න         දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 

යාපනය මහ නගර සභා සීමාවට අයත් වාණිජ සහ කාර්මික භූමි පරිභෝජනයන්:  මෙහි වාණිජ භූමි පරිභෝජන යටතට ව්‍යාපාරික ස්ථාන, කාර්යාල, ‍ව්‍යාපාරික හා මිශ්‍ර නේවාසික භාවිතය මෙන්ම බැංකු සඳහා වෙන්වූ භූමි ද කාර්මික යටතට කර්මාන්තශාලාද ඇතුලත්ව ඇත.(මූලාශ්‍රය_SoSLC ව්‍යාපෘතිය)  සිතියම මෙතැනින් බාගත කරගන්න         දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 

 

සිතියමේ විස්තර
Print
SoSLC project, IPPC
SoSLC project, IPPC
සිතියමේ විස්තර
සිතියම් සුචිය

ඉතා සීමිත සම්පතක් වන භූමිය සහ ඉඩම් නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් බොහෝ ප්‍රතිලාභ ලැබිය හැකිය.

 

විශේෂයෙන්ම භාවිතය සඳහා සුදුසු ඉඩම් වල හිඟයක් ඇති නාගරික ප්‍රදේශ සඳහා මෙය වඩා වැදගත් වේ. වැඩි වන ජනගහනයකට සරිලන පරිදි සැලසුම් සහගත නගර නිර්මාණය කිරීම සඳහා, වර්තමානයේ දී ඉඩම් පරිහරණය පිළිබඳ මනා අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වේ. වර්තමාන භූමි පරිභෝජනය පිළිබඳ අවබෝධ කර ගැනීමටත්, ඉඩම් වෙන් කර ඇති ආකාරය සහ ඒවා අද අපගේ නගරවල භාවිතා කරන්නේ කුමන ආකාරයෙන්ද යන්නත් තේරුම් ගැනීමට පරිශීලකයින්ට ඉඩම් පරිහරණ සිතියම් මගින් තොරතුරු සපයයි.

 

මෙහි ඉදිරිපත් කර ඇති ඉඩම් පරිහරණ සිතියම් "ඉදිකළ / ඉදිනොකළ" ලෙස ප්‍රධාන කොටස් දෙකකට සහ ඒවායේ උප කාණ්ඩ 36 කට වර්ග කර ඇත. සිතියම් මත ක්ලික් කිරීම සහ සිතියම් කොටස් වෙන වෙනම අක්‍රිය හා සක්‍රිය කිරීමේ පහසුකම මෙහි පවතින අතර එමඟින් පරිශීලකයාට කාණ්ඩ හෝ උප කාණ්ඩ තෝරා ගැනීමට ඉඩ ලබා දේ. මෙම එක් එක් උප කාණ්ඩවල ඉඩම් ප්‍රමාණය සිතියම් ප්‍රදේශයට පහළින් ඇති ප්‍රස්ථාරවල දක්වා ඇත. මෙය වඩා යහපත් තීරණ ගැනීමේ ක්‍රියාවලීන් වැඩි දියුණු කරන මෙවලමක් වනු ඇතැයි විශ්වාස කෙරේ.

 

සිතියමේ විස්තර
Print
SoSLC project
SoSLC project
සිතියමේ විස්තර
සිතියම් සුචිය

හෙක්ටයාර 1910 ක් පුරා පැතිරී ඇති යාපනය මහ නගර සභාවට ග්‍රාම නිලධාරී වසම් 47 ක් පමණ ඇතුළත් වේ. (නගර තොරතුරු යටතේ වන තේමා සිතියම්හි එය විස්තරාත්මකව දක්වා ඇත)


උතුරු පළාතේ ප්‍රධාන නගරය ලෙස හඳුන්වන යාපනය මහා නගරය සභා සීමාව තුළ ඉදිකිරීම් සහිත භූමිය හෙක්ටයාර 4044.5 ක අගයක් ගන්නා අතර එය සමස්ත භූමි ප්‍රමාණයෙන් 79.2% කි. ඉදිකිරීම් රහිත භූමිය හෙක්ටයාර 396 ක ප්‍රමාණයකින් සමන්විත වන අතර එය සමස්ත භූමි ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස 20.9% කි.


ඉදිකළ භූමිය නේවාසික, වාණිජ, ආයතනික, කාර්මික, ප්‍රවාහන, පොදු අවකාශයන්, සංස්කෘතික හා ඉදිකරමින් පවතින ලෙස ප්‍රධාන කොටස් 8ක් යටතේ ද ඉදි කිරීම් රහිත භූමිය කෘෂිකාර්මික, ජලය, වනාන්තර, තෙත්බිම්, වෙරළාශ්‍රිත ප්‍රදේශ හා හිස් ඉඩම් ලෙස නැවත උප කොටස් 6ක් යටතේ වර්ගීකරණය කර ඇත. ඉදි කිරීම් සහිත භූමිය නැවතත් උප කොටස් 30ක් යටතේ ගොනු කර ඇත. (අදාළ භූමි පරිභෝජනය පිළිබඳ වැඩිදුර තොරතුරු භූමි ප්‍රමාණය සමඟ මෙහි පහතින් ප්‍රස්ථාර ගත කර ඇත)


වාණිජ, කාර්මික හා ආයතනික කටයුතු සදහා පිළිවෙලින් හෙක්ටයාර 48.3 , 7.6 හා 107.5 ක් ලෙස වෙන් වී ඇති අතර සමස්ථ භූමියෙන් පිළිවෙලින් එය 2.5%, 0.4% හා 5.6% ලෙස වේ.

 
එක්සත් ජාතීන්ගේ ජනාවාස වැඩසටහනේ ගෝලීය නාගරික නිරීක්ෂණාගාරය මගින් පසුගිය වසරේ ප්‍රකාශයට පත් කරන ලද "Streets as Public Spaces and Drivers of Urban Prosperity" වාර්තාවට අනුව, මහජනයා සඳහා වෙන්වූ පොදු අවකාශ ගණයට හරිත උද්‍යාන පමණක් නොව තාර හෝ වෙනත් අයුරකින් නිර්මිත වීථි ද ඇතුළත් විය යුතු බව දක්වා තිබේ. ඒ අනුව සමස්ථ භූමියෙන් 40 - 50 ක ප්‍රතිශතයක් පොදු අවකාශයන් සඳහා විය වෙන් යුතු බවත්, එයින් 30 - 35 ත් අතර ප්‍රතිශතයක් වීදිවලට ද 15 - 20 ක් අතර ප්‍රතිශතයක් හරිත උද්‍යාන/ චතුරශ්‍ර සදහාද වෙන් විය යුතු බව ප්‍රකාශ කර ඇත.


යාපනය නාගරික සීමාව තුළ වීථි හා මහා මාර්ගයන් සදහා වෙන්වී ඇත්තේ 8% ක ප්‍රමාණයක් වන අතර පොදු අවකාශයන් සදහා සමස්ථ භූමියෙන් 2.8% ක ප්‍රමාණයක් වෙන්වී ඇත. "Streets as Public Spaces and Drivers of Urban Prosperity" වාර්තාවට අනුව 40-50 ත් අතර ප්‍රතිශතයක් විය යුතු යයි කියැවෙන ප්‍රමාණය යාපනය නගරය සලකූ විට වාර්තා වන්නේ 10.8% ක පමණ අගයකි.

 

දත්ත ගොනුව මෙතැනින් බාගත කරන්න

ඉදිකරන ලද භූමිය
SoSLC project
මුළු
ඉදිකරන ලද භූමිය
1514.34 (ha)
  • මහල් නිවාස (මහල් තුනකට වඩා වැඩි)
    • 1.10
    මහල් තුනක් හෝ ඊට අඩු නිවාස
    • 988.52
    පැල්පත් (වැඩි දියුණු කොට නීතිගත කිරීමට සුදුසු)
    • 2.45
  • ව්‍යාපාරික ස්ථාන
    • 58.49
    කාර්යාල
    • 15.05
    ව්‍යාපාරික හා නේවාසික මිශ්‍ර භාවිතය
    • 45.49
    බැංකු
    • 2.75
  • අධ්‍යාපනික
    • විශ්ව විද්‍යාලය 1.94
    • වෙනත් උසස් අධ්‍යාපන ආයතන 7.43
    • පාසල් 50.48
    සෞඛ්‍යය
    • රෝහල් 8.21
    • බෙහෙත් ශාලා 2.28
    රාජ්‍ය ආයතන
    • 34.17
  • කර්මාන්ත ශාලා
    • 7.59
  • බස්නැවතුම්
    • 1.16
    දුම්රිය නැවතුම්
    • 5.05
    වරාය
    • 1.56
    ගුවන්තොටුපල
    • 0.17
    රථ ගාල්
    • 5.98
    මහාමාර්ග
    • 154.01
  • උද්‍යාන / චතුරශ්‍ර
    • 16.84
    ක්‍රීඩා භූමි
    • 32.38
    සුසාන භූමි
    • 4.28
  • ආගමික
    • විහාර / සිද්ධස්ථාන 27.03
    • ක්‍රිස්තියානි පල්ලිය 16.87
    • මුස්ලිම් පල්ලිය 1.17
    පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු
    • 16.38
    • 5.51
ඉදි නොකරන ලද
SoSLC project
මුළු
ඉදි නොකරන ලද
396.26 (ha)
    • 64.71
    • 26.32
    • 1.89
    • 2.27
    • 3.28
    • 29.04
    • 268.75

කාලාන්තරයක් තිස්සේ නාගරික ව්‍යාප්තිය ක්‍රමානුකූලව වෙනස් වූයේ කෙසේද යන්න පිළිබද අදහසක් ලබා ගැනීමට මෙම සිතියම් අධ්‍යනය ඉතා යෝග්‍ය වේ. නාගරික / අර්ධ නාගරික හා ඉදි නොකළ ප්‍රදේශ යනුවෙන් කොටස් කර ඇති මෙම සිතියම වර්ෂ අතර සැසදීමෙන් නාගරික ව්‍යාප්තියේ ස්වරුපය හා නගරයේ අනාගතය උපනතීන් පිළිබඳ පුරෝකථනය කිරීමේ ඇති හැකියාව විශේෂ වේ.

 

සෑම නගරයකම වැඩි ඝනත්වයක් නගර මධ්‍යයේ සංකේන්ද්‍රණය වී ඇති බවත්, නාගරික ව්‍යාප්තිය සිදු වන රටාව අධ්‍යයනය කිරීමේ දී මාර්ග ඔස්සේ ඉදිකිරීම්වල ඝනත්වය වැඩි වෙමින් යන බව පැහැදිලි වේ. එහිදී ප්‍රධාන මාර්ග ඔස්සේ වේගවත් නාගරික ව්‍යාප්තියක් සිදුවන බවත් හඳුනාගත හැකිය.

 

නාගරික ව්‍යාප්ති විශ්ලේෂණය සඳහා ප්‍රදේශය තෝරා ගැනීමෙන් අනතුරුව මූලික අධ්‍යයන කිහිපයක් සිදු කළ යුතුය. මුලදී, දුරස්ථ සංවේදක තොරතුරු උපයෝගී කරගනිමින් හඳුනාගත් නාගරික දර්ශක අගයන් අදාළ නගර සභා ප්‍රදේශවල ආසන්න ප්‍රදේශයක් ඇතුළුව අධ්‍යයනය කරන ලදී.

 

නාගරික ව්‍යාප්ති විශ්ලේෂණය සඳහා ප්‍රදේශයක් තෝරා ගැනීමට පෙර එය පහත කරුණු සලකා බැලිය යුතුය
- නාගරික මායිම
- නාගරික මායිම වටා අවම වශයෙන් කිලෝමීටර් 2-3 ක ප්‍රදේශයක්
- භෞතික නාගරික ස්වභාවය හීනවෙමින් යන මායිම ආසන්න වශයෙන් ලකුණු කර ගැනීම

 

දුරස්ථ සංවේදක යොදාගනිමින් සිදුකරන සිතියම් අධ්‍යනයන්හිදී, 0 ට වඩා වැඩි අගයන් ඉදිකිරීම් සහිත ප්‍රදේශ නියෝජනය කරයි. නාගරික ව්‍යාප්තියේ ප්‍රමාණය මෙන්ම ඉහළ ඉදිකිරීම් ඝනවය ක්‍රමයෙන් හීන වෙමින් යන ප්‍රදේශය හදුනාගනිමින් මායිම පිළිඹඳ අදහසක් ලබා ගත හැකි වේ. හඳුනාගත් නාගරික දර්ශක අගයන් පවත්නා ගොඩනැගිලි ඝනත්වයට අනුකූල බව සහතික කිරීම සඳහා හඳුනාගත් සීමාවන් නවතම චන්ද්‍රිකා රූප මත ප්‍රක්ෂේපණය කරන ලදී.

 

මෙම දත්ත විශ්ලේෂණයට අදාලව අනුගමනය කළ පියවර සවිස්තරව දැන ගැනීම සඳහා පහත තොරතුරු බාගත කරගන්න.

 

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය

යාපනය නගරයේ නාගරික ව්‍යාප්තිය (1995 - 2017 කාල සීමාව තුළ වෙනස් වී ඇති ආකාරය )

 

උතුරු පළාතේ අගනගරය වන යාපනය පසුගිය දශක කිහිපය තුළ පැවති යුදමය වාතාවරණයෙන් අනතුරුව නාගරීකරණයේ විශේෂ වෙනස්කම් සිදුවූ නගරයක් ලෙස හදුනා ගත හැකිය. එහිදී නාගරික ව්‍යාප්තිය ක්‍රමිකව සිදුවූ අන්දම පිලිබඳ පැහැදිලි අදහසක් ලබා දීමට මෙම සිතියම් පෙළ මගින් උත්සාහ කර ඇත.

 

වසර ගණනාවක සිට නගර සීමාව තුළ සිදු වූ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විකාශනය හදුනා ගැනීමට ගොඩනැගිලි ඝනත්වය වැඩි හා අඩු ප්‍රදේශ ලෙස වෙන් වශයෙන් හඳුනාගෙන වර්ගීකරණයට ලක් කර ඇත.

 

දත්ත ගොනුව මෙතැනින් බාගත කරන්න

 

මේ සඳහා චන්ද්‍රිකා ඡායාරූප පරිශීලනය කරන ලද අතර එම සිතියම් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියේදී අනුගමනය කරනු ලැබූ පියවර පිළිබඳ විස්තරාත්මක තොරතුරු මෙම වෙබ් අඩවියෙහි බාගතකිරීම් පිටුවට පිවිස ලබා ගත හැකිය. ( ශ්‍රී ලංකාවේ නගරවල වර්තමාන තත්ත්වය පිලිබඳ වාර්තාව - 2017 හි ඇමුණුම් කොටස හා | තොරතුරු පද්ධති පුහුණු අත්පොතෙහි අවකාශීය දත්ත විශ්ලේෂණ අංශය )

 

 

1995 , 2001, 2012 හා 2017 කාලය තුළ වෙන් වශයෙන් යාපනය මහ නගරයේ සීමාවන්හි හා ඉන් ඔබ්බට නාගරික සීමාව විසිරී ඇති කලාපය තුළ අධි නාගරික, අර්ධ නාගරික, ඉදිකිරීම් රහිත හා ජලය යනාදී ලෙස අංශ හතරක් ඔස්සේ දත්ත ඉදිරිපත් කර ඇත. ඒ පිළිබඳ සංඛ්‍යාත්මක තොරතුරු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් ගණන ද ඇතුළත්ව පහතින් වැඩිදුර තොරතුරු ප්‍රස්ථාරගත කර ඇත.

 

 

මහා නගර සභා සීමාව තුළ භූමියෙන් 1995 වසරේ දී 14.4% ක ප්‍රතිශතයක් වූ අධි නාගරික කළාපය, 2001 වසරේදී 18.6% ක්, 2017 වසරේදී 29.8% ක් හා 2017 වසර වන විට 39.4%ක් දක්වා විකාශනය වී ඇත.

 

 

එයට සමගාමීව ඉදිකිරීම් රහිත ප්‍රදේශය 1995 දී පැවති 40.9%ක ප්‍රතිශතක අගය 2001වසරේ 33.9%ක් 2012 වසරේ 16.8%ක් හා 2017 වසර වන විට එය 3.8% දක්වා ක්‍රමිකව පහළ ගොස් ඉදිකිරීම් සහිත අධි හා අර්ධ නාගරික කළාපය කරා පරිවර්තනය වී ඇති බව නිගමනය කළ හැකි වේ.

 

 

2001 වසරේ ජන හා සංඛ්‍යාලේඛන සමීක්ෂණ වලට අනුව යාපනය නගරයේ නාගරික ජන සංඛ්‍යාව 80827 ක් වේ. එම වර්ෂයේ ඉදි කිරීම් සහිත භූමිය හෙක්ටයාර 1562 වේ. ගණනය කිරීම්වලට අනුව 2012 යාපනය නගරයේ ජන ඝනත්වය හෙක්ටයාරයකට මිනිසුන් 51.7 ලෙස හඳුනාගෙන තිබේ.

 

 

පුරෝකථනයන් ට අනුව 2017 වසරේ යාපනය නගරයේ නාගරික ජන සංඛ්‍යාව 94000 ක් වන අතර එම වර්ෂයේ ඉදි කිරීම් සහිත භූමිය හෙක්ටයාර 1811 වේ. ගණනය කිරීම්වලට අනුව 2017 වසරේ යාපනය නගරයේ ජන ඝනත්වය හෙක්ටයාරයකට මිනිසුන් 52 ලෙස හඳුනාගෙන තිබේ. ජනගහනය ක්‍රමිකව වර්ධනයක් දැකිය හැකි උවත් ජන ඝනත්වයේ පැහැදිළි වෙනසක් දක්නට නොලැබුණේ ඉදිකිරීම් සහිත භූමිය ඊට සාපේක්ෂව වර්ධනය වූ නිසා බව නිගමනය කළ හැකිය.

 

නාගරික ව්‍යාප්ති සංඛ්‍යාලේඛන
SoSLC project
යාපනය මහා නගර සභාව ( km 2 )
සමස්ත වර්ධන වේගය 1995 - 2017 4.8%
නාගරීකරණයේ වෙනස් වීම 1995 - 2017 5.01
නාගරීකරණය පිළිබඳ සලකා බලන මුළු ප්‍රදේශය 118.79
    • 1995
      • මුළු පරිපාලන ප්‍රදේශ සීමාව 19.12
      • නාගරික 2.76
      • අර්ධ නාගරික 8.27
      • ඉදිකිරීම් රහිත 7.82
      • ජලය 0.27
    • 2001
      • මුළු පරිපාලන ප්‍රදේශ සීමාව 19.12
      • නාගරික 3.56
      • අර්ධ නාගරික 8.81
      • ඉදිකිරීම් රහිත 6.48
      • ජලය 0.27
    • 2012
      • මුළු පරිපාලන ප්‍රදේශ සීමාව 19.1
      • නාගරික 5.7
      • අර්ධ නාගරික 9.92
      • ඉදිකිරීම් රහිත 3.21
      • ජලය 0.27
    • 2017
      • මුළු පරිපාලන ප්‍රදේශ සීමාව 19.11
      • නාගරික 7.53
      • අර්ධ නාගරික 10.58
      • ඉදිකිරීම් රහිත 0.73
      • ජලය 0.27
    • 1995
      • මුළු නගර සීමා ප්‍රදේශය 99.66
      • නාගරික 0.27
      • අර්ධ නාගරික 27.15
      • ඉදිකිරීම් රහිත 50.93
      • ජලය 21.31
    • 2001
      • මුළු නගර සීමා ප්‍රදේශය 99.68
      • නාගරික 0.35
      • අර්ධ නාගරික 31.47
      • ඉදිකිරීම් රහිත 46.55
      • ජලය 21.31
    • 2012
      • මුළු නගර සීමා ප්‍රදේශය 99.67
      • නාගරික 0.64
      • අර්ධ නාගරික 38.21
      • ඉදිකිරීම් රහිත 39.51
      • ජලය 21.31
    • 2017
      • මුළු නගර සීමා ප්‍රදේශය 99.68
      • නාගරික 0.98
      • අර්ධ නාගරික 40.79
      • ඉදිකිරීම් රහිත 36.6
      • ජලය 21.31