ජනගහනය
ජනගහනය
104,000
පරිපාලන ප්‍රදේශය
1,732.1 ha
ඝනත්වය
71 persons / ha

නගරයක් යනු විශාල මිනිස් ජනාවාසයකි. එහි වැදගත්ම ගාමක බලවේගය මිනිසාය. නගරයක සක්‍රීයත්වය පදනම් වන්නේ මිනිසා හා ඔහුගේ ක්‍රියාකාරීත්වය මතය. නගරයක් තුළ වෙසෙන ජනගහණයේ සංයුතීන් හා ඔවුන්ගේ විවිධාකාර හැකියාවන් පිළිබඳ පූර්ව අවබෝධයක් ලබා ගැනීම සාර්ථක නාගරික අධ්‍යයනයක මූලික පියවර විය යුතුය.

පවතින භෞතික සීමාව තුළ ජනවිකාශන හා සංයුතියේ රටා හඳුනා ගනිමින් සිදුකරන පුරෝකථනයන් තුළින් වඩා යහපත්ව ජීවත් විය හැකි සැලසුම්සහගත නගරයක් නිර්මාණය කරනු ඇත.

ජනගහනය හා වර්ධන වේගය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව / SoSLC

2017 වර්ෂය සඳහා SoSLC හි ජනගහන ඇස්තමේන්තු දත්ත සලකා බලයි

පුමිතිරි බව වයස් ව්‍යුහය අනුව බෙදීගොස් ඇති ආකාරය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ගාල්ල මහා නගර සභා සීමාව තුළ සමස්ත ජනගහනයෙන් 47.98%ක් පුරුෂයන්ද 52.02% ස්ත්‍රීන්ද වෙයි. වයස් අනුව මුළු ජනගහනය ප්‍රතිශතාත්මක ලෙස බෙදී ගොස් ඇත්තේ 15 ට අඩු ළමයින් 25.58% ලෙසත්, 15 - 29 අතර වයසේ පසුවන්නන් 23.16% ලෙසත්, 30-59ත් අතර වයසේ සිටින්නන් 37.94% ලෙස හා 60ට වැඩි මහලු ජනගහනය 13.31% ලෙසත් ය.

ජනවාර්ගිකත්වය අනුව භාෂා හැකියාවන් වෙනස්වී ඇති ආකාරය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ප්‍රදේශයේ, විවිධ භාෂා භාවිතා කරන ජන කොටස් අනුව, ඒ ඒ කාණ්ඩයේ භාෂා හැකියාවන් පිළිබඳව මෙම දත්ත පැහැදිලි කරයි.

ජනවාර්ගික පැතිකඩෙහි සංයුතිය - නාගරික ප්‍රදේශය,  දිස්ත්‍රික්කය හා පළාත අනුව

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ගාල්ල නගරයේ වෙසෙන ජනතාවගෙන් සියයට 70.5 ක් සිංහල, සියයට 28.2 ක් ශ්‍රී ලංකා මුවර්, සියයට 1.3 ද්‍රවිඩ හා අනෙකුත් ජන වාර්ගික කණ්ඩායම් වේ.

පුරුෂයන් 100කට සාපේක්ෂව වාර්තාගතව ඇති කාන්තාවන් සංඛ්‍යාව වයස් කාණ්ඩ වලට අනුව

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

මෙම දත්ත මගින් පුරුෂයින් 100 දෙනෙකුගේ අනුපාතයට ජනගහනයෙහි සාපේක්ෂ ස්ත්‍රීන් ප්‍රමාණය පැහැදිලි කෙරේ. වයස අවුරුදු 15 ට වැඩි පිරිසේ ස්ත්‍රීන් ප්‍රමාණය ඉහල අගයක් ගන්නා බව මේ මගින් පැහැදිලි වේ.

නගරය තුල වාසය කල වසර ගණන අනුව සංක්රමණිත ජනගහනය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

නාගරික ප්‍රදේශයේ වාර්තාගත කාන්තා සංක්‍රමණිකයින් පිරිමින්ට වඩා ඉහළ අගයක් ගනී. බහුතරයක් වසර දහයකට වැඩි කාලයක් ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ජන සංක්‍රමණයට හේතු

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

නගරයේ ජන සංක්‍රමණ සඳහා මූලික වශයෙන් හේතු වී ඇත්තේ විවාහ සහ රැකියා අවස්ථාවන් බව මෙම දත්ත අනුව පැහැදිලි වේ.

අධ්‍යාපනය

අධ්‍යාපනය, සමාජයක සංවර්ධනය පිළිබිඹු කරන ප්‍රධාන සාධකයකි. අධ්‍යාපනය පිළිබඳ දර්ශකයන් නාගරික සංවර්ධනය පිළිබඳ පුළුල් පැතිකඩක් දක්වමින් ඒ සදහා විශාල දායකත්වයක් සපයයි.


දිළිඳුකම පිටුදැකීම හා අධ්‍යාපනය අතර සෘජු සම්බන්ධතාවයක් ඇති අතර සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි අදාළ දත්ත හා දර්ශකයන් ඉතාම වැදගත් වේ. මන්ද යත්, මනා අධ්‍යාපනයක් තුළින් ඉහළ වැටුප් ලබන විධිමත් රැකියාවක් ලබාගැනීමටත්, අවිධිමටත් ආර්ථික කටයුතුවල යෙදෙන්නන් හට වඩා හොඳ ජීවනෝපායක් ලබා ගැනීමටත්, අවසානයේදී පරම්පරානුගතව පැවතගෙන එන දිළිඳු බවින් මිදීමටත් මංපෙත් සැලසීමත් ය.

දියුණු අධ්‍යාපන ආයතන වෙත යොමුවීම මගින් මහජනයා ස්වයං රැකියාවක නියුතු වුවද, නැතහොත් ශ්‍රම බලකායේ කොටසක් ලෙස කටයුතු කලද, යහපත් ආර්ථික ස්ථාවර තත්වයක් ලබා ගැනීම පහසු කරවයි. නගරයක ජනතාව ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික අධ්‍යාපනය මෙන්ම වෘත්තීය මධ්‍යස්ථාන හරහා නිපුණතා සංවර්ධනය කරගනු ලබන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීමෙන් එම නගරයේ සංවර්ධනය කෙතරම් යහපත් ලෙස සිදු වේද යන්න හෝ එහි තවදුරටත් සංවර්ධනය කළ යුතු කොටස් පිළිබඳ කරුණු අවබෝධ කරගත හැකිය.

ස්ත්‍රී පුරුෂ භාවය අනුව අධ්‍යාපන මට්ටම (වයස අවුරුදු 3 - 24 )

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

පාසල් අධ්‍යාපනය ලබනා ප්‍රතිශතයේ මෙන්ම, කිසිදු අධ්‍යාපන කටයුත්තය නියුතු නොවන ප්‍රතිශතයේ සැලකිය යුතු පරිමාණයක් ද මෙම දත්ත අනුව දැක්වේ.

ස්ත්‍රී පුරුෂ භාවය අනුව ඉහළම අධ්‍යාපන මට්ටම

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ද්විතික අධ්‍යාපනය සඳහා යොමු වන සිසු සිසුවියන් ප්‍රමාණය ඉහල අගයක් ගන්නා බව මෙම දත්ත අනුව පැහැදිලි වේ. අධ්‍යාපනය ලැබිය යුතු වයසේ පසු උනද කිසිදු අධ්‍යාපන කටයුත්තක යෙදී නොසිටින පිරිසේ ප්‍රතිශතයද ඉහල අගයක් ගනී.

පරිගණක සාක්ෂරතාව - (වයස අවුරුදු 10 සහ ඊට වැඩි ජනගහනය)

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ඒ ඒ වයස් කාණ්ඩ අනුව, නගරයේ ජනතාවගේ පරිගණක සාක්ෂරතාවය මෙම දත්ත අනුව දැක්වේ.

ප්‍රවාහනය

නගරයක වර්ධනය හැඩගැන්වීමේ ලා මහා මාර්ග හා ප්‍රවාහන සබඳතා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ඕනෑම නගරයකට පවතින ප්‍රවාහන සම්බන්ධතා හා අදාළ පහසුකම්, නගරයේ ස්වයංක්‍රීය වර්ධනය වේගවත් කරයි.
බස්රථ සහ දුම්රිය ප්‍රවාහනය , භාණ්ඩ ප්‍රවාහනය , ගුවන් තොටුපලවල් හා ප්‍රවාහන පද්ධති හා අදාළ සියලු කටයුතු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු එකම ගොනුවක පැවතීම මෙහිදී වඩා කාර්යක්ෂම වේ.

තිරසාර සංවර්ධන ඉලක්ක 11.2 අනුව, ආරක්ෂිත, සියලු දෙනා හටම දැරිය හැකි, පහසුවෙන් ලගාවිය හැකි හා තිරසාර ප්‍රවාහන පද්ධතියක් සඳහා මාර්ග ආරක්ෂාව, පොදු ප්‍රවාහනය , අවදානම් තත්ත්වයන් පිලිබඳ තොරතුරු මෙහි ඇතුලත් වේ. කාන්තාවන්ගේ, දරුවන්ගේ, ආබාධ සහිත පුද්ගලයින්ගේ සහ වැඩිහිටියන්ගේ අවශ්‍යතා සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් මෙම තොරතුරු සංවර්ධන ඉලක්ක වෙත ලගාවීමෙහි ලා භාවිතා කල හැක.

වාහන තදබදය (දිවා කාලයේ)

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

පෙරවරු 7ත්, 9ත් අතර කාලය, නගරයේ වැඩිම වාහන තදබදය වාර්තා වන කාල සීමාවයි. පාසල් හා සේවා ස්ථාන වෙත සිදුවන ප්‍රවාහන කටයුතු හේතුවෙන් උදෑසන 8 සිට පමණ වන විට වාහන තදබදයේ ඉහලම අගය වාර්තා වේ.

පෙ.ව. 06 සිට ප.ව. 06 දක්වා මහ නගර සභා සීමාවට ඇතුල්වන වාහනවල ප්‍රතිශතය

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

ගාල්ල මහා නගර සභා බලප්‍රදේශයට ඇතුළුවන වාහන වලින් වැඩිම ප්‍රතිශතය ලෙස ගැනෙන සියයට 66 ක් පමණ වාහන යතුරුපැදි /කාර් / වෑන් / ජීප් රථ වැනි පුද්ගලික වාහන වේ. මාර්ගයේ බස් රථ ධාවනය වන ප්‍රමාණය සියයට 4 ක් පමණ සුළු අගයක් වේ.

වාහන වර්ගය සහ මගීන් සංඛ්‍යාව - මාර්ගයේ එක් පසෙකට , පැය 24 ක් තුල

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

ප්‍රදේශයේ බොහෝ මගීන් පිරිසක්, බස්රථ භාවිතා කරමින් සිය ගමනාගමන පහසුකම් සලසා ගන්නා බව පැහැදිලි වේ. මාර්ගයේ පෞද්ගලික වාහන භාවිතය ද ඉහල අගයක් ගනී.

පොලිස් බල ප්‍රදේශ අනුව හදිසි අනතුරු සංඛ්‍යා ලේඛන (මාරාන්තික තුවාල ලැබූ සංඛ්‍යාව)

මූලාශ්‍රය - ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව

පසුගිය වසර කිහිපය අතර සිදුවූ මාරක රිය අනතුරු සංඛ්‍යාවේ වර්ධනයක් මෙම දත්ත අනුව වාර්තා වේ.

දුම්රිය මගීන් සංඛ්‍යාව

මූලාශ්‍රය - ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

වසර 2014 සිට 2016 වන විට වාර්ෂික දුම්රිය මගීන්ගේ තරමක ප්‍රමාණයට අඩු වීමක් සිදුවී ඇති බව දත්ත අනුව පැහැදිලි වේ.

නගරයට පිවිසෙන/ නගරයෙන් පිටව යන දුම්රිය මගීන් සංඛ්‍යාව

මූලාශ්‍රය - ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

මෙම දත්ත මගින් දුම්රියෙන් නගරයට පැමිණෙන මගීන් සහ, දුම්රිය මගින් නගරයෙන් පිටව යන මගීන් පිළිබඳව විස්තර කරයි.

පදික මාරුව භාවිතය

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

මෙම දත්ත නගරයේ, පදිකයින්ගේ චලනයන් විස්තර කර දක්වයි.

ආර්ථිකය

නගර, මෙරට ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන සාධකයක් වන අතර, ශ්‍රී ලංකාවේ නගරවල ආර්ථීක වෙනස්වීම් වල පැතිකඩ පිළිබඳ යතාර්ථවාදී චිත්‍රයක් ගොඩනැගීමට ඒ හා සමගාමී විශ්ලේෂණ තිබීම අතිශය වැදගත් වේ.

ලංකාවේ නගරවල ආර්ථික පසුබිම වටහා ගැනීමට නම් රටක් ලෙස එහි ඵලදායීතාව ගෝලීය වශයෙන් ඇති තරගකාරිත්වය සමඟ සැසදීම සිදුකළ යුතුමය.ඒ සඳහා මානව ප්‍රාග්ධනය හා සබැඳි ශුම බලකා සහභාගිත්වය පිළිබඳ අධ්‍යනයක් මෙන්ම නගර සංවර්ධනයේදී මුහුණදෙන ප්‍රධාන බාධාවන් වන ශ්‍රම වෙළෙඳ පොළේ අවාසි, ආර්ථික අවදානම වැනි තත්ත්වයන් තේරුම් ගැනීම පූර්වයෙන්ම කළ යුතුවේ.

මෙහි ඇති ආර්ථික විශ්ලේෂණ තුළින් ප්‍රාදේශීය වශයෙන් නාගරික සංවර්ධනයට හා නාගරික ජනාවාසවල දියුණුවට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වය හා එහි විභවතාවන් හඳුනාගැනීමටත් අදාළ  බලප්‍රදේශය තුළ ශ්‍රම බලකාය උපරිම වශයෙන් භාවිතා කරමින් කුසලතාවන්ට සරිලන ප්‍රදේශයට ආවේණික වෙළෙඳපොළක් හදුනා ගැනීමේ හැකියාවත් හිමිවේ.

නගර වල තරඟකාරීත්වයේ ඇස්තමේන්තුගත මිනුම් දර්ශකය (CCI)

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

කොළඹ, කුරුණෑගල සහ මහනුවර යන ස්ථානවල CCI හි පළමු, දෙවන හා තෙවන ස්ථාන ලෙස ගාල්ල දිස්ත්රික්කයෙන් 4 වන ස්ථානයට පත්ව ඇත.

ඇස්තෙම්න්තුගත ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය

මූලාශ්‍රය - ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව 2017

මෙම දත්ත අනුව ගාල්ල නගරයේ වාර්තාගත ඒක පුද්ගල දල දේශීය නිෂ්පාදිතයේ ඉහල යාමක් වාර්තා වේ.

නාගරික පාලනය

නාගරික ප්‍රදේශ සැලසුම් කිරීමේදී , මූල්‍ය සැලසුම්කරණය හා කළමනාකරණය කෙසේ සිදුකල යුතුද යන්න රජය (ප්‍රාදේශීය, කලාපීය හා ජාතික) සහ එහි පාර්ශවකරුවන් විසින් තීරණය කරනු ලබන ක්‍රියාවලිය නගර පරිපාලනය හා බැඳේ. එසේම මෙය,සමාජයීය, භෞතික සම්පත් හා දේශපාලන බලය නිසි තැනට නිසි ලෙස බෙදී යාම පිලිබඳ නිර්ණය කෙරෙනා අඛණ්ඩ ක්‍රියාවලියකි.
ශ්‍රී ලංකාවේ නාගරික පරිපාලනයේ මූල්‍ය ප්‍රත්‍යස්ථතාවය , සේවා ප්‍රතිපාදනය සහ ආර්ථික ගතිකත්වය කෙරෙහි මෙහිදීඅවධානය යොමු කරයි.

මෙහි ඇති තොරතුරු, පවතින ද්විතීක තොරතුරු, බිම් මට්ටමින් සිදුකරන ලද සමීක්ෂණ හා තොරතුරු රැස්කිරීම් මෙන්ම පාර්ශවකරුවන් හා සිදුකල විස්තරාත්මක සාකච්ඡා වෙත අනුගත වේ.

නාගරික කළමනාකරණය, රාජ්‍ය පරිපාලනය, නාගරික මුදල්, අයවැයකරණය සහ කළමනාකරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය, පුරවැසි සහභාගිත්වය සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ තොරතුරු ආදී වටිනා දත්ත සමුදායක් මෙහි අන්තර්ගත වේ.

නගර පරිපාලන දර්ශකය

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

නගරයේ තරඟකාරීත්වය පිළිබඳ දර්ශකය අනුව කොළඹ, කුරුණෑගල සහ මහනුවර යන නගර පිළිවෙලින් පළමු, දෙවන හා තෙවන ස්ථාන ලබා සිටින අතර,ගාල්ල නගරය මෙහි හතරවන ස්ථානයට පත්ව ඇත.

පලාත් පාලන ආයතන බෙදී යාම

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකාව, පළාත් පාලන ආයතන අනුව එහි ජනගහනය හා විශාලත්වය අනුව වර්ග තුනකට බෙදී ඇත. ඒ මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ලෙසයි. මාර්ග, සනීපාරක්ෂක කටයුතු, කානු, අපද්‍රව්‍ය එකතු කිරීම, නිවාස, පුස්තකාල, පොදු උද්‍යාන හා අනෙකුත් පහසුකම් ඇතුළු විවිධ සේවාවන් සැපයීම සඳහා ඔවුන් වගකිව යුතු ය. මෙම දත්ත මඟින් පලාත් පාලන ආයතනයන්හි බෙදී යාම දැක්වේ. දකුණු පළාතේ මහා නගර සභා තුනක් ද, නගර සභා හතරක් සහ ප්‍රාදේශීය සභා හතලිස් දෙකක් ඇතුළත් වේ.

නිවාස

ශ්‍රී ලංකාවේ මුල්කාලීන නාගරික ජනාවාස උරුමය - ඉතිහාසය, රටාවන්, ඉඩම් භාවිතය සහ නිවාස වැනි ප්‍රවණතා සහ ඒ සමඟ ඇතිවන සංවර්ධන අභියෝගයන් මෙහි සලකා තිබේ.

නිවාස අවශ්‍යතා , යටිතල පහසුකම් හා සංවර්ධන සඳහා වන වියදම්, මූලික අවශ්‍යතා සපුරාලීම මුල්කරගත් නාගරික සැලසුම්කරණය, නාගරික ඉඩම් පරිහරණය සහ ඉඩම් සංවර්ධනය පිළිබඳ තොරතුරු ඇතුලත් තොරතුරු සමුදායක් මෙම අංශය මගින් ගොනුකොට තිබේ . මෙහි SDG 11.1 ට අදාළ දර්ශක ද භාවිතා කර ඇත. සමාජ ආරක්ෂණ වැඩසටහන් සහ සෞඛ්‍ය, ජලය සහ සනීපාරක්ෂක සේවාවන්ගේ ජනගහනය මෙ මගින් ආවරණය වේ. SDG ඉලක්ක 11.7 වෙත ද අවධානය යොමු කරනු ලැබේ.

නිවාස ඒකක වර්ග

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ගාල්ල මහා නගර සභාවේ නිවාසවල තත්වය පිළිබඳ මෙහි දත්ත මගින් පෙන්වා දේ. නිවාසවල බහුතරයක් (සියයට 93.5 ක් පමණ) තනි තට්ටුවේ හා තට්ටු දෙකේ නිවාස ලෙස දැක්වේ.

නිවාස වර්ග

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

මෙම දත්ත වලට අනුව, ගාල්ල මහා නගර සභාවේ, 2012 වසරේදී පැවති නිවාස වලින් සියයට 93.2 ක් ස්ථාවර බව පෙන්වා දෙයි

නාගරික සේවා

නගර වැසියන්ගේ යහපත් ජීවන තත්වය සහතික කිරීම නාගරික සේවාවන්ගෙන් යුතු විය යුතු මුලික කාර්ය භාරයයි

නාගරික මධ්‍යස්ථාන ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට ඉවහල් වන ප්‍රධාන සේවාවන් සපයයි. වාහන ලියාපදිංචි කිරීමේ සේවා, සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම වෙත ප්‍රවේශය සහ අතිරේක සේවාවන් රාශියක් වැනි ප්‍රධාන රාජ්‍ය පරිපාලන කාර්යයන් නගර විසින් සපයනු ලැබේ.

නාගරික මධ්‍යස්ථාන පදිංචිකරුවන්ට සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා සපයයි: ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සහ අධ්‍යාපනයක් සඳහා සමාන ප්‍රවේශයක් ලබා දීම. සමාජ විනෝදාත්මක ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැලසීම සහ පුස්තකාල, ප්‍රජා මධ්‍යස්ථාන සහ ක්‍රීඩා පහසුකම් වැනි ප්‍රජා සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා සේවාවන් ද ඒවාට ඇතුළත් ය. සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහා වඩාත් යහපත් අනාගතයක් සුරක්ෂිත කිරීම සඳහා ගුණාත්මක සේවා සහතික කිරීම තීරණාත්මක අංගයකි.

යටිතල පහසුකම්

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ගාල්ල මහා නගර සභා ප්‍රදේශයේ විදුලිබල හා ජල සැපයුම ඇතුළු සේවා සැපයුම යහපත් මට්ටමක පවතී.

ඝන අපද්‍රවය එකතු කිරීම හා බැහැර කිරීම (දිනකට)

මූලාශ්‍රය - JICA

නගරයේ එක්රැස්වන අපද්‍රව්‍ය ප්‍රමාණයෙන් සියයට 24.8 ක පමණ ප්‍රමාණයක මහා නගර සභාවේ කසල එක්රැස් කිරීම සිදු නොකරන අතර, මෙම ගෘහස්තයන්ගේ කසල, ගිනි තැබීම, වළ දැමීම වැනි ක්‍රමෝපායන් මගින් බැහැර කිරීම සිදු කරනු ලබයි.

පාරිසරික

නගරය සියල්ලන් සදහාම ජීවත් විය හැකි පරිදි සුදුසු පරිසරයකින් සමන්විත විය යුතුය. වායු දුෂණය සහ ජලයේ ගුණාත්මක භාවය, පරිසරයේ පැවැත්ම හා සුරක්ෂිත භාවය මෙන්ම සෞන්දර්යාත්මක හා ඓතිහාසික කරුණු පිළිබඳවද මෙහිදී පැහැදිලි අදහසක් ලබාගැනීම වැදගත් වේ.
ආපදා අවදානම මෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ අවදානය, නුතනයේ පාරිසරික සාදක හා සබැඳි තවත් වැදගත් අංගයකි. නගර තුල ඉඩම් පරිහරණ සැලසුම් කිරීමේදී මෙවන් පාරිසරික තත්වයන් හා සාධක ප්‍රමුඛ ස්ථානයක ලා සැලකිය යුතුය.

ගංවතුර පිළිබඳ දත්ත

දේශගුණික ආපදා අවදානමට නිරාවරණය (1974-2017)

මූලාශ්‍රය - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

1974 වර්ෂයේ සිට 2017 වසර දක්වා, ප්‍රදේශයට බොහෝ හානි සිදුව ඇත්තේ ගංවතුර තත්වයන් හේතුවෙන් බව පැහැදිලි වේ. නාය යෑම හේතුවෙන් ද පුද්ගල මරණ ඇතුළුව අපදා වාර්තා වී තිබේ.

රථවාහන හේතුවෙන් සිදුවන වායු දූෂණය

මූලාශ්‍රය - ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

නගරයේ ඇති දූෂිත වායු පිළිබඳ මෙම දත්ත විස්තර කරයි. නිර්දේශිත සල්ෆර් ඩයොක්සයිඩ් (SO2) සහ නයිට්‍රජන් ඩයොක්සයිඩ් (NO2) මට්ටම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව වේ.

තේමා සිතියම්

 

 

ගාල්ල නාගරික බල ප්‍රදේශය:

හෙක්ටයාර 1732කින් යුතු ගාල්ල මහා නගර සභා සීමාව මෙයින් දැක්වේ.(මූලාශ්‍රය_නාගරික සංවර්ධන අධිකාරිය)

 සිතියම මෙතැනින් බාගත කරගන්න                                                               දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 

 

ගාල්ල මහ නගර සභා පරිපාලන සීමාවට අයත් ග්‍රාම නිලධාරි වසම්හි ව්‍යාප්තිය පිළිබඳ සිතියම:

ගාල්ල මහා නගර සභාවට ග්‍රාම නිලධාරි වසම් 32 ඇතුළත් වන අතර ඒවායෙහි සිටින ජනතාවගේ ස්ත්‍රී පුරුෂ බව /වාර්ගිකත්වය / වයස් සංයුතිය පිළිබඳ තොරතුරු වැඩිදුරටත් මෙහි අඩංගු වී ඇත.(මූලාශ්‍රය_ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව)

සිතියම මෙතැනින් බාගත කරගන්න                                                              දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 

 

ගාල්ල මහා නගර සභා සීමාව තුළ පවතින මාර්ග ජාලයේ ව්‍යාප්තිය:

ඉදිකර ඇති ද්‍රව්‍ය (කාපට්, කොන්ක්‍රීට්, සිමෙන්ති ගල් ,බොරළු) අනුව මාර්ගයන් වර්ගීකරණය කර ඇත.(දත්ත මූලාශ්‍රය_ගාල්ල මහ නගර සභාව)

 සිතියම මෙතැනින් බාගත කරගන්න                                                             දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 


ගාල්ල මහා නගර සභා සීමාව අයත් ගොඩනැගිලි ව්‍යාප්තිය භාවිතයන් අනුව වර්ග කිරීම:

එම භාවිතයන් නේවාසික, වානිජ, කාර්මික, රාජ්‍ය හා අර්ධ රාජ්‍ය , ක්‍රීඩා හා විනෝද කටයුතු, උද්‍යාන, සංචාරක, ප්‍රවාහන හා ගමනාගමන, නාගරික හිස් ගොඩනැගිලි යනාදිය වේ. තවදුරටත් එය ගොඩනැගිල්ලේ ස්වභාවය නෛතික හිමිකාරත්වය මත වර්ග කර ඇත. (දත්ත මූලාශ්‍රය_ගාල්ල මහ නගර සභාව)

සිතියම මෙතැනින් බාගත කරගන්න                                                                    දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 

ඉහත තොරතුරු හා සබැඳි නිර්මාණය කරනු ලැබූ සිතියම් හා දත්ත ස්ථරයන් (data layers) සියල්ල එකවර බාගත කරගැනීමට පහතින් අවස්ථාව සපයා ඇත (Download HD Map හා Download Spatial Data යටතේ).

සිතියමේ විස්තර
Print
SoSLC project, GMC
SoSLC project, GMC
සිතියමේ විස්තර
සිතියම් සුචිය

 

සීමිත සම්පතක් වන භූමිය නිසි ලෙස කළමනාකරණය කිරීම තුළින් ප්‍රතිලාභ රැසක් අත්කර ගත හැකිය. නාගරික කලාපයන්ට එය අතිශයින් වැදගත් වන්නකි.

 

ශ්‍රී ලංකාවේ ප්‍රධාන නාගරික කලාපයන්හි පවතින භූමිය දැනට කුමන කටයුත්තක් සඳහා වෙන්ව තිබේ දැයි සොයා බැලීම කාලෝචිත වටිනාකමක් සහිතය. එමෙන්ම වඩා හොඳ සැලසුම් සහගත නගරයක් සෑදීමේදී ඉදිරි දැක්මක් සහිතව එය සිදුකිරීම සඳහා ද භූමි පරිභෝජනය පිළිබඳ මනා අවබෝධයක් තිබීම අනිවාර්ය වේ.

 

ඉදිකිරීම් සහිත හා ඉදිකිරීම් රහිත ලෙස ප්‍රධාන ආකාර දෙකක් යටතේ උප කොටස් 36ක් වන ලෙස වර්ග කර භූමි පරිභෝජන සිතියම් සකසා ඇති අතර එම භූමියට අයත් වන්නා වූ භූමි ප්‍රමාණයන්ගේ වපසරිය වැඩිදුරටත් දක්වා ඇත.

සිතියමේ විස්තර
Print
SoSLC project
SoSLC project
සිතියමේ විස්තර
සිතියම් සුචිය

හෙක්ටයාර 1732 ක් පුරා පැතිරී ඇති ගාල්ල මහ නගර සභාවට ග්‍රාම නිලධාරී වසම් xx ක් පමණ ඇතුළත් වේ. (නගර තොරතුරු යටතේ වන තේමා සිතියම්හි එය විස්තරාත්මකව දක්වා ඇත)

දකුණු පළාතේ ප්‍රධාන නගරය ලෙස හඳුන්වන ගාල්ල මහ නගර සභා සීමාව තුළ ඉදිකිරීම් සහිත භූමිය හෙක්ටයාර 1399 ක අගයක් ගන්නා අතර එය සමස්ත භූමි ප්‍රමාණයෙන් 80.8% කි. ඉදිකිරීම් රහිත භූමිය හෙක්ටයාර 332.3 ක ප්‍රමාණයකින් සමන්විත වන අතර එය සමස්ත භූමි ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස 19.2% කි.


ඉදිකළ භූමිය නේවාසික, වාණිජ, ආයතනික, කාර්මික, ප්‍රවාහන, පොදු අවකාශයන්, සංස්කෘතික හා ඉදිකරමින් පවතින ලෙස ප්‍රධාන කොටස් 8ක් යටතේ ද ඉදි කිරීම් රහිත භූමිය කෘෂිකාර්මික, ජලය, වනාන්තර, සංරක්ෂිත, වගුරු බිම් , වෙරළබඩ ප්‍රදේශය හා හිස් ඉඩම් ලෙස නැවත උප කොටස් 7ක් යටතේ වර්ගීකරණය කර ඇත. ඉදි කිරීම් සහිත භූමිය නැවතත් උප කොටස් 30ක් යටතේ ගොනු කර ඇත. (අදාළ භූමි පරිභෝජනය පිළිබඳ වැඩිදුර තොරතුරු භූමි ප්‍රමාණය සමඟ මෙහි පහතින් ප්‍රස්ථාර ගත කර ඇත)

නේවාසික භාවිතය සඳහා සමස්ත නාගරික භූමියෙන් xx % ක් වන අතර එය හෙක්ටයාර xxx කි.
වාණිජ, කාර්මික හා ආයතනික කටයුතු සදහා පිළිවෙලින් හෙක්ටයාර xx , xx හා xx ක් ලෙස වෙන් වී ඇති අතර සමස්ථ භූමියෙන් පිළිවෙලින් එය xx %, xx % හා xx % ලෙස වේ.

 

එක්සත් ජාතීන්ගේ ජනාවාස වැඩසටහනේ ගෝලීය නාගරික නිරීක්ෂණාගාරය මගින් පසුගිය වසරේ ප්‍රකාශයට පත් කරන ලද "Streets as Public Spaces and Drivers of Urban Prosperity" වාර්තාවට අනුව, මහජනයා සඳහා වෙන්වූ පොදු අවකාශ ගණයට හරිත උද්‍යාන පමණක් නොව තාර හෝ වෙනත් අයුරකින් නිර්මිත වීථි ද ඇතුළත් විය යුතු බව දක්වා තිබේ. ඒ අනුව සමස්ථ භූමියෙන් 40 - 50 ක ප්‍රතිශතයක් පොදු අවකාශයන් සඳහා විය වෙන් යුතු බවත්, එයින් 30 - 35 ත් අතර ප්‍රතිශතයක් වීදිවලට ද 15 - 20 ක් අතර ප්‍රතිශතයක් හරිත උද්‍යාන/ චතුරශ්‍ර සදහාද වෙන් විය යුතු බව ප්‍රකාශ කර ඇත.

මහනුවර නාගරික සීමාව තුළ වීථි හා මහා මාර්ගයන් සදහා වෙන්වී ඇත්තේ xx % ක ප්‍රමාණයක් වන අතර පොදු අවකාශයන් සදහා සමස්ථ භූමියෙන් xx % ක ප්‍රමාණයක් වෙන්වී ඇත. "Streets as Public Spaces and Drivers of Urban Prosperity" වාර්තාවට අනුව 40-50 ත් අතර ප්‍රතිශතයක් විය යුතු යයි කියැවෙන ප්‍රමාණය යාපනය නගරය සලකූ විට වාර්තා වන්නේ xx % ක පමණ අගයකි.

ඉදිකරන ලද භූමිය
SoSLC project
මුළු
ඉදිකරන ලද භූමිය
1399.82 (ha)
  • මහල් නිවාස (මහල් තුනකට වඩා වැඩි)
    • 2.71
    මහල් තුනක් හෝ ඊට අඩු නිවාස
    • 972.38
    පැල්පත් (වැඩි දියුණු කොට නීතිගත කිරීමට සුදුසු)
    • 0.23
  • ව්‍යාපාරික ස්ථාන
    • 96.16
    ව්‍යාපාරික හා නේවාසික මිශ්‍ර භාවිතය
    • 0.41
    බැංකු
    • 0.41
  • අධ්‍යාපනික
    • වෙනත් උසස් අධ්‍යාපන ආයතන 17.42
    • පාසල් 35.01
    සෞඛ්‍යය
    • රෝහල් 3.03
    • බෙහෙත් ශාලා 5.68
    රාජ්‍ය ආයතන
    • 70.78
  • කර්මාන්ත ශාලා
    • 17.6
    ඉඩම් ගොඩ කිරීම්
    • 2.37
  • බස්නැවතුම්
    • 1.19
    දුම්රිය නැවතුම්
    • 6.6
    රථ ගාල්
    • 1.05
    මහාමාර්ග
    • 26.39
    රේල් පාර
    • 57.48
  • උද්‍යාන / චතුරශ්‍ර
    • 13.40
    ක්‍රීඩා භූමි
    • 12.75
    සුසාන භූමි
    • 4.82
  • ආගමික
    • විහාර / සිද්ධස්ථාන 34.45
    • ක්‍රිස්තියානි පල්ලිය 1.56
    • මුස්ලිම් පල්ලිය 5.97
    පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු
    • 4.48
    • 5.49
ඉදි නොකරන ලද
SoSLC project
මුළු
ඉදි නොකරන ලද
332.28 (ha)
    • 42.90
    • 36.56
    • 20.36
    • 1.38
    • 27.76
    • 33.12
    • 19.79
    • 150.41

 

දශක කිහිපයක් තුළ නාගරික පරිසරයෙහි ඉදිකිරීම් ක්ෂේත්‍රය වෙනස් වී ඇති අන්දම අධ්‍යයන තුළින් වර්තමාන සංවර්ධනයේ උපනතීන් පිළිබද සුවිශේෂී වූ නිගමනයන් කරා එළඹීමටත් අනාගත සංවර්ධනයේ දිශානතිය පිළිබඳ පුරෝකතනය කිරීමටත් අවස්ථාව හිමිවෙයි.

 

අදාළ වර්ෂයන්හි චන්ද්‍රිකා ඡායාරූප යොදාගනිමින් පුළුල් ලෙස කරන ලද වර්ගීකරණයක් වූ මෙම නාගරික ව්‍යාප්ති අධ්‍යනය වසර ගණනාවක නගරයේ සමස්ථ විකාශනය සරලව ග්‍රාහකයා වෙත සම්ප්‍රේෂණය කිරීමට දරූ උත්සාහයක සාර්ථක ප්‍රතිඵලයකි.

 

 

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය
නාගරික ව්‍යාප්ති සංඛ්‍යාලේඛන
ගාල්ල මහා නගර සභාව ( km 2 )
සමස්ත වර්ධන වේගය 1995 - 2017 6.79%
නාගරීකරණයේ වෙනස් වීම 1995 - 2017 13.37
නාගරීකරණය පිළිබඳ සලකා බලන මුළු ප්‍රදේශය 200.5
    • 1995
      • මුළු පරිපාලන ප්‍රදේශ සීමාව 17.33
      • නාගරික 2.7
      • අර්ධ නාගරික 4.83
      • ඉදිකිරීම් රහිත 9.13
      • ජලය 0.67
    • 2001
      • මුළු පරිපාලන ප්‍රදේශ සීමාව 17.33
      • නාගරික 3.43
      • අර්ධ නාගරික 5.63
      • ඉදිකිරීම් රහිත 7.6
      • ජලය 0.67
    • 2012
      • මුළු පරිපාලන ප්‍රදේශ සීමාව 17.33
      • නාගරික 5.61
      • අර්ධ නාගරික 6.6
      • ඉදිකිරීම් රහිත 4.45
      • ජලය 0.67
    • 2017
      • මුළු පරිපාලන ප්‍රදේශ සීමාව 17.33
      • නාගරික 7.59
      • අර්ධ නාගරික 7.05
      • ඉදිකිරීම් රහිත 2.02
      • ජලය 0.67
    • 1995
      • මුළු නගර සීමා ප්‍රදේශය 202.01
      • නාගරික 4.12
      • අර්ධ නාගරික 19.75
      • ඉදිකිරීම් රහිත 119.93
      • ජලය 58.21
    • 2001
      • මුළු නගර සීමා ප්‍රදේශය 183.17
      • නාගරික 5.86
      • අර්ධ නාගරික 29.97
      • ඉදිකිරීම් රහිත 89.22
      • ජලය 58.12
    • 2012
      • මුළු නගර සීමා ප්‍රදේශය 183.18
      • නාගරික 12.62
      • අර්ධ නාගරික 47.89
      • ඉදිකිරීම් රහිත 64.53
      • ජලය 58.14
    • 2017
      • මුළු නගර සීමා ප්‍රදේශය 183.17
      • නාගරික 21.32
      • අර්ධ නාගරික 59.07
      • ඉදිකිරීම් රහිත 44.8
      • ජලය 57.98